Showing posts with label Blogger Lesson. Show all posts
Showing posts with label Blogger Lesson. Show all posts

Thursday, November 20, 2014

How To Create Blogger A-Z [ බ්ලොග් පාඩම - 04 කොටස පොස්ට් එකේ post setting panel එක පාවිච්චි කරන අන්දම - 2 පරිච්චේදය ]


හොඳයි යාලුවනේ ඔන්න අද මන් සිංහල බ්ලොග් පාඩම් මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. මේ පාඩම් මාලාව ගොඩක් අය කියවන නිසා මන් දිගටම බ්ලොග් කරණය පිළිබඳව සියලුම දේවල් ඔයාලට කියල දෙන්න හිතුවා . .. මේ සතිය නම් ගොඩක් කාර්යබහුල උනා. .මේ ටිකේ විභාගයක් තිබ්බා  . .එකයි හොදයි දැන් අපි යමු පාඩමට . . ගියවර කොටසින් අපි බ්ලොග් පොස්ට් එකේ තිබෙන panel පාවිච්චි කරන අවස්ථා පිලිබදව  කතා කලා. අද අපි කතා කරමු බ්ලොග් පෝස්ට් එකක් ලියන කොට දකුණු පසින් තියන Post Settings panel එක ගැන. . 




ඔයාලත් දැන් දකින්න ඇති දැන් Post Settings panel එක කියන්නෙ මොකක්ද කියල. . .  අපි දැන් මේ එකින් එක කතා කරමු. . . 

Labels
මුලින්ම ඔයාලට පේන්නෙ Labels කියන Option එක නේද?. . එය click කරාම ඔයාලට පේන්නෙ මෙන්න මේ ආකාරයට.  .ඔයාලගේ නම් ඔච්චර ඒවා පෙන්නේ නැ මොකද ඔයාලගේ බ්ලොග් එක අලුත් නේ . . .


මුලින්ම මන් කියන්නම් මේකෙන් වෙන දේ ගැන.  .Labels කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් වෙන් වන Category කිව්වොත් නිවැරදියි. ඔයාල ලියන්නෙ තාක්ෂණික බ්ලොග් එකක්නම් එහි අනු කොටස් තියෙන්න පුලුවන්නෙ. අන්න ඒව බෙදන්නෙ මෙතනින්. . උඩ තියන Text Area එකේ ඔයාලට මේ අනු කොටස් type කරල Enter කරන්න පුලුවන්. කලින් හදපු අනු කොටස් තමා යට නිල් පැහැ අකුරු වලින් දිස්වන්නෙ. ඔයාලගෙ පෝස්ට් එකකට කලින් හදපු label එකක් යොදන්න ඕනෙනම් මේ නිල් පැහැ වචන වලින් ඒක තෝරල click කරාම Add කරගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනෙ එක පෝස්ට් එකකට label එකකට වඩා යොදන්න පුලුවන්. ඒව වෙන් කරන්න ඕනෙ Coma වලින්. .
උදාහරණයක් ලෙස ගත් විට මන් බ්ලොග් පෝස්ට් එකක් ලියනව Software එකක් ගැන. එවිට මට යොදාගන්න පුලුවන් "Software" කියන Label එක. නමුත් මට තව Label එකක් හෙවත් කාණ්ඩයකට මේ පෝස්ට් එක ඇතුලත් කරගන්න ඕනෙ කියල හිතමුකො. එවිට මේ ආකාරයට මට එය යොදා ගන්න පුලුවන්.
Label එකක් යොදල පහල Done Button එක Click කරාම එය නිවැරදිව ඔයාලට පෝස්ට් එකකට Add කරගන්න පුළුවන්. 

ඔයාල Dashboard එකේ All Post වලදින් ඔයාලට පහත ආකාරයට මේ label බලා ගන්න පුළුවන්. බයවෙන්න එපා අපි Dashboard එකේ සියලු දේ ඉදිරියෙදි කතා කරමු එතකන් මේක හිතට ගන්නකෝ ..


Schedule
ඊලඟට ඔයාලට දැක ගන්න පුලුවන් Schedule කියන Option එක. මෙයින් වෙන්නෙ ඔයාල ලියන පෝස්ට් එකක් ඔයාලට අවශ්‍ය වේලාවට Publish කිරීමයි. ඒ කියන්නෙ මන් අද පෝස්ට් එකක් ලියල මට ඒක හෙට ඔයාලට කියවන්න බ්ලොග් එකේ Publish කරන්න ඕනෙනම් එය මේ Option එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. . .

අපි සාමාන්‍යයෙන් පෝස්ට් එකක් ලියන කොට තේරී ඇත්තේ මෙහි Automatic කියන Option එක. නමුත් ඔයාලට පෝස්ට් එකක් Schedule කරන්න ඕනෙනම් Set date and time කියන Option එකට Tick එක දාල Calender එකෙන් පෝස්ට් එක Publish වෙන්න ඕනෙ දිනේ තෝරල උඩ Time එකෙන් වෙලාවත් හදල Done Button එක press කරන්න විතරයි තියෙන්නෙ. . .

Permalink
ඊළඟට තියෙන්නෙ Links කියන Option එක. මෙයින් අපිට පුලුවන් පෝස්ට් වල Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න. එහෙත් එය එතරම් වැදගත් Option එකක් නෙවෙයි. අවශ්‍ය අවස්ථාවක් ආවොත් මෙයින් Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න පුලුවන් කියල විතරක් මතක තියා ගන්න. .


උඩ පින්තුරෙන් පෙන්නේ අපි ලියන පොස්ට් එකේ ලින්ක් එක automatic අරගෙන තියන අවස්ථාවක් . . .
පල්ලෙහා පින්තුරේ බලන්නකො . . 


මේ පින්තුරේ තියෙන්නේ Manual ලින්ක් එක අපි දෙන්න ඕනේ . .එතකොට අපි දෙන ලින්ක් එකට අනුව තමයි පොස්ට් එක publish වෙන්නේ . . .

Location
ඊලඟට තියෙන්නෙ Location කියන Option එක. මෙයින් පුලුවන් අපිට පෝස්ට් එක ලියන Location එක ලබා දෙන්න. මෙයත් එතරම් වැදගත් නෑ.
ඊට පසුව තියෙන Option එකනම් වැදගත්. . Search Description කියන්නෙ Google වගේ Search Engine වලදි ඔයාල දැකල ඇති Search කරාම අපි link වලට යටින් පොඩි විස්තරයක්. අන්න එයට එන්න ඕනෙ Description එක අපිට මෙහි ලබා දෙන්න පුලුවන්. මෙහි වැදගත් Key word කියන දේ.  .ඒව අදාල SEO වලට නිසා මන් මෙතනදි වැඩිය විස්තර කරන් නෑ. මෙය හිස්ව තබා පෝස්ට් එක publish කරත් කිසි ගැටලුවක් නෑ. . .

Options
ඊලගට තියෙන්නෙ Options කියන එක. එය click කරාම දිස්වන්නෙ මෙන්න මේ ආකාරයට.
මෙහි අපිට දැනට වැදගත් වන්නෙ Reader comments කියන Option විතරයි. බ්ලොග් පෝස්ට් එකකට වෙනත් අයෙකුට comment දාන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. ඉතින් මෙයින් පුලුවන් අපි ලියන පෝස්ට් එකක comment දැමීම වලක්වන්න වගේම Hide කරන්න. ඔබ Comment අවශ්‍ය නැති පෝස්ට් එකක් ලියනවනම් මෙයින් එම සැකසුම් පහසුවෙන් සිදු කරගන්න පුලුවන්.


ඔන්න මන් අද ඔයාලට පොස්ට් ලියද්දි අපිට පාවිච්ච්යට ගන්න panel ගැන කියල දීලා ඉවරයි . . දැන් ඔයාලට පොස්ට් ලියන්නත් පුළුවන් . .එහෙනම් ඔයාල පොස්ට් ලියන්න පටන් ගන්නකො . .එක ඊලග පොස්ට් එකෙන් මන් ඔයාලට කියල දෙන්නම් පින්තුරයක් වීඩියෝ එකක් පොස්ට් එකට එකතු කරන්නේ කොහොමද කියලා . . ඔයාලට මන් මේ කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම් හරි අපැහැදිලි නම් මට කියන්න මන් ඔයාලට උදවූ කරන්නම් . . 

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 

Saturday, November 8, 2014

How To Create Blogger A-Z [ බ්ලොග් පාඩම - 03 කොටස පොස්ට් එකේ තිබෙන panel පාවිච්චි කරන අන්දම - 1 පරිච්චේදය ]


ඔන්න යාළුවනේ අදත් ආව මන් බ්ලොග් පාඩම් මාලාවේ තුන්වන කොටසත් අරගෙන. .ඉතින් ඔයාලගේ කලින් වැඩ ටික කරගන්න අපහසු වුනේ නැ නේ.  . .අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ බ්ලොග් පොස්ට් එකේ තිබෙන panel පාවිච්චි කරන අවස්ථා පිලිබදවයි . .මන් මේ ගැන පරිච්චේද 2 කින් කතාකරන්න බලාපොරොත්තු වෙනවා . ..එහෙනම් අපි වැඩේ පටන් ගමු. .

ඉතින් අපි අලුත් පෝස්ට් එකක් ලියන්න නම් තැබිලි පැහැ පැන්සලක හැඩයක් ඇති Button එකෙන් පුලුවන්. . මේ පහල තියන Button එක තිබෙන ඕනෑම තැනකින් ඔබට අලුත් පෝස්ට් එකක් ලියන්න ආරම්භ කරන්න පුලුවන්. .පල්ලෙහා තියන පින්තුරේ වගේ එකක් ඔයාලගෙත් තියනවා නේද?



දැන් ඔයාල ඕක click කරනකෝ click කරපුවහම ඔයාට මේ වගේ window එකක් එනවා නේද?ඉතින් අපි දැන් ඉගන ගමු මේ window එක පොස්ට් එකක් ලියන්න වැදගත් වන දේවල් ඒ කියන්නේ මේ window එකේ තියන panel ටික ගැන  . . බලන්නකෝ පල්ලෙහා තියන පින්තුරේ එක පෙන්නේ නැත්නම් පින්තුරේ උඩ click කරලා ලොකු කරගන්නකෝ . .



පල්ලෙහායින් තියෙන්නේ පොස්ට් ලියද්දි යොදාගන්න සැකසුම් panel එක ගැන හැදින්වීමක් එකත් කියවලා  ඔයාල කරලා බල්ලනකෝ . .මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවනම් මට කියන්න යාලුවනේ.



ඔන්න මන් අද ඔයාලට පොස්ට් ලියද්දි අපිට පාවිච්ච්යට ගන්න panel ගැන කියල දුන්නා තව එක penal එකක් තියෙනවා ඔයාලට කියල දෙන්න එක ඊලග පොස්ට් එකෙන් ඔයාලට කියල දෙන්නම් ඔයාලට මන් මේ කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම් හරි අපැහැදිලි නම් මට කියන්න මන් ඔයාලට උදවූ කරන්නම් . . . 

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 

Wednesday, November 5, 2014

How To Create Blogger A-Z [ බ්ලොග් පාඩම - 02 කොටස බ්ලොග් අඩවියක් අලුතින් නිර්මාණය කිරීම ]



ඉතින් කොහොමද යාලුවනේ ඔන්න යාලුවනේ කිවුව වගේම ඉක්මනටම දෙවැනි කොටසත් අරන් ආවා .. ඔයාලට මුල් පාඩමේදී ගැටළු මතු වුනේ නැ නේද? එහෙනම් කතා නැතුව වැඩේට බහිමු නේ. . ඉතින් පහුගිය කොටසින් අපි කතා කරේ හැදින්වීමක් ගැන නිසා අද වැඩ තියන.. දැන් ඔයාල Google Account එකක් හදාගෙන ඇතිනේ. එහෙනම් අපි දැන් බ්ලොග් එකක් හදමු නේද?
අපි blogger වලින් බ්ලොග් එක හදන නිසා මුලින්ම ඔයාල මේ පහත link එකට යන්න.
 https://www.blogger.com/
දැන් ඔයාල ඔයාලගෙ Google Account එකේ username හා password දීල log වෙන්නකො. මෙහි වම් පස Create a Google+ Profile  යන්නෙන් ගොස් ඔබේ විස්තර පුරවා මුලින්ම Google+ Profile එක හදා ගන්න ඕනෙ. මෙහි විස්තර වලට ඔබේ නම නොදා බ්ලොග් අඩවියේ අනාගතය ගැන හිතල බ්ලොග් අඩවියේ නම යෙදුවොත් වඩා හොදයි. නැතිනම් මේව පසුව උවත් වෙනස් කරගන්න පුලුවන්.
දැන් එම පියවරවල් වලට පසුව Google+ Profile එකේ වැඩ ඉවරයි. Finish කර පසු ඔබට අලුත් window එකක් ලැබෙයි.
එහි Continue Blogger කියන Button එක ක්ලික් කරන්න. දැන් තමා ඔන්න අපි අපේ වැඩේට එන්නෙ. ඔබ මීට පෙර බ්ලොග් එකක් සදා නැතිනම් අනිවාර්යයෙන් මේ ආකාරයෙන් ඔබට Blogger Dashboard එක දැක ගන්න පුලුවන්.. 



නමුත් මීට පෙර බ්ලොග් අඩවි ඔබ සදා ඇතිනම් මෙන්න මේ ආකාරය තමා පේන්නෙ. මේ අපේ බ්ලොග් අඩවිය පවත්වාගෙන යන Account එකේ Dashboard එක.. 


හොදයි මේ කෝක උනත් ඔයාලට අලුත් බ්ලොග් එකක් හදන්නනෙ මේ පාඩම් වලින් මන් කියල දෙන්නෙ. ඉතින් අපි නව බ්ලොග් අඩවියක් සෑදීමට මෙහි New Blog යන්න click කරන්න. එවිට විවෘත වන්නෙ මේ ආකාරයේ window එකකි. . .



මෙහි Title යන්නට ඔබ බ්ලොග් අඩවියට යෙදීමට බලාපොරොත්තුවන නම ලබා දෙන්න. ඔබට සිංහලෙන් නම යෙදීමට අවශ්‍ය නම් ඔබ භාවිතා කල යුත්තේ Unicode ය. ඔබ දැනටත් සිංහල Unicode Type කරන්න නොදන්නේ නම් ඔබට මෙම Software එකෙන් එය ලේසියෙන්ම කරගන්න පුලුවන්. . .පල්ලෙහායින් ගිහින් බලන්නකෝ . . 



හරි නම වගේම වැදගත් කොටසක් තමා ඊලගට තියෙන්නෙ. ඒ තමා Address එක. ඔයාලගෙ බ්ලොග් එකට කියවන අය එන්නෙ මෙන්න මේ හරහා නිසා හොදට හිතල ගොඩක් දිග නැති එකක් දා ගත්තොත් හොදයි. ..  අපි කුමන නම යොදා ගත්තත් අගට .blogspot.com යන්න එන්ව. මොකද අපි හදනෙ Free නෙ. අපිට මෙයට .com .lk වගේ top level domain දා ගන්න පුලුවන් අපි ඒ ගැන ඉදිරි පාඩම් වලදි කතා කරමු.
හොදයි. ඔයාල ඉතින් මේ Address එක දානකොට එක වගේ ඒව 2ක් තියෙන බැරි නිසා Sorry, this blog address is not available. කියල error එකක් එයි සමහර විට.එවිට වෙන නමක්  try කරල බලන්න..



ඔයාල සාර්ථකව බ්ලොග් එකට url එකක් දැම්මනම් This blog address is available ලෙස දිස්වෙයි. ඒට අමතරව නිල් පැහැති හරි ලකුණක් ද දිස්වෙයි.. .



පසුව ඊට යට තියෙන template යන්නෙන් ඔබට කැමති theme එකක් තෝරා ගන්න. මෙතන නැති template භාවිතා කරන ආකාරය මන් පසුව කියල දෙන්නම් මුල් පියවරක් වශයෙන් මෙහි ඇති එකක් click කර Create Blog! යන button එක click කරන්න. . ..



හොදයි දැන් ඉහත ආකායට ඔබගේ බ්ලොග් එක සෑදී ඇති බව ඔබට පෙනෙනු ඇත. මෙහි View blog යන්නෙන් ඔබට ඔබගේ නව බ්ලොග් අඩවිය නැරඹිය හැක.එහෙනම් ඊලග පාඩමින් අපි තවත් පියවරක් තියමු.ඕනෑම ගැටලුවක් comment එකකින් හෝ අපේ Facebook පිටුව හරහා විමසන්න. . . ඔයාලට ජය වේවා!!


ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 


How To Create Blogger A-Z [ බ්ලොග් පාඩම - 01 කොටස හැදින්වීම ]



ඉතින් යාලුවනේ කොහොමද අද තමා මන් මුලින්ම පොස්ට් එකක් ලියන්නේ අද ඉදන් මන් ඔයාලට බ්ලොග් කරණය ගැන කියලා දෙන්න හිතුවා. .එහෙනම් අද ඉදන් මාත් එක්ක වැඩේ පටන් ගමු නේද?

මුලින්ම කියන්න ඕනෙ දෙයක් තියනව ගොඩක් අය හිතන් ඉන්නව බ්ලොග් එකක් කරන්න සෑහෙන මුදලක් ඕනෙ කියල. එහෙම නෑ යලුවනේ බ්ලොග් එකක් පටන් ගන්න අපිට නොමිලේම පුලුවන්. අපිට වැයවන්නෙ අපට Internet එන්න වැය වන Data වල මුදල විතරයි. ඉතින් Facebook එකේ YouTube එකේ ඔයාල ගත කරන වෙලාවෙන් පොඩි වෙලාවක් වෙන් කරල ඔයාලටත් හොද බ්ලොග් අඩවියක් කරගෙන යන්න පුලුවන්.

ඉතින් ඔයාලට බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන් පැති ගොඩක් තියන්වා. ඒ කිවුවෙ ඔයාල දන්න කියන ඕනෙ දෙයක් වෙනුවෙන් ඔයාලට බ්ලොග් එකක් පටන් ගන්න පුලුවන්. . 

උදා :
        * ගොසිප්

        * නිර්මාණශීලි බ්ලොග්

        * පර්යේක්ෂණාත්ම විවරණශීලි බ්ලොග්

        * තාක්ෂණික බ්ලොග්

        * අධ්‍යාපනික බ්ලොග්

        * ආත්ම කථනය,පුද්ගලික බ්ලොග්

        * සාහිත්‍යමය බ්ලොග්

        * කාන්තා බ්ලොග්

        * ඡායාරූපකරණය

එකී නොකී  ඕනෙම දෙයක් සම්බන්ධයෙන් බ්ලොග් එකක් කරගෙන යන්න පුලුවන්. අපි කතා කරන්නෙ

සිංහල බ්ලොග් කරනය ගැන නිසා අපේ බ්ලොග් එකක 80% කට වඩා සිංහල භාශාවෙන් තියෙන්න ඕනෙ..

ඒක නියමයක් නොවුනත් ඒක එහෙම වෙන්න ඕනෙ.බයවෙන්න එපා සිංහල Type කරන්න ක්‍රමත් මන්

කියල දෙනවා . . .

අද පලවෙනි කොටස නිසා ගොඩක් හැදින්වීමක් වගේ තමා යන්නෙ. ඉතින් අපිට බ්ලොග් එකක් කරගෙන

යන්න නොමිලේ සේවා සපයන්නෙක් ඕනෙ වෙන්වා . .. 

ජනප්‍රියම බ්ලොග් සේවා සපයන්නන් තමා Blogger හා WordPress කියන්නෙ. මීට අමතරවත් තව ඔනෑ

තරම් බ්ලොග් සේවා සපයන්නන් ඉන්නව. ඉතින් අපි මේ පාඩම් මාලාව සදහා යොදාගන්නෙ Blogger කියන

අති දැවැන්ත Google ආයතනයේ සේවාවයි. . .

අපිට මේ සඳහා උවමනා වෙන්නෙ Google Account එකක්. කොයි කාටත් Email එකක් තියන්ව නේ. .

ඉතින් අපේ රටේ ගොඩක්ම භාවිතා වන්නෙ Gmail නිසා ඔයාලට මේකෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්. 

ඔයාලට අලුතින්ම වැඩේ පටන් ගන්න ඕනෙනම් මේ පහත link එකෙන් ගිහින් Google Account එකක් 

හදාගන්න.ඒක හදන හැටි දන්නේ නැත්නම් මෙතනින් ගිහින් බලලා හදාගන්නකෝ . .(Link)

ඉතින් හොදට කල්පනා කරල බ්ලොග් එකට නමක් එහෙම හදා ගෙන වැඩේ සැලසුම් කරගන්නකො . . 

ඊලග පාඩමින් එකෙන් ඔයාලට මන් කියල දෙන්නම් කොහොමද බ්ලොග් එක හදන්නේ කියලා.. 

මේක හැදින්වීමක් නිසා. ඕනෑම ගැටලුවක් comment එකකින් හෝ අපේ Facebook පිටුව හරහා විමසන්න

යාලුවනේ..එහෙනම් යාලුවනේ  ඔයාලට ජය වේවා! දෙවැනි පාඩම බලාපොරොත්තුවෙන් ඉන්නකෝ . .

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . .