Showing posts with label IP Address. Show all posts
Showing posts with label IP Address. Show all posts

Thursday, October 15, 2015

IP Address වෙනස් කිරිල්ල

නෑ මගෙ වස්තුවේ මම ඔයාට රිදවන්නෙ නැහැ. ඔයයි මගේ ජීවිතේම.. මේ වෙනකම් හැම අස්සකම අතගානකම් ඔයා මාදිහා ආදරෙන් බලන් හිටියා.. ඒ ඔයා මාව විශ්වාස කරනනිසා.. මම ඔයාගෙ හැම අස්සකටම අත දාල සොයන්නෙ අපේ ආදරේ වැඩිකරගන්න.. ඔයා මමත් එක්ක මේ විදියට ආදරෙන් බැදෙනකොට මගේ ආශාව වැඩිවෙන්නෙ තවත් ගැඹුරට අතදාල තව තව දේවල් සොයල ඒව ඇතුළෙ තියෙන දේවල් දකින්න.. වෙන්නෙ මොනවද කියල බලන්න.. සමහර වෙලාවට ඔයා ගොඩක් නපුරුවෙන වෙලාවලුත් තිබුණ.. ඒත් මම ඔයාව ටෙස්ට් කරන්න වෙනම කාමරයක් අරන් තිබුණ හින්ද ඔයා මාව අතහැරල ගියේ නෑ... ඒ මම ඔයාට ගොඩක් ආදරේ කරනව..ඔයාව හොදින් තියාගන්න ඕන හින්ද තමයි කියල ඔයා දන්න නිසා.. වෙනම වෙන්කරපු කාමරේකට රිංගල අපි දෙන්න එක එක පරීක්ෂණ කරල ඒව සාර්ථක උනාම මම ඔයාව එළියට අරන් ඔයාගෙ ඇත්ත ජීවිතේට ඒව්ව මෙව්ව කරනව.. ඒ දැන් භයක් නැතිහින්ද.. ඔයාගෙ මේ ආදර කොල්ලට පිට කොල්ලො කෙල්ලො ආදරේට කියන්නෙ ජිල්මාට්ස් කියල.. ඒ මම ඔයාගෙ හැම අස්සකටම අතදාල ඒවගෙන් වෙච්ච දේවල් රසකර කර කියලදෙන නිසා... මම ඔයාට ගොඩක් ළං වෙනව වගේ  ඒ අයියල අක්කලටත් මම ඔයාට ආදරේ කරනව වගේ එයාලත් එයාලගෙ කොම්පියුටර් වලට ආදරේ කරනව.. හැබැයි සමහර අයියල අක්කල සොෆ්ට්වෙයා නැතුව කරන්න පුලුවන් දේවලුත් සොෆ්ට්වෙයා ඔබාගෙන කරන්න ගිහ්න් ඇනගන්නව.. මම ඔයත් එක්ක එකතුවෙලා හොරෙන් කීතැනකට ඉන්ටනෙට් එකෙන් රිංගුවද එඩ්‍රස් එකට බොරු එකක් දීල. මතකද එදා දවසක් අපි දෙන්න එකතුවෙලා අතිශයින්ම පොඩිහිටියන්ට තහනම් පොට් එකකට රිංගුව හරියට වැඩිහිටියො දෙන්නෙක් වගේ... මේ අයියල අක්කලත් මීට කලින් ip changer ද මොනවද නමක් කියාගෙන එක එක එව්ව ඩවුන්ලෝඩ් කරගෙන අහුමුලුවල රිංගල කොම්පියුටර් එකත් ස්ලෝ කරගෙනලු.. ඒ හින්ද මම මේ කස්ටියටත් කියල දීල එන්නම් අපි දෙන්න කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල.. 


ශරි මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු... 


1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ... 


2.  ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න  netsh interface ip show config     දැන්(එහෙමත් නැත්නම්  ipconfig /allපෙනෙයි ඔයාගෙ IP Address එක

DHCP enabled:        NoIP Address:              192.168.1.148 SubnetMask:            255.255.255.0Default Gateway:      192.168.1.1  (මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල ) 


3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම netsh interface ip set address name="Local Area Connection" static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1 මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ.. 


.

Saturday, November 8, 2014

IP Address කියන්නේ මොනවද?

ඇත්තටම මොනවද මේ IP Address කියන්නේ . .ඔන්න ඕක තමයි අද අපේ මාතෘකාව ඉතින් මේ ගැන දන්නේ නැති කට්ටියට මේක ගොඩක් වැදගත් වෙයි . .එහෙනම් ඔයාල කියවලා බලල වැරදි එහෙම තියෙනවා නම් කියන්නකො . . .



  • IP Address එකක් කියන්නේ අප කුමන හෝ Network එකක් සකස් කිරීමේදී එම Network එකෙහි ඇති එක් එක් උපාංග (පරිගණක, ජාලාකරණ උපාංග..........) වැනි දෑ එකින් එක හදුනා ගැනීමටත් එම එක් එක් උපකරණ එකින්එක සම්බන්ද කිරීමටත් මෙම IP Address බොහෝ සෙයින් වැදගත් වෙනවා.
  •   අප Network එකක් සැළසුම් කිරීසුම් කිරීමේදී IP Address අපිට කැමති පරිදි එක් එක් උපකරණ සදහා Assign කිරීමට බැහැ. ‍මේ සදහා පිළිගත් ක්‍රමවේදයක් තියනව (අනිත් බේලොග් සටහන බ‍ලන්න). අප නිවරදිව Network එකක් සකස් කිරීමේදීඑහි ඇති උපාංග ගනන, එම Network එකට සම්බන්ද කරන Network ගණන වැනිදෑ ගැන අපට ගොඩක් සැළකිලිමත් වෙන්න වෙනව. ඔන්න ඔය වගේ දෙ‍යකට තමයි මුලිකවම IP Address එකක් කියන්නේ. . .
IP Address හදුනාගනිමු

දැනට ලෝකයේ IP Address වර්ග 2ක් භාවිතා කරනවා .. ඒව තමයි...

  1. IPv4
  2. IPv6
  • IPv4 තමයි දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි කරන IP Address වර්ගය. ඒ උනත් IPv6 වේග‍යෙන් ලොවපුරා ඇති Network සදහා යොදාගනිමින් පවතිනවා . .
 IPv4 Address එකක ප්‍රධාන කොටස් 2ක් තියනවා..
  1. Network ID
  2. Host ID
  • මම ඔයාලට පසුව කියල දෙන්නම් මේ කොටස්2ක ගැන.දැන් මම ඔබට හදුන්වල දෙන්නෙ IPv4 වර්ගයේ  IP Address Network එකක් තුල යොදාගන්නා ආකාරයයි.ඊට කලින් අපි බලමු කොහොමද මේ IP Address එකක් හැදෙන්නෙ කියල . . 
  • IPv4 Address එකක් හැදෙන්නෙ Bit32ක එකතුවකිනුයි. මොනවද මේ Bit කියන්නෙ.පහත උදාහරනයෙන් ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්. . 
  • අප යම් සංඛ්‍යාවක් 2 පාදයෙන් ලිවීමේදී එහි ඇති 1 හා 0 අප Bit ලෙස හදුන්වනවා . .

  • කොහොමද සංඛ්‍යාවක් පාදයෙන් ලියන්නේ....
  • Network address එකක එක් ඉළක්කම් ඛාන්ඩයක් සදහා අපට යෙදිය හැකි උපරිම සංඛ්‍යාව වන්නේ 255 (2)යි.                                                                                                                                                                                          
                                                                                                    

  • එනම් විශාලතම Network address වන්නේ 255.255.255.255 යි.
  • දැන් මම ඔයාලට කියල දෙන්නම් කොහොමද සංඛ්‍යාවක් පාදයට හරවන්නෙ කියලා . .. 
  • අපි ඉහත උදාහරණයම ගමු.
     
  • දැන් ඉතුරු සංඛ්‍යා ටික අවසානයේ සිට ඉහලට ලියන්න.. 11000000 මේ විදියට තමයි දහයේ පාදයේ සංඛ්‍යාවක් පාදහයන් ලියන්නෙ.Network address එකක්පාදයෙන් ලිවීම තුලින් අපට Network එකක් සැකසීමේදී එම Network එකට අවශ්‍ය Host (පරිගණකහා Network ගණනට සරිලනම Network addressපරාසය සකසාගතහැක


IP Address Classes
  • අප භාවිතාකරන IP Address ජාත්‍යන්තර සම්මතයකට අනුව පංතීන් කිහිපයකට බෙදා ඇත.මෙම IP Address  Classes නිර්මානය කිරීම සදහා පදනම්කරගෙන ඇත්තේ Network එකක විශාලත්වයයි. ඒ කියන්නේ කුඩා Network සදහා එක් පංතියක්ද, මධ්‍ය පරිමාන Network  සදහා එක් පංතියක්ද, මහා පරිමාන  Network සදහා එක් පංතියක්ද වශයෙනි. ඒ අනුව ප්‍රධාන වශයෙන් අපට  IP Address  Classes තුනක් දකින්න පුළුවන්. . .
    1.  Class A: 1-126           උදා -10.50.230.23 
    2.  Class B: 128-191       උදා - 172.5.2.221
    3.  Class C: 192-223       උදා - 192.168.50.10
  • IP Address එකක ඇති පළමු සංඛ්‍යා කාණ්ඩය මගින් අපට  IP Address Classes එක හදුනාගන්න පුළුවන්..දැන් අපි බලමු එක් එක් IP Address Classes එකට ඇතුලත් කළහැකි Host ප්‍රමානය හා Network  ප්‍රමානය. ඒක පැහැදිලිව තේරුම් ගන්න නම් මගේ කලින් පෝස්ට්එකේ තිබුනු Network ID හා Host ID කියන්නෙ මොකක්ද කියල පැහැදිලිව තේරැම් ගන්න ඕන. . 
  •  Network IDIP Address එකක Network ID මගින් එම IP එක assign කර ඇති Host එක කුමන  Network එකට අයත් දැයි පෙන්වයි. එසේම Network එකකදී  IP Address එකක  Network ID එක නොවෙනස්ව පවතී.
  • Host ID:  IP Address එකක Host ID එක ලෙස හදුන්වන්නේ Host එකකින් එකකට IP Address එකෙහි ‍වෙනස්වන කොටසයි.මෙය සැමවිටම එකම Network එකක් තුල එක් එක් Host එකට assign කරන IP එකෙහි වෙනස් විය යුතුයි.  
‍‍  ""සෑමවිටම Network එකක  IP Address  එකෙහි Network ID එක   නොවෙනස්වන අතර Host ID එක සැමවිටම වෙනස්වේ""

IP Address Class හි Network ID එක හා Host Id එක
  1.  Class A:   Net. Host. Host. Host
    2.   Class B:   Net. Net. Host. Host
    3.   Class C:   Net. Net. Net. Host