Showing posts with label article. Show all posts
Showing posts with label article. Show all posts

Thursday, September 4, 2014

ඔබේ චර්යාව පාලනය කළ හැකි විස්මිත අත් වළල්ලක් ජිල්මාර්ට්ස් මල්ලි වෙතින් නම් නෙමේ . . .


ඔබ කරන ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ඉලක්කයට ප‍්‍රමාණවත් නැද්ද සොයා බලා ඔබට පුංචි කම්පන ප‍්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව එයට තියෙනවා.

එහි නම පැව්ලොක් (Pavlok). ඔබේ චාර්යාව වෙනස් කර ඔබට ධනාත්මක මඟකට යොමු කිරීමට මේ වළල්ලට පුළුවන්.මෙහි නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා මේ විස්මයජනක නිපැයුම මේ වසර අග දී වෙළඳ පොළට දමන්න. 

 


මේ පැව්ලොක් වළල්ලට පුළුවන් ඔබේ චර්යාව අධ්‍යයන කර ඔබ ගන්නා ව්‍යායාම් ඔබේ සෞඛ්‍යය පවත්වා ගෙන යාමට මඳි නම් කම්පන ප‍්‍රහාරයක් මගින් ඒ බව ඔබට සිහිපත් කර දෙන්න.
”අප මේ සඳහා දැනටමත් ඩොලර් 100,000ක අරමුදලක් ඇති කරලයි තියෙන්නෙ, මේ නව නිපැයුම වෙළඳපොළට දමන්න. මෙම නිෂ්පාදනයෙහි පළමු වළලූ තොගය දෙන්නට යන්නේ අන්තර්ජාලය හරහා අප හා එක්වන අයටයි. ඒ සඳහා මහජන අරමුදලක් ඇති කරන්නට බලාපොරොත්තු වෙනවා.” යැයි මෙහි ප‍්‍රාරම්භකයා වූ මනීෂ් සේති (Maneesh Sethi) කියනවා.
”කම්පනයත් දීම ම නෙමෙයි මෙහිදී වැදගත් වෙන්නේ, ඔබ විසින් කළ යුතු දෙයට යොමුවීමට මොළය හුරු කිරීමයි, මෙහෙදී සිදු වන්නේ.” සේතී බොස්ටන් කොම් වෙබ් (Boston.com) වෙබ් අඩවියට කියා තියෙනවා.
මේ සඳහා මෙහි නිෂ්පාදන ආයතනය වෙබ් අඩවියක් ද නිර්මාණය කරල තියෙනවා. ”පැව්ලොක්, ඉතාමත් සරල වළල්ලක් වැනි අතේ පැලඳිය හැකි උපකරණයක්. එය පලඳින අයට වඩා හොඳ පුරුදු ඇති කර ගන්න උදවු වෙනවා.” කියලයි ඒ වෙබ් අඩවියේ සඳහන් වෙන්නෙ.
මනෝවිද්‍යාත්මකව පිළිගත් ක‍්‍රමවේදයන් යොදා ගෙන තමයි මෙය නිපදවා තියෙන්නෙ. කායික හා මානසික යෝග්‍යතාව, ඵලදායිතාව, පලඳින්නාගේ කාර්යක්ෂමතාව ආදියේ වර්ධනයට මේ අත්වළල්ල රුකුලක් වනවා නිසැක යැයි ශවුන් විශ්වාස කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් සුළු මාත‍්‍රයක ‘ඉලෙක්ටි‍්‍රක් ෂොක්’ එකකින්.
මේ වළල්ල කි‍්‍රයා කරන්නේ කෙසේදැයි ඔවුන් හෙළිදරවු කර නැහැ. ඒක රහසක් හැටියටයි තියා ගෙන තියෙන්නෙ.



මේ අදහස ස්ටැන්ෆෝඞ්වල දී ලත් අත්දැකීමක් මතයි. මේ වසරේ මෙය වෙළඳපොළට ඒවි.

අත්වළල්ල අතට දමා අතේ ප‍්‍රමාණයට සකසා අගුළු දා ගත්තෑකි. ඪට පස්සෙ වළල්ලෙන් ඔබට අවශ්‍ය උත්තේජනය දෙන්න විදුලි සැරයක් නිකුත් කෙරෙනවා.

කැමති නම් අරගෙන බලන්නකෝ මම නම් වග කියන්නේ නැතෝ . . like එකකුත් දාලම යන්නකෝ . . ඔයාලටමනේ හැමදාම අපි පොස්ට් අරන් එන්නේ. .මන් යනවා ඔයාලට ජය වේවා!

ලෝකයේ අලූත්ම කෝටිපති ලැයිස්තුව එලියට එයි බිල් ගේට්ස් නැවතත් මුල් තැනට හැම පාරම වගේ ජිල්මාර්ට්ස් මල්ලිට අන්තිම


බලන්නකෝ කෝටි පති ජිල්මාර්ට් මල්ලිට වුන දෙයක් . . එකකුත් බිලියනපතියන් 1645කින් සමන්විත ලොව ධනවත්ම පුද්ගල ලැයිස්තුව පසුගියදා ෆේබ්ස් සගරාව එළිදැක්විය. මෙම පිරිස සතු මුල්‍ය වටිනාකම ඇ.ඩො. ට්‍ලියන 6.4කි. එය පසුගිය 2012 වසරේදි සදහන් වුයේ. ඩොලර් ට්‍රිලියන 5.4ක් ලෙසනි. එසේම පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ සිටි කාන්තා බිලියනපතියන් සංඛ්‍යාව 138ක් වෙද්දි එය මෙවර 172ක් බවට පත්ව ඇත්තේ නව බිලියනපතියන් 42ක් ද සමගිනි.  වසර 4කට පසු නැවතත් බිල්ගේට්ස් ධනපති ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ පුරා වසර එම ස්ථානය දැරූ කාලෝස් ස්ලිම් දෙවැන්නා කරවමිනි. බිල්ගේට්ස් පසුගිය පුරා විසි වසර තුළ වසර 15ක්ම ෆෝබ්ස් ධනවතුනගේ මුල් තැන ගෙන සිටි අතර ඔහු ඔහුගේ මුල් තැන මෙවර ලබා ගෙන තිබේ. ස්පාක්‍ද්ක්‍දයේ සාරා විලාසිතාා රේදිපිලි අලවි ජාලයේ හිමිකරුවා වන ඇමෙන්ෂියෝ ඔටේගා ලැයිස්තුවේ තෙවැනි තැන හිමිකර ගනිද්දි පසුගිය වසරේ මෙම ලැයිස්තුවේ ඉහළම මට්ටමේ රැුදි සිටි වොරන් බුෆේ 2014 වර්ෂය සදහා වන ෆෝබ්ස් ලැයිස්තුවේ.  සිව්වන තැනට පත්ව සිටි. ෆේබ්ස් ලැය්ස්තුවේ ප‍්‍රථමයන්ට අමතරව මෙවර ලැයිස්තු දෙස බැලූ විට පෙනී යන තවත් කරුණු රැුසක් තිබේ.  මෙවර වර්ෂයේ වැඩිම ඩොලර් උපයා ලත් පුදගලයා ලෙස ෆෝබ්ස් සගරාව නම්කර ඇත්තේ මාක් සකර්බර්ග්ය. ඔහ් මීට පෙර වසරේ ඔහුගේ වත්කම ලෙස සටහන්ව තිබු ඩොලර් බිලියන 15.2සිට  ඩොලර් බිලියන 28.5 දක්වා උපයා ගැනිමට වර්ධනය කොට තිබේ.මාර්ක් සකර්බර්ග්ට මෙම ධනස්කන්ධය උපයා දී තිබෙන්නේ පස්ගිය වසරේ දැඩි කතාබහට ලත්වු ෆේස්බුක් සමාජ ජාලයයි. ඊට අමතරව ඔහු ඉන් උපයා ගත් ධනය විවිධ තාක්ෂණික හා සන්නිවේදන අංශයන්හි අයෝජනය කිරිමද ඔහුට බිලියනපති ලැයිස්තුවේ ඉහල යාමට හේතුවිය. මාර්ක් සකර්බර්ග් මෙන්ම සමාජ ජාලයක් කිර්මණයක් තුළ ජෑන් නොා්වුම් හා බ‍්‍රයන් ඇන්ටන් යන තරුණයන් දෙදෙනාද මෙවර ෆෝබ්ස් බිලියනලතියන් ලැයිස්තුවට එක්ව සිටිඔවුන් නිර්මාණය කළ වට්ස් (Whats app) ඇප්ලිකේෂණය ඇන්ඩ්‍රොයිඞ් දුරකථන අතර ඉතා ජනප‍්‍රීය වු අතර ඒය ෆේස් බුක් සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන ගණනකට මිලදි ගන්නා ලදි. ඒ අනුව ඇමරිකාවේ තාක්ෂණික පාරාදීසය වු සිලිකන් වැලිහි තවත් ධනපත්යකු වන්නට මොවුන් දෙදෙනාට හැකියාව ලැබුණි. මෙවර ෆොබ්ස් බ්ලිවනපති ලැයිස්තුව රටවල් අනුව වෙන් කළහෝත් එහි වැඩිම ප‍්‍රමාණයක් එනම් 492ක් බ්ලියනලතියන් නියෝජනය කරන්නේ ඇමරිකාවයි.එසේම ආර්ථික ලෝක්යේ ඇමරිකාවට සිටින විශාලතම අභායේගය වන චිනය නියෝජනය කරමින් බිලිවනපතියන් 152ක්ද රුසියාවෙන් 111ක් පළමුවතාවට ඇල්ජීරියාව ලිතුවේනියාව ටැන්සානියාව හා උගන්ඩාව ලොවට බිලියනලතියන් බිහ්කර තිබේ. අප‍්‍රීකානු රජයකින් වර්ථාවු පළමු බිලියනපතියාවු ඇලීකෝ ඩෙන්ගෝජ් නයිජිරියාව නියෝජනය කරමින් ෆෝබ්ස් බිනපති ලැයිස්තුවට යන්නට වාසනාව උදාකර ගත්තේ ඇමරිකානු ඩොලර් බිලියන විසිපහක් තමා සන්තතකයට කර ගනිමිනි. ශ‍්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයටත් වඩා වැඩියේන් තම පෙකොට්ටුවේ මුදල් ඇති මොවුන් සල්ලි හොයනනේ කුමක් කරලාද යන්න ගැටලූව ඔබට පවතිනවා විය හැක. මෙවර ෆෝබ්ස් සගරව එළි දැක්වු ලැයිස්තුවේ තුනේන් දෙකක් පමණ සිය කැපවිමෙන් උපයා ගත් මුදලින් වාසනාව ලගාකර ගත්තවුන්ය. ලැයිස්තුවේ 21% ක් පමණ තමන්ට ලැබු මුදල් නිසාද 13‍%ක් දෙනා පරවේණි උරුමයන්ගෙන්ද ෆෝබ්ස් ලැයිස්තුවට ගොස් මෙලෙස ලියන්නට වෙන තැනට පැමිණ ඇත. ලෝකය සමබර විය යුතුය. එය එසේ වන්නට නම් මෙම ලැයිස්තුවෙන් යම් පිරිසක් හැලියා යුතුය. ඒ අනුව මෙවර බිලියනපති ලැයිස්තුවෙන් වැඩිම පිරිසක් හැලී ගියේ තුර්කි ජාතිකයන්ය.බලන්නකෝ ඉතින් මේ ජිලමාර්ට්ස් මල්ලිව අන්තිමට දැම්මනේ මම කෝටි පති ලැයිස්තුවෙන් මුලට එන්න කියල පොඩි පගාවකුත් දුන්නා එත් අන්තිම දුක තාම ජිල් කොල්ලෝ . . ඉතින් මම යනවා යාලුවනේ  .. 


  

සදකඩ පහනට කැටයම් යොදලා, ගීතයේ තේරුම දන්නවද? ජිල්මාර්ට්ස් මල්ලි වෙතින් ඔයාලට . .



ඉතින් යාලුවනේ මේ ලගදී මට ඔය සින්දුව ඉතාමත් සංකිර්ණව අහන්න සිදු වුනා මොකද කියලනම් අහන්න එපා මන් මේ සින්දුවේ තේරුම හොයන්ඩ ටිකක් උත්සහ කළා එතකොට තමයි මට මේ සින්දුවේ තේරුම හම්බ වුනේ ඔයාලත් දැන ගන්න ඕනේ නිසා තමයි මම අද මේක දෙන්න හිතුවේ . . සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා. සදකඩ පහණ කියන්නේ කලාකරුවෙක් අතින් නිර්මාණය වෙන අපුරු නිර්මාණයක්... මේකේ සදකඩ පහණකට ආරෝපණය කරලා තියෙන්නේ සැමියා නැති, කුඩා දියණියක් සිටින රූමත් කාන්තාවක්... සදකඩ පහණක කැටයම් ඔපලා පාවෙන දේදුණු ලැගුම් ගනී..... තනිව සිටින මේ කාන්තාවගේ ඇසුරට මිනිස්සු එනවා. පාවෙන දේදුණු කියලා උපමා කරන්නේ ඒ මිනිස්සුන්ට, කැලතුන රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී... මේ තහනම් ඇසුරේ කැලතුන රසය ගැන දන්නේ පැමිණෙන මිනිසාත් ගැහැණියත් පමණි. සදකඩ පහණ කොපමණ අනගි නිර්මාණයක් උනත් ඒක පයට පෑගෙනවා, ඒ වගේම මේ කාන්තාව කොච්චර ලස්සන උනත් සමාජයේ ගැරහුමට ලක් වෙනවා යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතු වෙද්දී නොපෙනෙන ඈතක ඈ ගෙනයනවා සියුමැලි කැකුලක් මැල වෙද්දී.... මේ විදියට දිගින් දිගටම මිනිසුන් ඇසුරුකරන මේ කාන්තාව ගණිකාවක් බවට පත් වෙනවා.. එතකොට ගැහැණියගේ දරුවා නිවසේ තනි වෙනවා. කැකුලකට උපමා කරලා තියෙන්නේ ඒ දියණිය, දහසක් පෙති මත රහසක් සගවා තුඩින් තුඩට ගෙනයන බින්දු... ඇයව ඇසුරු කරන මිනිස්සු ඇය ගැන තමන්ගේ යාළුවන්ටත් කියනවා.ඇය ගැන ආරංචිය රහසක් විදියට පැතිරෙනවා, අහසක් ගුගුරා කළුවක් වපුරා ඒ හා මුසුවුණු වැහි බින්දු... මේ කාන්තාව මේ කටයුත්ත කරන්නේ කැමැත්තෙන් නෙවේ... තම දරුවාගේ ජීවිතය වෙනුවෙන්, ඈ ගෙන යද්දී නටබුන් අතරින් තවකෙකු ඈ වෙත හද රැන්දූ... පැමිණෙන පුද්ගලයා අසුරුකරලා ඉවර උන ගමන් ඈ ඇසුරු කරන්න තව පුද්ගලයෙක් එනවා. මේ විදියට ඈට තම ජීවිතය ගැටගහා ගන්න මිනිස්සු රාශියකගේ ආශාවන් පිරිමහන්න වෙනවා, හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා ඉවත යවා.... තමන්ගේ රැකියාවෙන් දියණියට සිදුවන අවමානය නැතිකර ගන්න තමන්ගේ දියණියව ඈතකට යවන්න මේ කාන්තාවට සිදු වෙනවා.දියණියට සිදුවන්නේ අකාලයේ අම්මව අතහැරලා යන්න, මිහිලිය තෙත්කොට ගිලිහුන කදුලක් සත් සමුදුරකට මුහුව ගියා... මේ කාන්තාව දියණියව වෙන තැනකට යවන්නේ ගොඩක් දුකෙන්.. ඒත ඇයට ඒක තවත් එක දුකක් පමණි, ඔබට උරුම වූ රිදුනු තැවුණු හද එක්ටැම් මැදුරක කවුරු අරා රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටි බලා.... මේ කාන්තාව තමන්ගේ දියණිය ඉගෙනගෙන ලොකු තැනකට ගිහින් තමන්ගේ අම්මව දුක්බර ජිවිතයෙන් මුදව ගන්න එනකන් ඇගිලි ගනිමින් බලන් ඉන්නවා 

සින්දුව අහන්න ඕනේ නම් මෙතනින් ගිහින් download කරගන්නකො

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැඟුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
යුගයෙන් යුගයට නොමියෙන දහමක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බිංදු
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුණු වැහි බිංඳු
ඈ ගෙන යද්දී නටඹුන් අතරේක
තවකෙක් ඈ වෙත හද රැන්දු

හදවිල ඉපදුණු කැකුලක් නොකලක
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිහිලුණු කඳුලක්
සත්සමුදුරකට මුසුවගියා
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙට පියඹා
පොපියන හදවත සිටී බලා



උපුටා ගැනීමකි >ජනවහර