![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeCjqwEGUICyYg7W7PxZq2NBcC-CGtx5Pjlg0Is1o8883UN-eRnaWkxjBoyVn5CobFZTXScBoHnA8Hy0lhsshckPSuhDoWhcD8Y0Cl1HS3swxFijl1fxgDS6sV6NrImFKJl_Ajd-yQQto/s1600/photo.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBUh_dO11_KRDXrae-_0ZveMmeXWOcLI2sVtLYrbn9SJutwffEkeQ9fenl8t9M1DJ0XY1YMq81jM-4tPtbBH54THUVWnE_P0-e-S49DjxNIPxk37wVOB710jwwOYHczruZIFarUOKXfP0/s1600/coollogo_com-241444764.png)
ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට සේරම හොදින් නේද?මන් අද දෙන්න හදන්නේ පොස්ට් එකක් නම් නෙමේ මන් අද කියන්න යන්නේ විශේෂ පණිවිඩයක් මොකක්ද දන්නවද ඒ? ඒ තමයි RLTechZone.lk ඇඩ්මින් කෙනෙක් අද නිර්නාමිකදෙන පුද්ගලයෙක් ලෙස දිවුරුම් දුන්න එක ගැන අපි වගේම ඔයාලටත් දැන ගන්න කියන්නයි . .ඔහු නිර්නාමිකයෙක් වීමට හේතු වූ දේවලුත් එක්කම ඔහුමේ කතාව පටන් ගන්නවා කියවල බලන්නකෝ . .
මේ ලගදී මට අදුරන්නේ නැති පිටරට නම්බර් එකකින් මිස් කෝල් එකක් ඇවිත් තිබුනා . .ඉතින් මන් ආපහු කෝල් එකක් නම් ගත්තේ නැ මොකද මන් ඉතින් වටේ ඉන්න කොල්ලන්ව බයිට් එකට ගන්නවනේ එක නිසා නාදුනන නම්බර් වලින් මිස් කෝල් ගැහුවට ආපහු ගන්නේ නැ . .ඊට පස්සේ ටික දවසක් යද්දී ආපහු අර නම්බර් එකෙන් කෝල් එකක් ආවා. . මාත් ඉතින් ඉස්සුවා . .හැබැයි කටහඩ නම් ගැහැණු කට හඩක් ..ලේසියෙන් මට ගැහැණු ළමයි නම් කතා කරන්නේ නැ ඒක නිසා මාත් ඉතින් දන්නේ නැද්ද කතා කළා . .කෝල් එක ඉස්සුවට පස්සේ මෙයා කියනවා අහ් ජිල්මාර්ට්ස් මල්ලි කොහොමද ඉතින් ඔයාට කියලා . . එයා මට මල්ලි කිවුව නිසා මම කිවුවා අනේ අක්කේ එහෙම කෙනෙක් නම් මන් අදුරන්නේ නැ ඔයාට වැරදිලා වෙන්න ඇති කියලා . . එයා ඊට පස්සේ කියනවා එහෙම වෙන්න බැනේ මම එයාගේ නම්බර් එක ගත්තේ එයාගෙම මුහුණු පොතෙන්නේ(facebook) කියලා . .ඊට පස්සේ මම ඇහුවා ඔයා ඔය කියන ජ්ල්මාර්ට්ස් මල්ලිගේ නම මොකක්ද කියලා . . එයා ඊට පස්සේ කියනවා අනේ පැටියෝ එයාගේ නම මතක නැති නිසා තමා ජිල්මාර්ට්ස් මල්ලි කියලා කිවුවේ කියලා . .ඊට පස්සේ ඉතින් දන්නවනේ මන් ඉතින් ගොන් ටෝක් එකක් දාලා කෝල් එක කට් කළා . .
ඊට පස්සේ මට මුහුණු පොතෙන් මට පණිවිඩයක් දාලා තිබ්බා හායි පැටියෝ කොහොමද කියලා . . .මටත් ඉතින් ලේසියෙන් අදුරන්නේ නැති කෙල්ලෝ මට පණිවිඩ එවන්නේ නැ නේ එක නිසා . . . මාත් ඉතින් reply එකක් යැවුවා ‘මම නම් හොදින්,ඔයා මාව අදුරනවද කියලා’ ඊට පස්සේ reply එකක් ආවා ‘ඔව් පැටියෝ මම අර ඔයාට කෝල් කරපු අක්කා කියලා’ ඊට පස්සේ ඉතින් පැයක වගේ වෙලාවක් මුහුණු පොතෙන් චැට් එකක් දැම්මා . ඊට පස්සේ ඉතින් එයාගේ විස්තරයි මගේ විස්තරයි අපි දෙන්නා අතර හුවමාරු කරගත්තා . .ඔහොම චැට් කර කර ඉද්දි එයා මට කිවුවා ‘මල්ලියෝ මන් ඔයාට ජිල්මාර්ට්ස් මල්ලි කිවුවට කමක් නැද්ද කියලා’මන් කිවුවා අපෝ කමක් නැ කියලා . .
මටත් ඕනේ වෙලා තිබ්බේ ඔයවගේ නමක් මොකද මාත් දැන් නිර්නාමික පුද්ගලයෙක් (Anonymous Person)කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතුවා . .මොකද අපේ බ්ලොග් එකේ ඇඩ්මින් දෙන්නෙක් ඉන්නවා . පොස්ට් ලියන ටික දෙනෙකුත් , ප්‍රචාරක කට්ටියකුත් ඉන්නවා හැබැයි එක ඇඩ්මින් කෙනෙක් නිර්නාමික වෙලා ඉවරයි . . එක නිසා මාත් අද ඉදන් නිර්නාමික වෙනවා . . .මින් ඉදිරියට කිසිම අවස්ථාවකදීවත් නිර්නාමික තත්වයෙන් බැහැර වෙන්නේ නැ කියන පොරොන්දුවත් ඔයාලා මත තියලා . .
ඉතින් යාලුවනේ අද ඉදන් මට මගේ නම නැතුව ජිල්මාර්ට්ස් මල්ලි කියලා කතා කරනවානම් හොදයි යාලුවනේ . .එහෙනම් ඉතින් අද ඉදන් වෙනදට පොස්ට් ලිවුව කෙනෙක් අඩු වෙලා තව කෙනෙක් එකතු වෙනවා . ඒ තමයි ජිල්මාර්ට්ස් මල්ලි . .එහෙනම් යාලුවනේ ඔයාලට වගේම ජිල්මාර්ට් මල්ලිටත් ජය වේවා ! හෙට ඉදන් ඔයාලට අලුත් පොස්ට් ගේන්නෙ ජිල්මාර්ට් මල්ලි . . .ඔන්න ඔහොම තමයි ලංකාවේ සයිබර් අවකාශයට තවත් නිර්නාමිකයෙකු බිහිවෙන්නේ !!!!!!!!!!!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEEGNm-xetM9lM-JrgwLB0Lg_zB3fpxEkI7C70QuAH7GPkqJHC0qQKdYeAUwutc_92EXMm3a_5TtM6NeNkoyKwG-UuAPGq-afl8XS1WncBt-9TKIohoi5hp_Kt4Ov8qc1Z-wEQOtepSNU/s1600/coollogo_com-23312333.png)
No comments:
Post a Comment