Showing posts with label Mobile. Show all posts
Showing posts with label Mobile. Show all posts

Tuesday, October 21, 2014

PHONE එක ෂෝට් ද?




















සුබ දවසක් යාලුවනේ කොහොමද ඔයාලට


            මොකද නිකන් අමුතු විදිහට බලන්නේ , කේන්ති ගිහිල්ලද ? 
හා හා කේත්ති අරගෙන ඉක්මනට වයසට යයි හොදද....

 තවත් කටිටියව අවුස්සන්නෙ මොකටද ඔන්න දවස් 2කින් ගේනව කියපු වැඩේ මාසෙකින් අරන් ආව.....

පරණ ඒව අමතකනම් ඒ ටිකත් අයේ බලාගෙනම වැඩේ පටන්ගමු.

ඔන්න දැන් ඉතින් බඩු ටික හොයා ගත්තනම් මේ විදිහට කෑලි ටික සෙට් කරගන්නකො
ඔයාලට බඩු හොයාගන්න පුවන් වුනු විදිහට කැමති විදිහකට හදාගන්න මෙන් මෙක බලාගෙන
 රූපෙ පැහැදිලි නෑ වගේනම් මේ සර්කිට් එක වැදගත්වෙය.

එකක් කියනම් හැබැයි තරහ වෙන්න එපා මේකෙන් කරන්න පුලුවන් පොඩි වැඩ ටිකක් විතරයි ඒත් ඒව ගොඩක් වටිනවා.








1
2
3
විශේෂ කරුණු

3හදන්න බැරි උනා කියල දුක්වෙන්න එපා 2 හදාගත්තනම් ඇති

+ - මාරු කරගන්න එපා

බැට්රිය හොදට චාජ්කරල ගන්න / ගෙම්බව කරන්ට් එකට ගහන්න එපා ගෙම්බෙක්ව ගත්තෙ බැට්රිය රදවන්න ලේසි නිසා/ අනික බැට්රිය හොදින් සෙට් වෙලද බලන්න නැත්තම් වැඩේ හරියන එකක් නැහැ
ටෙස්ටර් එක නිවැරදිව සකස් කරලද බලන්න. සකස් කරන්න ඕන තැන ඊතල දාල ඇති

තවත් එකක්
හැමෝගෙම මිටර් එක වගේ නෙමෙයිනෙ ඒක නිසා ඒ ගැනත් ටිකක් කියන්නවෙයි වගේ නේද
ඇම්පියර් වලදි
 මිලි ඇම්පියර් 1mA-500mA  අතර මනින්න පුලුවන් වෙන්න ඕන ^ 1mA-200mA වුනත් අවුලක් නෑ ඒත් එතන පොඩ් පරශ්නයකුත් නැතුව නොමේ්^
1000mA = 1A
වොල්ටේජ් එක වොල්ට්  1V-10V වගේ තිබුනනම් හොදටම ඇති

හදල බලල ඉවර නම් දැන් වැඩේට බහිමු.

අවුල්නම් අහන්න මොකද ඉලෙක්ටොනික් බඩුනේ වැරදුනොත් ගස් තමා

වැඩද කියල බලන්න ඔනනම් පොඩි ටෝච් බල්බ් එකක් තියල බලන්න පත්තු වෙනකොට  ඇමීටරය වැඩකරනවද කියල ඇමීටය වැඩනම් ඒ කියන්නෙ  ඔයාල වැඩකාරයො



මම හිතනව මේක පාවිච්චිකරන්න කලින් මේකෙන් වෙන්නේ මොකක්ද කියල දැනගත්තනම් හොදයි කියල

                     ඇත්තටම මේකෙන් කරන්නෙ පෝන් එකෙන් ගන්න ධාරාව මැනගිනීමයි ඒ කිව්වෙ පෝන් එකෙන් කොච්චර ඇම්පියර් පමාණයක් ගන්නවද කියල බලාගන්න එකයි. අන්න ඒ සාධකය අනුව තමා අපි පෝන් එකක් පිළිබදව තිරනයකට එන්නෙ

ඉතින් ලමයි දැන් ඔයාලගෙ පෝන් එක අතට ගන්න බැට්රිය  , සිම් එක එහෙමත් ගලවල ගන්නකො
දැන් පහල තියෙන පියවර අනුව වැඩේ කරගෙන යන්නකො

 


අපි මුලින්ම පොන් එකේ + හා - අදුන ගන්න ඕන ,

 පොන් එකේ ගහල නැත්නම් බැට්රියෙ ඇති , ඒකත් පරන එකක් නම් ඒ වගේ වෙන එකක් බලන්නොකො

කොහොමත් ඔගොල්ලො මුලින්ම ටෙස් කරන්නෙ පරන එකක්නෙ. මා ව ෂුවර් නැනෙ නේද ?

ඊට පස්සෙ උඩ තියෙන විදිහට හරියට ෂොට් නොවන විදිහට ක්ලිප්කර ගන්නකො

වැරදිලවත් දැන්ම පෝන් එක ඔන් කරන්න එපා හරිද ඊට කලින් වැඩ තියෙනව

දැන් බලන්න ඔයාලගෙ ඇමීටරයෙ නැත්තම් අපි හදපු මීටර් එකේ අගයක් පෙන්නුම් කරනවද කියල

වෝල්ට් ගාන පෙන්නන එකේ නොමෙයි ඒකෙ ඉතින් කොයි වෙලාවෙත් පෙන්නනවනේ

අගයක් පෙන්නුම් නොකරනවනම් (සමහර විට ඉතා කුඩා පරමානයක් පෙන්නල ඉක්මනින්ම බින්දුවට ආවනම්- මෙහෙ වෙන්නෙ පෝන් එකේ කරන්ට් එක නැත්නම් පොන් එකේ තියන කැපෑසිටර් වල චාජ් එකක් රැදෙන්නෙ නැහෙනෙ ඒ නිසා කරන්ට් එක දීපු ගමන් ඒ ටික චාජ් වෙනව ඒකයි.  ඒක තප්පරයෙ දෙකේ සීන් එකක්) ඒ පොන් එකේ ඕප් එකේදි ෂෝට් එකක් නැකියල අපිට කියන්න පුලුවන්

ඒත් පොඩ් හරි අගයක් පෙන්නනවනම් ඒ කියන්නෙ ඒ පෝන් එක ෂෝට් කියල.

දැන් බලන්න ඔයාගෙ පෝන් එක මොන වගේද කියල ෂෝට් ද? නැද්ද?

ඉක්මනින් බැට්රි බහිනවනම් , ඕප් කරත් බැට්රි බහිනවනම්, ඔන් වෙන් නැත්තම් බැට්රිය ඉක්මනින් සවුත්තු වුනානම් ඒකට හේතුව මේක වෙන්නැති  කියල හිතෙනවද?

පෝන් එක ෂෝට්නම් මොකද කරන්න ඕන කියල අපි ඉස්සරහදි බලමුකො 

අදට අපි වැඩේ ඉවර කරමු නේද .

පරශ්නයක් තියේනම් අහන්නොකො.

ඉතිනි ඔයාල සුබපතනව.
පරක්කු නොවී ඉක්මනටම ඊලට පොස්ටුව ගේන්නම්.
මම යන්නම්. ජය ශ්රී යාලුවනේ


Friday, September 5, 2014

power supply Phone ගලවන පන්තිය


කොහොමද යාලුවනේ


ඔන්න තරංග මල්ලි පොරෝන්දු උන විදිහට Phone ගලවන පන්තිය පටන්ගන්නයි හදන්නෙ.

ඉතින් ටිකක් පරක්කු වුන නිසා වැඩි කතා නැතිව වැඩේට බහින්නයි හදන්නෙ.
මම මුලින්ම ඔයාලට මේ වැඩවලදි අපිට උදව් කරණ උපකරණ ගැන කියන්නම්.
මම තෝරගන්නව ඒ පළමු උපකරණය විදිහට

DC power supply  සරල ධාරා සැපයුම

          Phone  ගලවන පන්තිය කිව්වට අපි මේ හදන්නෙ කොහොම කොහොම හරි Phone  එකක් කැඩුනහම හදාගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නනෙ නෙද?

   හැමලෙඩේටම Phone  එනක ගලවන එකනම්  අනිවාර්ය නෑ 
ගැලැව්වත් ඉතින් ලෙඩේ ගැන අනුමානකරල ඉන්න ඔනනේද?

 ඉතින් දැන් කියයි ලෙඩක් තියෙන නිසා තමයිනේ ගලවන්නේ කියල
 ඇත්තම කීවොතින් අපි Phone  එකේ ලෙඩක් තියෙනව කීවට ඒ ලෙඩේ නොවෙයි ඒ රෝග ලක්ෂණයයි

 උදාහරණයක් විදිහට කවුරැහරි කියනව මට උණ හැදිල කියල ඇයි එයා එහෙම කියන්නෙ ඒ එයාගෙ ඇග රත්වෙන නිසා. ඒ තවත් කෙනෙකුත් එහෙන්මම කියනව ඒත් එයාගෙ ඇග රත්වෙ නිසා නමුත් පර්ථිකාර ගන්නාවිට දෙදෙනාටම එකම අවුෂධය හරිගියෙ නෑ. ඒ ඇයි කියල ඇහුවොත් හැමෝම වාගේ කියන්නෙ දෙන්නට තියෙන්නෙ රෝග  දෙකක් කියල .

ඒ වගේ තමයි Phone වලටත් අපි රෝගය විදිහට දකින්නෙ බොහෝදුරට රෝග ලක්ෂණය එම ලක්ෂණ පෙන්නුම් කරණ රෝග නැතිනම්  දෝෂ  වර්ග කිහිපයක් තිබියෙන්න පුලුවන්

එම නිසා Phone  එකක දෝෂය නිවැරදිව හදුනා ගැනීම ඉතා වැදගත්

මේ වනවිට ජංගම දුරකතන දෝශ හදුනාගැනීම සදහා විවිධ උපකරණ නිපදවා තිබෙනවා.
ඒ අතරින් වැඩියෙන්ම භාවිතාවන ඒ වගේම වැඩියෙන් අවශ්‍ය වන උපකරණය තමයි මේ power supply  එක 
ඇත්තටම මේක නිකන් scan කරණව වගේ වැඩක්

මෙමගින් ජංගම දුරකතනය සම්බන්දව කළහැකි  කාර්යන් කිහිපයක් තිබනව

 ඉන් කිහිපයක් මේ
Ø  දුරකථනයක ඇති ශෝට් ලුහුවත් වීම් හදුනා ගැනීම
Ø  දුරකථනයක් පණ ගැන්වීමට විදුලිය ලබාගැනීම
Ø  දුරකථනයක් ලබාගන්නා බලය කොපමණද මැන ගැනීම
Ø  බැටිරියක් පරික්ශාකිරීම
Ø  යම් පාරාසයක ඇති විදුලි පරිමාන පරීක්ෂාකිරීම
Ø  බැටිරියක් සාමාන්‍ය ආකාරයට හා ඉතා ඉක්මන් යන ආකාර දෙකෙන්ම  චාජ් කිරීම

කිවිවට මදිනෙ කරනහැටිත් ඕනනෙ
මෙන්න බාන්ඩෙ


මට දැන් හැබැයි පොඩි කේස් එකක් මතක් වුනා මේක කරන්නේ කොහොමද කියල කිව්වට  පායොගිකව කරන්නැතුව ඔයාල හුරුවෙන්නෙ කොහොමද?
එතකොට ඔයා කියයි බලාගෙන කරන්නම්. කියල ඒත් හැමෝටම මේ උපකරණය තියෙනවද ?
වැඩිදෙනෙක් නෑ කියයි නේද?

ඉතින් මම දැන් කියන්නෙ ඉතාම සුලු මුදලකට මේ උපකරණය තාවකාලිකව හදන්නෙ කොහොමද කියල
v  ඒකට මේ ටික හොයාගන්න වෙනව
Ø  කුඩා මල්ටිමීටර් 2ක් ^වෝල් මීටරයක් හා ඇමීටරයක් තිබුනත් ඇති^
Ø  පෝන් චාජර් එකක් ^ කැඩුන එකක් උනත් කමක්නෑ ඒත් කරන්ට් එක එනවනම් විතරයි^
Ø  බැට්රියක් ^3.7 v 750 මිලි ඇම්පියර් විතර එකක් ^
Ø  කිඹුල් පසුරැ 2ක් පාට දෙකකින් ^ කොකොඩයිල් ක්ලිප්^
Ø  වයර් ^රතුයි කලුයි වගේ පාට දෙකකින් කෑලි දෙකක් යාරයක් විතර^
Ø අයන් එකක් ^ බවුත් එකක්^
Ø  ඊයම්
Ø  ටේප් එකක් 

දැන් ඉතින් මම දවසක් කල් දෙනව මේ ටික හොයාගන්න. ඔය හයිලයිට් කරපුව හොයාගන්න බැරිවුනාට කමක්නෑ ඒ ටික තිබොනොත් වැඩේ මරුවට කරන්ඩ පුලුවන් එච්චරයි.
මේක හදන හැටි මම මේ පෝස්ට් එකේ අගටම හෙට විතර දාන්නම්
ඉතින් මම අදට නවතින්නම් අවුලක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්නකො.
අපෙ ලක්ෂාන් සහෝදරයටත් , RL මල්ලිටත්, ජිල්මාට් මල්ලි ඇතුලු පොස්ට් ලියන සියලු දෙනාටත් ස්තූතියි. සුභ දවසක්.

ජිල්මාර්ට්ස් මල්ලි වෙතින් Dailog Wi-Fi 30th September දක්වා නොමිලේ 1GB



ඔන්න යාලුවනේ dailog එකෙන් september 30 වෙනකම් dailog wifi නොමිලේ දීල තියෙනවා ..ඔයාලත් ගිහින් එයාලගේ Pin number එක ලබා ගන්න . ..මෙතනින් යන්නකෝ  . . 



මේ වගේ එකක් එනවා නේද ? ඔකේ තියන සේරම විස්තර ටික හරියට පුරවන්න . . Mobile number එකට ඔයාලගේ හරි number එක දෙන්න මොකද pin number එක එන්නේ ඔයාලගේ phone එකට ...සේරම විස්තර දීලා submits කරන්න . .. දැන් හරිනේ යාලුවනේ දැන් ඔයාලගේ ෆොනේ එකට pin number එක එයි ..ඔය එන number එක තමා password එක  .. දැන් ඉතින් dailog wifi තියන ටෙනකට ගිහින් data ඉවර වෙනකම් download කරගන්න . ..  

මන් යනවා යාලුවනේ ඔයාලට ජය වේවා!
post එකේ අයිතිය ජිල්මාර්ට්ස් මල්ලි සතු වේ. .උපුටා ගැනීමෙන් වලකින්න  .. .


Tuesday, August 26, 2014

ඔන්න යාලුවනේ ඔයාලට තවත් යාලුවෙක් සෙටි වෙන්නයි යන්නෙ. මම තරංග,


ආයුබෝවන් යාලුවනේ .
 ඔන්න යාලුවනේ ඔයාලට තවත් යාලුවෙක් සෙටි වෙන්නයි යන්නෙ.
මම තරංග,

මට පොඩි  කාලෙ ඉදලම පොඩි ලෙඩක් කියන්නත් බෑ, ඒත් නිකන් විවිධ දේවල් දැක්කහම ආසාවක් වගේ දෙයක් ඇත්වෙන්න ගත්තත.වැඩිමනක් විදුලි උපාංග. හැබැයි ආසාව ඇතිවුනේ ඒව අරගන්න නම් නෙමෙයි, ඒව ගලෝල මස් කරන්න තමා.
            ඉතින් ඔහොම ගියා කියමුකො , විභාගෙත් කරා . ඒ වෙනකොට ගලවල තිබුණ දේවල් අතරින් මගේ ගෙදරින් ඉතිරිවෙලා තිබුනේ අපේ ගෙදර සාමාජිකයන් විතරයි. ඔයාල බය වෙනන්න එපා මොකද මේක බෝවෙන් නැහැ.
            මම මුලින්ම ගලවන්න පටන්ගත්තේ කැඩුනු නැත්තම් පරණ උපකරණ, පසුව හොදින් වැඩකරන උපකරණ ගලවල නැවත තිබූ තත්වයෙන් සවිකරන්න පුරැදු වුනා , මට ඒ වැඩවලදි විවිධ අයගෙන් උදව් ඉල්ලගන්න ඕන වුනා . ඒ අවස්ථා වලදී මට උදවු කරපු අයට මම මේ වෙලාවෙ ස්තූතිකර සිටිනවා.
දැන් ඉතින් මම ගලවපු හයිකරපු ඒවගෙන් ඔයාලට වැඩක් වෙන එකක් නෑනේ නේද?
  එහෙම නැතුවත් බැහැනෙ කතාවට බහිනකොට කට්ටියව අල්ලගන්න කර්මයක් තියෙන්න එපායැ.
මම ඔහොම ගලෝගෙන ගලෝගෙන එනකොට, එක දවසක් ගෙදර තිබූ ජංගම දුරකථනයට කූඹු රිංගල , කූඹින්ටත් වෙ තැන් නැතුවට නේද? 
            ඉතින් ඔන්න එදා තමයි වැඩකරන  phone එකක් ගලවන්න අවස්ථාව ලැබුනේ, මෙතනින් තමා අපි වැඩේට බහින්නෙ. එදා මම ඒ වැඩේ ගොඩ දැම්ම . ඒත් ඒක ගලවද්දි පොඩි පොඩි වැරදි කර්ම වගයකුත් භාවිතා කලා ඒ පලවෙනි phone එක නිසා . මම විශ්වාසයි මට ඒ phone එක අවුලක් නැතිව සවිකරන්න පුලුවන් වුනේ කලින් අර එක එක ඒව ගලවපු නිසා කියල.
දැන් නිකන් තේරෙනව වගේද මම මොකාටද එන්නෙ කියල , ආ.
කරගෙන ආපු කතාවට මම මතුසම්බන්ධයි කියන්නම්.
මම මෙතනට ආවෙ කොහොමද කොහේ ඉදලද කාගෙ උදව්වේන්ද කියල පස්සෙ කියන්නම් . මොකද ඒව නොකීවොත් මම වරදක් කලා වෙනව ඒව දැන් කීවොත් ඔයාලට එපා වෙනව.
මම ඔන්න ඔන්න ඔන්න දැන්නම් වැඩෙ හරියටම පටන් ගන්නවා

මම ආවේ ඔයාලට ජංගම දුරකතන පිළිබද මුලික දෘඩාංගමය දැනුමක් ^නැති නම් phone වල කෑලි හයි කරන හැටි කියල දෙන්න තමා ආවෙ^




            මගේ phone ගලවන හයිකරන පන්තියට හැමෝමවම සාදරයෙන් පිළිගන්නව,
 ඉතින් අපි ඔහොම කරගෙන යමු.

පන්තිය තියෙන්නෙ අපෙ  ,lakshan කොල්ලගෙ බොලොග් එකේ පාර නම් කව්ද නොදන්නෙ.
මම කැමතියි මට ඔයාල තරංග කියල කියනවනම් ,
            

මම ඔයාලට විවෘතව ආරාධනය කරනව ජංගම දුරකථනයක්

නැත්නම්  Mobile phone එකක් කියන්නෙ
මොකක්ද කියල කියන්න.
පලවෙන් පාඩම මම මිලග පොස්ට් එකේ
 ඉදල නොකඩවා ගෙන එන්න  පොරෝනදු
  වෙනව .අදට මම නවතින්නම්.
මමත් සමදා Lakshan සමග ඉන්නව .
Lakshan හැමදාම අපිව බලාගනීවි.

ස්තූතියි.

Tuesday, August 19, 2014

Android Aps කෙලින්ම පරිගණකයට Download කර ගමු[How to Download Android Apps Our PC]

 Android-Apps

     හායි යාලුවනේ... ඉතින් කොහොමෙයි සැපදුක් එහෙම? හිතහොද RLමල්ලි නමි හොදින්. එත් පොඩි දුකක් තියෙනවා, ඒක අද ඉයේ ඉදන් තියෙන දුකක් නමි නෙමෙයි ඒ දුක නැති වුන  දවසට මම කියන්නමිකෝ. මොක නැතත් දැනට මට ඔයලා ඉන්නවනේ. අදත් Post එකට කලින් RLTechZonelk අඩවියට සමිබන්ධ වුන තව කෙනෙක්ව හදුන්වා දෙන්න තියෙනවා. වැඩි කතාවක් නැතිව හදුන්වා දෙනමිකෝ. RLTechZonelk අවඩවියේ ප්‍රධහන ප්‍රචාරන කටයුතු සමිබන්ධව අපට සහය ලබා දෙන ඉෂාන් මාධව සහෝදරයාවත් සාදරයෙන් පිලිගන්නවා RnT Production™ එකට. අප අයාතනයට සමිබන්ධව වෙහෙස මහන්සි වෙන කිසිදු සහෝදරයෙකු තම උගත් දැනුම ඔබට හැකි උපරිමයෙන්  ලබා දිමට කටයුතු කරන අතර ඒ සදහා කිසුදු මුදලක් RnT Production™ ආතනයෙන් ලබා ගන්නෙ නැති බව මම ආඩමිබරයෙන් කියන්න කැමතියි. හොදයි එහෙනමි අද කියලා දෙන්න ආපු වැඩේට දැන් බහිමු.

 

Android Aps Download Our PC

        අද කාලේ වෙද්දි හුග දෙනෙක් ලග තියෙන්නේ Android Os එකක් සහිත දුරකථනයක්. ඉතින් ඔය Android දුරකථනවට අවශ්‍ය කරන විවිධ මාදුකාංගග ලබා ගැනිම සදහා  Google Paly Store  කියලා තැනක් තියෙනවා කවුරැත් දන්නව එහෙම ඇතිනේ. දුරකථනයකින් නමි මේ හරහා අවශ්‍ය Apps තම දුරකථනයට Install කරගන්න පුලුවන්. නමුත් පරිගණකයකින් Google Play වල ඇති Apps එක හෙලාම පරිගණකයට භාගත කර ගැනිමට අපහසුය. දැන් මම කියා දෙන්න Google Paly Store වල ඇති Apps කෙලින්ම පරිගණකයට Download කර ගන්නේ කොහමද කියලා.

01.පියවර

මුලින්ම ඔයාට අවශ්‍ය කරන Apps එක හොයා ගන්න. මෙන්න මෙතනින් යන්න Google Paly Store වලට ගිහින් අවශ්‍ය  කරන App එක හොයා ගන්න.

Eg-: මම මෙතන දි Helakuru Sinhala Input කියන App එක තමයි ඩවුන්ලෝඩි කර ගන්න හදන්නේ.

1

 

02.පියවර

ඔයා හොයා ගත්තු App එකට අදාල ලින්ක් එක Copy කර ගන්න දැන්.ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ Copy කර ගන්න අවශ්‍ය ලින්ක් එක.

11

03.පියවර

අපි මේක ඩවුන්ලොඩි කරගන්න ඩෙබි අඩවියක්  මාර්ගයෙන්. දැන් ඔය පහල තියෙන සැබදියෙන් අදාල අඩවියට යන්න.

click Here >>  >  Go to Android Apk Downloader

04.පියවර

දැන් ඔයාලට මේ වගේ එකක් දැක ගන්න පුලුවන් වෙයි. 

3

Package Name Or Google Play URL කයන තැනට 02පියවරේදි Copy කර ගත්ත ලින්ක් එක Past කරන්න.

05.පියවර

ඉන් පසුව Generate Download Link යන්න ඉන් පසුව ක්ලික් කරන්න.

4

06.පියවර

ඉන් පසුව Click Here Download[ඔයා ඩවුන්ලෝඩි කරන මෘදුකාංගයේ නම] Now යන්න Click කරන්න. 01 ලෙස ඇති තැන බලන්න.

ඉන් පසුව පහත 02 ලෙස සදහන් කර ඇති තැන අදාළ App එක Download වන අකාරය දැක ගන්න පුලුවන් වෙයි.

441

වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....

Post එක ලිවවේ හිතහොද RLමල්ලි

Sunday, August 3, 2014

නැති වුන හෝ හොරකම් කරන ලද phone එකක් හොයාගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙර් එකක්


ඔන්න යාලුවනේ මම අදත් ඔයාලට වැදගත් පොස්ට් එකක් ගෙනාවා . . .
කොහොමද ඔයාලට මන් නම් හොදින් කල් ගෙවනවා එහෙනම් වැඩි කතා ඕනේ නේ අපි වැඩේට බහිමු. . .
මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ phone එක කවුරු හරි විසින් හොරකම් කළහොත් හෝ අප විසින්ම නැති වුවහොත් පහසුවෙන්ම phone එක හොයාගන්න පුළුවන් විදිහක් ගැන . . .
පොඩ්ඩක් ඔයාලම හිතල බලන්නකෝ ඔයාලගේ phone එක නැති වුණහොත් කොතරම් ඔයාලට පාඩුද කියලා ඔයාලගේ numbers නැති වෙනවා ඔයාලගේ phone එකේ save කරලා තිබෙන details වෙන කෙනෙකු අතකට යනවා .. ඒ නිසා මෙම අවස්ථාව මගින් අපට එම නැති කරගන්න පුළුවන් . . ..
එහෙනම් වැඩේ පටන් ගමුකෝ . . .. මුලින්ම ඔයාලා මේ site එකට ගිහින් ඔයාලගේ phone එකට හරියන software එක බා ගන්නකො . . .ඊට පස්සේ මන් කියන්නම් මේකෙන් මොනවද,කොහොමද කරන්නේ කියලා . ..
 හැබැයි මේක හැම phone එකකටම support කරන්නේ නැ .. . මන් පහතින් දාලා තියන picture එකේ තියෙනවා support කරන operating system ටික . . .එක බලලම ඉන්නකෝ . . .


          මෙන්න site එක ගිහින් download කරගන්නකෝ . . . Protection By F-secure

මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ software එක ඔයාලගේ phone එකට install කරගන්න . . ..
ඊට පස්සේ අහනවා Trust Number කියලා එන එකට ඔයාලගේ තාත්තගේ හරි අම්මගේ number එක දෙන්න .ඒ විතරක් නෙමේ software එක install කරද්දී රහස් අංකයත් ඔයාලා දාන්න ඕනේ  . . ඊට පස්සේ phone එකේ  Theft control කියන එක active කරන්න. . .

දැන් වැඩේ හරි දැන් ඉතින් phone එක හොරකම් කරලා වෙන සිම් එකක් දාන වාරයක් වාරයක් පාසේ ඔය අර මුලින්ම දුන්න Trust number එකට message එකක් එනවා . . ..
දැන් කරන්න තියෙන්නේ ඒ message එක අපු number එකට  # lock # <රහස් අංකය > දාල message එකක් දාන්න . . . ඊට පස්සේ phone එකේ කිසිම දෙයක් කරන්න බැරි විදිහට  phone එක lock වෙනවා . . .ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ආකාරයට  message එකක් දාන එක # location # <රහස් අංකය > ගහලා send කරන්න එතකොට ඔයාට ලින්ක් එකක් එනවා එක බලපුවාම google map එකෙන් පෙන්නනවා phone එක තිබෙන ස්ථානය  . . .

එහෙනම් දැන් හරිනේ එකත් ....එහෙනම් මන් ගිය ඔයාලට ජය වේවා !!! මොකක් හරි අවුලක් තියෙනවනම්  comment කරන්නකෝ . . .





         

දුරකථන ජාලවල අමතර සේවාවන් ලබා ගැනිමට නැතිවම බැරි කේත සියල්ලම එකම තැනකින්

jjjphone_2147326b
download
images

* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* ශේෂය ඉහල දාගන්න - *102*පින් නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ලබා ගැනීමට - #247#
* මුදල් හුවමාරැ කරගන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස Type කරලා 777ට කෙටිපණිවුඩයක් යවන්න

SMS මගින් Date Plan  Active කරගන්න,
*170# Dial කරන්න එවිට කැමති Date Plan  එකක් Active කර ගන්න පුලුවන්,
එහෙම නැත්තමි *888# හෝ #888#  Dial කරන්න. මේ  හරහා තවත් පහසුකමි ලබා ගන්න පුලුවන්.

download (2)
* සිම් එක ගැන විස්තර දැන ගන්න - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් පිළිබදව විස්තර දැන ගන්න - #132#1#1#
* ගිණුමේ ශේෂය ඉහල දා ගන්න - *123*පින් අංකය#
* ගිණුමේ ශේෂය බලා ගන්න - *#456#
* අමතර අවශ්‍යතා සදහා - #107#
* සම්බන්දතාවය ගැන විස්තර දැන ගන්න - #678#
* ණයක් ගන්න අවශ්‍ය නමි - #356#
* කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK<space> Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එකක් යවන්න
* එස් එම් එස් ඩයිවරට් කරගන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
* Star Points බලාගන්න - #141#
* Call Waiting Activate කරන්න - *#43#
* Missed call Alert Active කරගන්න - **62*0777012012#

SMS මගින් Date Plan  Active කරගන්න,
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්නකෝ......
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI<space>50
පැය 4 -WIFI<space>100
පැය 12 - WIFI<space>200
පැය 20 WIFI<space>400
පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
භාවිතා කල දත්ත ප්‍රමාණය දැන ගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න

bhartiairtel1
* සිම් එක ගැන විස්තර දැනගැනීමට - #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
Date Plan  Active කරගන්න,
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#

hutch
* සිම් එක ගැන විස්තර බලා ගන්න - #132#
* ගිණුමේ ශේෂය දැන බලා ගන්න - *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කරලා 456ට  කෙටිපණිවුඩයක් යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය  ඇක්ටිව් කරගන්න - *222#

download (1)
* සිම් එකේ විස්තර දැනගැනීමට - #132#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *336*පින් නම්බර් ඩයල් කරන්න, නැතහොත් #133*pin no# අමතන්න
* ගිණුමේ ශේෂය දැන ගැනීමට -  #134#
* Missed Call Alert Active කර ගැනීමට -  *346 Dial කරන්න
* Call A tune Active කර ගැනීමට - *359 අමතන්න
* සම්බන්දතාවය ගැන දැන ගැනීමට - *262 Dial කරන්න

SMS මගින් Date Plan  Active කරගන්න,
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
Etisalat Service - #111#


හිතහොද RLමල්ලිගේ තවත් වැඩක්