Saturday, August 30, 2014

how to starting word . . .Office Lesson 02

ඔන්න මම office ගැන දෙවැනි post එකත් ගෙන්න හදනේ...
how to starting word..............




  1. double click word icon on the desktop.
  2. click start button>All programs>ms office>ms word
  3. click start button>click run>type win word>ok
අපි කලින් office interface ඒක නම් කලානේ දන් ඉගෙනගමු ඒ නම් කරාපු ටූල් වලින් කරන්න පුළුවන් වැඩ ගැන..........
Title bar
     document එකේ එහලින්ම පිහිටා ඇති මෙය තුල file name පිහිටා ඇත තවද quick access ටූල් bar එක පිහිටා ඇත...
 quick access tool bar

 මෙය තුල අප නිතර බාවිතයට ගනු ලබන command වලට අදාල tools පිහිටා ඇත.අලුතින් ටූල් add කිරීමට
click කර more command යන්න ලබාදිය යතුය.

office menu
නිතර බාවිතා වන command මෙයතුල අන්තර්ගත කර ඇත(ms office 2007 මෙය වෙනුවට office button දැකිය හැක)
ribbon
 document සකස් කිරීමේදී එය ඉක්මනින් හා පහසුවෙන් කිරීමට ටූල් බාවිතා කරයි එම ටූල් ඇතුලත්ව සකස් කර ඇති කොටස මේ නමින් හදුන්වයි.ribbon එක ribbon tab මගින් වෙනස් කල හැක.
ruler
document එක යම් මට්ටමකට අනුව නිර්මාණය සදහා මෙය බාවිතා කරයි.ruler එක ලබා ගැනීමට පහත පරිදි විදාන දිය හැක
                                     view> ruler ආකාරයට හෝ
                                                                                   ස්ථානය click කල යුතුය
මෙහි මිනුම් ඒකකය සකස් කිරීමට click office menu>word options>advanced යන ආකාරයට cmd ලබාදී show measurement in unit of යන ස්ථානය click කර OK විදානය ලබා දේන්න
text area
word වලට පිවිසීමෙන් පසුඅපට අවශය නිර්මාණය කිරීම සදහා ලබාදෙන පසුබිම text area නමින් හැදින්වේ.word වලට පිවිසීමෙන් පසු අපට ලබාදෙන text area එක letter size වන අතර මෙය වෙනස් කරන ආකාරය ඉගාව post එකේදී බලාපොරොත්තු වන්න
zoom
text area එක අපට පෙනනෙන ප්‍රමණය විශාල කිරීමට හෝ කුඩා කිරීමට මෙය බාවිතා කරයි
cursor
document හි type කල ස්ථානය පෙන්නුම් කිරීමට cursor බාවිතා කරයි.යම් ස්ථානයක type කිරීමට එම ස්ථානයේ cursor තැබිය යතු වේ..
post එක සැදුවේ රජිත් ලක්ෂාන් වෙනුවෙන් මාධව.ඔබගේ අදහස් ,යෝජනා,චෝදනා ඇත්නම් අපහට දැනුම් දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි!!!!!!

Thursday, August 28, 2014

Office Lesson 01

ඔන්න යාලුවනේ මම රජිත්ලක්ෂාන් සහෝ වෙනුවෙන් ඔයලට අළුත් පොස්ට් දෙන්න යන්නේ මොකකක්ද දන්නවද මේ ඔයලට කියාදෙන්න යන්නේ Microsoft office package ගැන තමයි මම ඔයලට කියලා දේන්න යන්නේ.



MS ආයතනය විසින් කාර්යාල කටයුතු විදිමත්ව ඉතා පහසුවෙන් කරගෙන යන්න තමයි මේ office package හදුනනවා දුන්නේ.නුනතනයේ office 2007,2010,2013 වශයෙන් update වෙලා ටිනවා....

popular office package වශයෙන් ,,,,,
  • word
  • excel
  • power point
  • access
හදුන්වා දෙන්න පුළුවන්..

අප මුලින්ම office word ගැන ඉගෙන ගමු
Introduction ms word.....
කාර්යාල කටයුතු පහසුවෙන් කරගැනීම සදහා හදුනවා දී ඇති Application document package වශයෙන් හදුන්වා දී ඇති අතර word processing කටයුතු සිදු කිරීමට මෙම මෘදුකාංග ය බාවිතය ගනු ලබයි
office interface හදුනා ගැනීම අපට වදගත් වේ
 මේ මගේ පලවෙනි පොස්ට් එක නිසා පොඩි වැරදීම් ඇති වැරදි තියෙනවා නම් අපහට දැනුම් දෙන මෙන් අපි ඉල්ලා සිටිනවා.post එක හැදුවේ ඉෂාන් මාධව.....................RnT වෙනුවෙන්!!!!!!!!!!!!!!!!! office ගැන ඉගාව පොස්ට් එකෙන් හමුවෙමු!!!!!!!

Tuesday, August 26, 2014

ඔන්න යාලුවනේ ඔයාලට තවත් යාලුවෙක් සෙටි වෙන්නයි යන්නෙ. මම තරංග,


ආයුබෝවන් යාලුවනේ .
 ඔන්න යාලුවනේ ඔයාලට තවත් යාලුවෙක් සෙටි වෙන්නයි යන්නෙ.
මම තරංග,

මට පොඩි  කාලෙ ඉදලම පොඩි ලෙඩක් කියන්නත් බෑ, ඒත් නිකන් විවිධ දේවල් දැක්කහම ආසාවක් වගේ දෙයක් ඇත්වෙන්න ගත්තත.වැඩිමනක් විදුලි උපාංග. හැබැයි ආසාව ඇතිවුනේ ඒව අරගන්න නම් නෙමෙයි, ඒව ගලෝල මස් කරන්න තමා.
            ඉතින් ඔහොම ගියා කියමුකො , විභාගෙත් කරා . ඒ වෙනකොට ගලවල තිබුණ දේවල් අතරින් මගේ ගෙදරින් ඉතිරිවෙලා තිබුනේ අපේ ගෙදර සාමාජිකයන් විතරයි. ඔයාල බය වෙනන්න එපා මොකද මේක බෝවෙන් නැහැ.
            මම මුලින්ම ගලවන්න පටන්ගත්තේ කැඩුනු නැත්තම් පරණ උපකරණ, පසුව හොදින් වැඩකරන උපකරණ ගලවල නැවත තිබූ තත්වයෙන් සවිකරන්න පුරැදු වුනා , මට ඒ වැඩවලදි විවිධ අයගෙන් උදව් ඉල්ලගන්න ඕන වුනා . ඒ අවස්ථා වලදී මට උදවු කරපු අයට මම මේ වෙලාවෙ ස්තූතිකර සිටිනවා.
දැන් ඉතින් මම ගලවපු හයිකරපු ඒවගෙන් ඔයාලට වැඩක් වෙන එකක් නෑනේ නේද?
  එහෙම නැතුවත් බැහැනෙ කතාවට බහිනකොට කට්ටියව අල්ලගන්න කර්මයක් තියෙන්න එපායැ.
මම ඔහොම ගලෝගෙන ගලෝගෙන එනකොට, එක දවසක් ගෙදර තිබූ ජංගම දුරකථනයට කූඹු රිංගල , කූඹින්ටත් වෙ තැන් නැතුවට නේද? 
            ඉතින් ඔන්න එදා තමයි වැඩකරන  phone එකක් ගලවන්න අවස්ථාව ලැබුනේ, මෙතනින් තමා අපි වැඩේට බහින්නෙ. එදා මම ඒ වැඩේ ගොඩ දැම්ම . ඒත් ඒක ගලවද්දි පොඩි පොඩි වැරදි කර්ම වගයකුත් භාවිතා කලා ඒ පලවෙනි phone එක නිසා . මම විශ්වාසයි මට ඒ phone එක අවුලක් නැතිව සවිකරන්න පුලුවන් වුනේ කලින් අර එක එක ඒව ගලවපු නිසා කියල.
දැන් නිකන් තේරෙනව වගේද මම මොකාටද එන්නෙ කියල , ආ.
කරගෙන ආපු කතාවට මම මතුසම්බන්ධයි කියන්නම්.
මම මෙතනට ආවෙ කොහොමද කොහේ ඉදලද කාගෙ උදව්වේන්ද කියල පස්සෙ කියන්නම් . මොකද ඒව නොකීවොත් මම වරදක් කලා වෙනව ඒව දැන් කීවොත් ඔයාලට එපා වෙනව.
මම ඔන්න ඔන්න ඔන්න දැන්නම් වැඩෙ හරියටම පටන් ගන්නවා

මම ආවේ ඔයාලට ජංගම දුරකතන පිළිබද මුලික දෘඩාංගමය දැනුමක් ^නැති නම් phone වල කෑලි හයි කරන හැටි කියල දෙන්න තමා ආවෙ^




            මගේ phone ගලවන හයිකරන පන්තියට හැමෝමවම සාදරයෙන් පිළිගන්නව,
 ඉතින් අපි ඔහොම කරගෙන යමු.

පන්තිය තියෙන්නෙ අපෙ  ,lakshan කොල්ලගෙ බොලොග් එකේ පාර නම් කව්ද නොදන්නෙ.
මම කැමතියි මට ඔයාල තරංග කියල කියනවනම් ,
            

මම ඔයාලට විවෘතව ආරාධනය කරනව ජංගම දුරකථනයක්

නැත්නම්  Mobile phone එකක් කියන්නෙ
මොකක්ද කියල කියන්න.
පලවෙන් පාඩම මම මිලග පොස්ට් එකේ
 ඉදල නොකඩවා ගෙන එන්න  පොරෝනදු
  වෙනව .අදට මම නවතින්නම්.
මමත් සමදා Lakshan සමග ඉන්නව .
Lakshan හැමදාම අපිව බලාගනීවි.

ස්තූතියි.

RnT Production™

  

සුබ දවසක් යාලුවනේ ! අද තමයි ටික කලයකින් ලිපියක් අරගෙන මම අවේ. ලිපියක් කිවිවට පොඩිඩක් වෙනස් ලිපියක් හොදද... අපේ අය ඉතින් වෙනස් කමි වලට කැමතියිනේ. මුලින්ම RnT Production™ එකේ අතීතය මතක් කර්නමි. Edit කරපු Video Song 7ක් එක්ක 2012.01.01 වෙනිදා තමයි මෙම ආයතනය නිල වශයෙන් වැඩ ආරමිභ කරන්නේ. ආයතනයක් කිවිවට හැමදේම කලේ එක් අයකු විසින්. මොකද්ද මේ RnT කියන නමේ තේරැම කියලා දැන් අපි බලමු.
R අකුරෙන් Rajith,
n අකුරෙන් and,
T අකුරෙන් Techan. ඕන්න  ඔය විදියහට තමයි RnT Production™ කියලා නම හැදෙන්නේ..අපි දැන් බලමු ඒදා ඉදන් අද දක්වා RnT™ එකේ Logos ටික.
1st Logo 2012.01.01
RnT Videos Production (2012-01
2nd Logo 2013.01.01
RnT Best Logo Objt cnvt
3rd Logo 2014.01.01
  RNT LOGO
   දැන් මම කියන්න යන්නේ මිට මාස දෙකකට පෙර සිට අද දක්වා පොඩි විස්තරයක්. එනමි 2014.06.26 දින RnT Production™ ආයතනය මුල් කරගෙන RLTechZone.blogspot.com බිලොග් අඩවිය සයිබර් අවකාශයට මුදා හරින්න රජිත් ලක්ෂාන් හට හැකියාව ලැබුනා. ඉන් පසුව ලාලින්ද මාධව සහෝදරයගේ නොමද කැප විම නිසා අඩවියට අලුත් පෙනුමක් ලබා ගැනිමට හා අප අඩවිය දියුණු කර ගැනිමට හැකි විය. ඉන් පසුව අප අඩවියේ පලවන ලිපි සදහා තාක්ෂණික උදවි ලබා දිමට, ප්‍රචාරණ කටයුතු හා එක් එක් විශයන් සමිබන්ධව ලිපි ලියන්නන් විශාල පිරිසක් අපිත් එක්ක මේ වන විට එකතු වේලා තියෙනවා. මම ඔවුන් ගැන තොරතුරැ පහලින් දාන්නමිකෝ ඔයාලට දැන ගන්න. ඉදිරියේදිත් තවත් අය එකතු වෙවි. යාලුවනේ අපේ මිනුස්සුන්ට ඔවුන් යමි ස්තාවර තත්වෙකට ආපුවහම මුල අමතක වෙන රෝගයක් තියෙනවා.. මම කියන්නේ නෑ ඔයාටත් එහෙම රෝගයක් තියෙනවා කියලා. ඒත් මේ රජිත් ලක්ෂාන් ට නමි මුල අමතක වෙන්නේ නෑ මොන පටිටමක් හමිබ වුනත්..
අපේ ඇඩිමින්වරැන් මණ්ඩලය ඔයාල එක්ක සුහද ශිලිව කටයුතු කිරිමට උපන් ගෙයි දක්ෂයන් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැනේ. මම දන්නවා අපි කවුරැත් ඔයාල වෙනුවෙන් මේ මහන්සි වෙන්නේ, අපි දන්න දැනුම ඔයාලට ලබා දිමට මිස වෙන දෙකට නෙමෙයි කියලා. අධ්‍යාපනික, තාක්ෂණික, වින්ඩෝස්,දුරකථන,අන්තර්ජාලය හා ඔයාල කවුරැත් කැමති හැකින් වැඩ කෑලි ඔක්කොම එකම තැනකින් දැන හදුන ගන්න දැන් ඔයාලට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉදිරයේදි තව තව අලුත් විෂයන් ගොන්නක් එකතු විමට ඉඩ හැකියි බවත් මතක තියා ගන්නකෝ. 
මේ වන විට RTechZonelk නාමය දසත පතුරවමින් ඉතා වේගයෙන් දියුණු වෙමින් පවතින බිලෝග් අඩවියක් බව මේ වේලාවෙ දි මතක් කරන්නත් කැමතියි. දින් 54ක් වැනි ඉතා කෙටි කලක් තුල අප අඩවියට පැමිණි සංඛ්‍යාව පන්දහසේ සිමාව ඉක්මවා යෑම අප අඩවියේ සතු විශ්ෂ්ටත්වයේ සහතිකය බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සදහා ඔබ දැක්වු සහයෝගයට අප අඩවියේ කාර්‍ය මණ්ඩලයයෙයේ හදපිරි ස්තුතිය!
දැන් මම හදන්නේ අපේ ඇඩමින්වරැන් ව ඔබට හදුන්වා දෙන්න.
01.ලාලින්ධ මාධව(ජිල්මාටි මල්ලි)
2014.07.30 වන දින RLTechZonelk බිලෝග් අඩවිය සමග සමිබන්ධ වු ප්‍රථම සමාජිකයා මොහුය. මේ වන විට අප අඩවියේ සියලුම තාක්ෂණික වැඩ කටයුතු මෙන්ම නවක ඇඩිමින් වරැන් බදවා ගැනිමේ වගකිම මොහුට පැවරි ඇත. මීට අමතරව ප්‍රධහන වශයෙන් Facebook Tricks and Blog Tricks පිළිබද ලිපි භාරව කටයුතු කරයි, මීට අමතරව වෙනත් තාක්ෂණික ලිපි හරහා ඔබට දැනුම ලබා දේ.
02.හිතහොද RL මල්ලි
2014.08.01 දින අප අඩවිය සමග සමිබන්ධ විය. ඔයාල කවුරැත් කැමති හැකින් වැඩ කෑලි, Youtube හා අනෙකුත් තාක්ෂණික ලිපි හරහා ඔයාලට දැනුම ලබා දේ.
02.ඉෂාන් මාධව
2014.08.16 වන දින ප්‍රධහන ප්‍රචාරක කටයුතු භාරව වැඩ ආරමිභ කර අප අඩවිය සදහා තම උපරිම දායකත්වය ලබා දෙයි. මීට අමතරව තාක්ෂනික ලිපි හරහා ඔබ සමග දැනුම බෙදා ගැනිමට දායක වේ.
03.ඉසුරැ තරංග
2014.08.17 වන දිනඅප අඩවිය සමග අත්වැල් බැද ගනි. දුරකථන පිළිබදව ඔබ නොදත් දැනුම ලබා දිමට මොහු අප සමග එකතු වේ. මීට අමතරව අනෙකුත් තාක්ෂණික ලිපි ද මොහු රැගෙන ඒවී.
04.මියුරැ සහෝදරයා හා සංජය සහෝදරයා අප අඩවියේ ඇඩිමින් වරැන් හට Post සදහා තාක්ෂණික දැනුම ලබා දේ.
05.නුවන් සදකැලුමි
2014.08.19 දින අප අඩවිය සමග අත්වැල් බැද ගනි. සියලුම විෂයන් වලට අදාළ මොහු දන්නා දැනුම ඔබ සමග බෙදා දිමට කටයුතු කරයි.
06.රජිත් ලක්ෂාන්
මම ගැන මම කියලා වැඩක් නෑනේ. අපෙ‍් ඇඩිමින්වරයෙක් මම ගැන කියාවී.මම මොනවද කරන්නේ අරවා මේවා.....
(මෙම තොරතුරැ 2014.08.26 වන දින දක්වා අදාළ වේ.)
මෙම ලිපිය ඔබට වැදගත් නොවෙන්න පුලුවන්,නමුත් අප අඩවියේ අතීතය හා මේ සදහා තම උපරිම සේවාව ලබා දෙන අප සහෝදරයන්ව ඔබට අදුන්වා දිම හා ඔවුන්ව දිරි ගැන්විම සදහා අප අඩවියෙන් නිකුත් කරන ලද ලිපියක් බව දැනුමි දෙමි.






















Watch Videos On Youtube Without Signing In [යු ටුයුබි විඩියෝ Email එකට Log නොවි හිතේ හැටියට බලමු]

 

Watch-18 -Adult-Videos-on-YouTube-Without-signing-in[1]
      සුභ දවසක් මගේ යාලුවනේ. හුග දවසකින් ඔන්න මම ආවෝ ...ඔන්න යාලුවනේ අද දිනටඅප අඩවිය ආරමිභ කර  හරියටම මාස දෙකක් සමිපුර්ණ වෙනවා. ලක්ෂාන් සහෝදරයගේ ඉලක්කයත් ගේමක් නැතිව අපි පැන්නුවා. අද අරන් අවේ  ටිකක් විතර වෙනස් Post එකක්. වෙනස් කිවවට කියන තරමි වෙනසක් නෑ. වැඩි තකාවක් නැතිව වැඩේට බහිමු.අද කියා දෙන්න යන්නේ සමහර YouTube Videos(+18) බලන්න ගියහම මෙන්න මේ වගේ “Sign in to Confirm your age’’ පණිවිඩයක් එනවනේ. විශ්වාස නැත්තමි මෙතනින් ගිහින් බලන්නකෝ...
33 
  දැන් ඉතින් Email එකක් දිලා වයස ගැලපෙනව නමි විතරයිනේ Videos එක බලන්න දෙන්නේ. මම අද කියා දෙන්න යන්නේ අන්න ඒ වගේ අවස්ථාවකදී Email එකක් ලබා නොදි කොහමද වීඩියෝ එක බලන්නේ කියලා. මෙම කර්මය 100% විශ්වාසයි.
 
How To Watch 18+ Youtube Videos Without Logging In ?
01. ඉහත කියපු වගේ අවස්ථාවක් ආපුවහම ඒ වීඩියෝ එකට අදාළ ලින්ක් එක දිහා බලන්න. ඔය පහළ තියෙන්නේ මම උදාහරණයට ගන්න ලින්ක් එක.

02.දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ලින්ක් එක වෙනස් කරන්න.
වෙනස් කරිමට අවශ්‍ය ආකාරය  
Eg-: http://www.youtube.com/v/VideoId?fs=1 
https://www.youtube.com/ පසුව V/ යන්න ලබා දී, VideoId කියන තැනට අදාළ Youtube විඩියෝ එකේ Id එක දෙන්න. VideoID එකට පසුව ?fs=1 ලෙස ලින්ක් එක සකසන්න.පහළ තියෙන විදියහ බලන්න.
පොඩිඩික් ඉන්න විඩියෝ ID එක කියන්නේ මොකද්ද කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙන්න පුලුවන්. ඉන්ඩකෝ මම එක හොයා ගන්න හැටි  කියා දෙන්නමි. ඕනෑම Youtube විඩියෝ එකක watch?v= පසුව ඇති කොටස තමයි එම විඩියෝ එකේ VideoID එක කියන්නේ. මෙන්න මේ ලින්ක් එකේ හයිලයිටි කරලා තියෙන්නේ විඩියෝ ID එක. https://www.youtube.com/watch?v=7iYmNjSSKk
වෙනස් කිරිමට පෙ
Eg-: https://www.youtube.com/watch?v=7iYmNjSSKk
වෙනස් කිරිමෙන් සු 
Eg-: https://www.youtube.com/v/7iYmNjSSKk?fs=1    1

3. අවසානයේ Enter ලබා දෙන්න. එවිට මේ අකාරයට Video එක දැක ගන්න පුලුවන්  වෙයි.
අදත් ඔන්න සුපිරි Youtebe වැඩ කැල්ලක් කියා දුන්නා. Youtube  නමි ඉතින් හිතහොද RLමල්ලි තමයි කියාල කියන්නේ නිකන්ද? ? 
වැඩේ හොදයි නමි යාලුවන්ට දැන ගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....
Post එක ලිවවේ හිතහොද RLමල්ලි 





Saturday, August 23, 2014

සයිබර් අවකාශයට තවත් නිර්නාමික පුද්ගලයෙකු බිහි වෙයි . .




ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට සේරම හොදින් නේද?මන් අද දෙන්න හදන්නේ පොස්ට් එකක් නම් නෙමේ මන් අද කියන්න යන්නේ විශේෂ පණිවිඩයක් මොකක්ද දන්නවද ඒ? ඒ තමයි  RLTechZone.lk ඇඩ්මින් කෙනෙක්  අද නිර්නාමිකදෙන පුද්ගලයෙක්  ලෙස දිවුරුම් දුන්න එක ගැන අපි වගේම ඔයාලටත් දැන ගන්න කියන්නයි . .ඔහු නිර්නාමිකයෙක් වීමට හේතු වූ දේවලුත් එක්කම ඔහුමේ කතාව පටන් ගන්නවා කියවල බලන්නකෝ . .

මේ ලගදී මට අදුරන්නේ නැති පිටරට නම්බර් එකකින් මිස් කෝල් එකක් ඇවිත් තිබුනා . .ඉතින් මන් ආපහු කෝල් එකක් නම් ගත්තේ නැ මොකද මන් ඉතින් වටේ ඉන්න කොල්ලන්ව බයිට් එකට ගන්නවනේ එක නිසා නාදුනන නම්බර් වලින් මිස් කෝල් ගැහුවට ආපහු ගන්නේ නැ . .ඊට පස්සේ ටික දවසක් යද්දී ආපහු අර නම්බර් එකෙන් කෝල් එකක් ආවා. . මාත් ඉතින් ඉස්සුවා  . .හැබැයි කටහඩ නම් ගැහැණු කට හඩක් ..ලේසියෙන් මට ගැහැණු ළමයි නම් කතා කරන්නේ නැ ඒක නිසා මාත් ඉතින් දන්නේ නැද්ද කතා කළා  . .කෝල් එක ඉස්සුවට  පස්සේ මෙයා කියනවා අහ් ජිල්මාර්ට්ස් මල්ලි කොහොමද ඉතින් ඔයාට කියලා . . එයා මට මල්ලි කිවුව නිසා මම කිවුවා අනේ අක්කේ එහෙම කෙනෙක් නම් මන් අදුරන්නේ නැ ඔයාට වැරදිලා වෙන්න ඇති කියලා . . එයා ඊට පස්සේ කියනවා එහෙම වෙන්න බැනේ මම එයාගේ නම්බර් එක ගත්තේ එයාගෙම මුහුණු පොතෙන්නේ(facebook) කියලා . .ඊට පස්සේ මම ඇහුවා ඔයා ඔය කියන ජ්ල්මාර්ට්ස් මල්ලිගේ නම මොකක්ද කියලා . . එයා ඊට පස්සේ කියනවා අනේ පැටියෝ එයාගේ නම මතක නැති නිසා තමා ජිල්මාර්ට්ස් මල්ලි කියලා කිවුවේ කියලා  . .ඊට පස්සේ ඉතින් දන්නවනේ මන් ඉතින් ගොන් ටෝක් එකක් දාලා කෝල් එක කට් කළා . . 

ඊට පස්සේ මට මුහුණු පොතෙන් මට පණිවිඩයක් දාලා තිබ්බා හායි පැටියෝ කොහොමද කියලා . .  .මටත් ඉතින් ලේසියෙන් අදුරන්නේ නැති කෙල්ලෝ මට පණිවිඩ එවන්නේ නැ නේ එක නිසා . . . මාත් ඉතින් reply එකක් යැවුවා ‘මම නම් හොදින්,ඔයා මාව අදුරනවද කියලා’  ඊට පස්සේ reply එකක් ආවා ‘ඔව් පැටියෝ මම අර ඔයාට කෝල් කරපු අක්කා කියලා’ ඊට පස්සේ ඉතින් පැයක වගේ වෙලාවක් මුහුණු පොතෙන් චැට් එකක් දැම්මා . ඊට පස්සේ ඉතින් එයාගේ විස්තරයි මගේ විස්තරයි අපි දෙන්නා අතර හුවමාරු කරගත්තා  . .ඔහොම චැට් කර කර ඉද්දි එයා මට කිවුවා ‘මල්ලියෝ මන් ඔයාට ජිල්මාර්ට්ස් මල්ලි කිවුවට කමක් නැද්ද කියලා’මන් කිවුවා අපෝ කමක් නැ කියලා  . .

මටත් ඕනේ වෙලා තිබ්බේ ඔයවගේ නමක් මොකද මාත් දැන් නිර්නාමික පුද්ගලයෙක් (Anonymous Person)කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතුවා . .මොකද අපේ බ්ලොග් එකේ ඇඩ්මින් දෙන්නෙක් ඉන්නවා . පොස්ට් ලියන ටික දෙනෙකුත් , ප්‍රචාරක  කට්ටියකුත් ඉන්නවා හැබැයි එක ඇඩ්මින් කෙනෙක් නිර්නාමික වෙලා ඉවරයි . . එක නිසා මාත් අද ඉදන් නිර්නාමික වෙනවා . . .මින් ඉදිරියට කිසිම අවස්ථාවකදීවත් නිර්නාමික තත්වයෙන් බැහැර වෙන්නේ නැ කියන පොරොන්දුවත් ඔයාලා මත තියලා . .

ඉතින් යාලුවනේ අද ඉදන් මට මගේ නම නැතුව ජිල්මාර්ට්ස් මල්ලි කියලා කතා කරනවානම් හොදයි යාලුවනේ . .එහෙනම් ඉතින් අද ඉදන් වෙනදට පොස්ට් ලිවුව කෙනෙක් අඩු වෙලා තව කෙනෙක් එකතු වෙනවා . ඒ තමයි ජිල්මාර්ට්ස් මල්ලි  . .එහෙනම් යාලුවනේ ඔයාලට වගේම ජිල්මාර්ට් මල්ලිටත් ජය වේවා ! හෙට ඉදන් ඔයාලට අලුත් පොස්ට් ගේන්නෙ ජිල්මාර්ට් මල්ලි . . .ඔන්න ඔහොම තමයි ලංකාවේ සයිබර් අවකාශයට තවත් නිර්නාමිකයෙකු බිහිවෙන්නේ !!!!!!!!!!!



Thursday, August 21, 2014

ඔයාලගේ Blog Post Facebook Fanpage එකේ Auto Post කරමු!


ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට මන් අද කියල දෙන්න යන්නේ බ්ලොග් එකට අපි දාන පොස්ට් auto පොස්ට් වෙන්ඩ හදන්නේ කොහොමද කියලා . .හැමදාම ලියන ලියන හැම පොස්ට් එකම fanpage එකේ පොස්ට් කරන්න ගියම පට්ට කම්මැලි නේද ? .එකට විසදුමක් ගේනවා මම. ඔයාල කරලා බලන්නකෝ කොහොමද කියලා.   .
අපි එහෙනම් වැඩේට බහිමු . . .


           
 මුලින්ම ඔයාලා මේ site එකට යන්න  . . RSS Graffiti  
දැන් මෙහෙම permission ඉල්ලලා box එකක් ඒවි පහත පින්තුරේ වගේ එක accept කරන්න. .


  දැන් Go to Permissions Dailog කියන එක click කරන්න  . .. ඊට පස්සේ පල්ලෙහා පින්තුරේ බලන්නකෝ . . 

දැන් ඔය වගේ box එකක් එයි දැන් ඕක ok කරන්න  .. ඔය වගේ තව box තුනක් විතර එයි ඒ සේරම ok කරන්න යාලුවනේ  . .. 
 දැන් එකත් හරිනේ  දැන් එයි පහත පින්තුරේ වගේ එකක් බලන්නකෝ . . ආවා නේද?


දැන් ඔකේ තියන Add New Publishing Plan කියන එක click කරලා පහත පින්තුරේ බලන්නකෝ . . 


දැන් ඔකේ My Publishing Plan කියන එකට ඔය කැමති නමක් දෙන්න . . දීල Create Publishing Plan කියන එක click කරන්නකෝ . . .දැන් පල්ලෙහා පින්තුරේ වගේ එකක් ආවා නේද?


දැන් NEW SOURCE කියන එක click කරන්නකෝ . . .දැන් පල්ලෙහා පින්තුරේ තියන විදිහේ එකක් ආවා නේද?


දැන් ඉතින් ඕකට ඔයාගේ බ්ලොග් එකේ RSS Feeds එක ලබාදෙන්නකෝ . . මෙන්න මේ විදිහට 

           http://blogname.blogspot.com/feeds/posts/default?alt=rss

මේකේ blogname කියන එකට ඔයාලගේ බ්ලොග් එකේ නම දෙන්න . . .හරිනේ යාලුවනේ දැන් Add Source කියන එක click කරන්න . . . .ඊට පස්සේ පල්ලෙහා පින්තුරේ තියෙන ආකාරයට එකක් එයි . . බලන්නකෝ . . .


ඔකේ තියෙන්නේ Maximum post per update කියල එක click කරලා එකේ උඩම තියන එක දෙන්න  .. ඔයා පරණ පොස්ට් page එකට add කලේ නැත්නම් Poster Order update කියන එක click කරලා Publish older post first කියන එක දෙන්න . . .දීල save කරන්න. . .


දැන් ආයේ ඕක එනවනේ දැන් NEW TARGET කියන එක click කරන්නකෝ . .කරපුවාම පල්ලෙහා පින්තුරේ වගේ එකක් එනවනේ . . .


දැන් ඔකේ Facebook කියන එක click කරන්න . . ඊට පස්සේ බලන්නකෝ පල්ලෙහා රූපේ වගේ එකක් ආවාද කියලා. . . 


ආව නේද දැන් ඉතින් ඔකේ තියන Choose Target කියන එක click කරලා ඔයාගේ fan page එක click කරලා දෙන්න . . . .ඊට පස්සේ post style කියන එකට Facebook Default Formatting කියන එකට tick එක දාන්න එතකොට පල්ලෙහා පින්තුරේ ආකාරයට මේක වෙනස් වෙනවා නේද?බලන්නකෝ . ..


දැන් Save Changes කියන එක click කරන්න . ..

දැන් ඔකේ තියන OFF කියල තියන එක click කරන්න .. .එතකොට මේ වගේ එක එයි . . .


දැන් හරිනේ යාලුවනේ . . . . .
දැන් ඔය වගේ එකක් ආවනේ ඉතින් දැන් හරි වැඩේ . . .පේනවනේ මගේ එක හැදිලා තියෙනවා . . .
ඉතින් මේ පොස්ට් එක ඔයාලට වැඩක් වුන කියල හිතෙනවනම් like එකක් දාගෙනම යන්නකෝ . . . .
මන් ගියා එහෙනම් ඔයාලට ජය වේවා !!!



Wednesday, August 20, 2014

Create Simple Script to Show / Hide Hidden Files and Folders

hidden-folder 

හායි යාලුවනේ....සුබ දවසක් හැමෝටම. අදත් ඉතින් අලුත්ම අලුත් Tricks එකක් කියා දෙන්නයි හදන්නේ. අද වැඩේට Enter වෙන්න ඉස්සෙල්ලා තවත් සුභදායක අරාංචියක් කියන්න තියෙනවා. අද අපේ අඩවියටත තවත් Post ලියන්නෙක් එකතු වෙනවා. අද වෙද්දි බාල මහලු, වැඩිහිටි කොයිකාගෙත් අතේ ජංගම දුරකථනයක් තියෙනවානේ, දුරකථනයක් තිබුනට වැඩක් නෑනේ, එකෙන් ඔයාට හරිහැටි වැඩගන්න බැරිනමි. ඉතින් අපිට ඒ දේවල් වගේම දුරකථන සමිබන්ධව අලුත් වැඩකෑලි පිළිබදව කියා දෙන්න තමයි ඉසුරැ තරංග  සහෝදරයා RLTechZonelk අඩවියත් එක්ක අත්වැල් බැද ගන්නේ. අපි ඔහුව RnT Production™ එකට සාදරයෙන් පිලිගන්නවා! ඉදිරියේදි දුරකථන පිළිබද ඔයාල නොදත් දැනුම කියා දෙන්න ලගදිම වැඩ කිඩ ආරමිභ කරාවී ඔහු. මේ එක්කම කියන්න ඕන තවත් කිහිප දෙනෙකුම ලගදිම අපිත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. එහෙනමි යාලුවනේ දිග දේශනයකින් පස්සේ අද කරන්න ආපු වැඩේට බහින්නයි යන්නේ. 

ඒ ගැන පොඩි හැදින්විමකුත් කරන්නමිකෝ මුලින්ම. Hidden කරපු Folder එකක් Show කරගන්න හරි එහෙමත් නැත්තමි Don’ Show  කර ගන්න වුනොත් අපිට, පොඩි වටයක් යන්න වෙනවනේ. ඩබල් ක්ලික් එකකින් ඔය වැඩේ  කර ගන්න පුලුවන්නමි කොයිතරමි නමි පහසු ද කියලා මට හිතුනා. ඉතින් මට පුලුවන් වුනා මේකට පොඩි කර්මයක් හොයා ගත්තා. අපි බලමු කොහමද මේක කර ගන්නේ කියලා.

 

How To Show/Hide Hidden Doubled Click

01. මුලින්ම Notepad එක Open කර ගන්න.

02. මම පහල දලා තියෙන Coad එක Copy කරගෙන ගිහින් Notepad එකට Past  කර ගන්න.

Hidden = "HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\Hidden"

SHidden = "HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Advanced\ShowSuperHidden"

Set Sh = WScript.CreateObject("WScript.Shell")

St = Sh.RegRead(Hidden)

If St = 2 Then

Sh.RegWrite Hidden, 1, "REG_DWORD"

Sh.RegWrite SHidden, 1, "REG_DWORD"

Else

Sh.RegWrite Hidden, 2, "REG_DWORD"

Sh.RegWrite SHidden, 0, "REG_DWORD"

End If

Sh.SendKeys("{F5}")

03. දැන් තියෙන්නේ File එක Save කර ගන්න.මොකක් හරි නමක් දිලා අවසානයේ .vbs කියලා Type කරලා Save කර ගන්න. පහල තියෙන උදාහරණය බලන්න.

Eg-Name-:"Show_Hidden_Files_On_Off.vbs" (Show_Hidden_Files_On_Off කියන තැනට ඔයාට කැමති නමක් දෙන්න, අනතිමට.vbs කියන Type කරලා Save කර ගන්න)

Hellp - මෙන්න මෙතනින් ගිහින් මම හදපු vbs File එක Download කර ගන්න.

Also check: 

Add "Show/Hide Hidden Files" Option in Desktop/Explorer Context Menu in Windows

වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....

Post එක ලිවවේ හිතහොද RLමල්ලි 

CD/DVD වලට password දමා අපේ තොරතුරු ආරක්ෂා කරගමු . :: .


ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද  . .මන් අදත් ඔයාලට පොස්ට් එකක් ගේනවා . .ඉතින් දැන් අපේ බ්ලොග් අඩවියට එන කට්ටියත් වැඩි වෙලානේ . . එක නිසා මෙච්චර දවසක් බ්ලොග් අඩවිය ක්‍රියාකාරිත්වයට කැප වෙලා වැඩ කරන 'හිතහොද RLමල්ලි' ඔයාලා දන්නවනේ ඉතින් එයාට ඒ සම්පුර්ණ ගෞරවය හිමි විය යුතුයි . .මොකද එයා තමයි මේ බ්ලොග් එක පටන් ගත්තේ. දැන් නම් ගොඩක් දෙනෙක් ඔයාලගේ වුවමනා සපුරන්න ඉන්නවා මේ බ්ලොග් එකේ එක නිසා ඔයාලා නොදන්නා හැම දේම දැන ගන්න පුළුවන් . ..ඉතින් වැඩි කතා ඕනේ නැ . .අපි වැඩේට බහිමු . .  





ඉතින් යාලුවනේ මම අද දෙන්න හදන්නේ වටිනා කියන දෙවල් ගොඩක් ..මන් අද software එකක් නෙමේ දෙන්න හදන්නේ software කිහිපයක් ගැන promote කරන්න හදන්නේ .  . .ඉතින් අපේ යාලුවන්ටත් මේක වටින දෙයක් .මන් පල්ලෙහින් දාලා තියන පින්තුරේ තියෙනවා මේ software එකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා . . එත් මන් එක software එකක් ගැන තමා දැන් කියල දෙන්න හදන්නේ . . .පහත පින්තුරේ තියෙන්නේ මන් අද ඔයාලට කියල දෙන්න හදන software එකෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක් . . .



එහෙනම් අපි දැන් වැඩේට බහිමු . . . මේ software එක නිෂ්පාදනය කරන්නේ gilisoft කියන company එකෙන් ඉතින් මේ company එකෙන් මේ softwareඑක දෙන්නේ සල්ලි වලට අපි trail එකෙන් වැඩේ කරගමු . 
  මේ company එකෙන් අපිට වැදගත් ගොඩක් software එලියට දානවා එත් ඉතින් අපි ගන්න ඕනේ සල්ලි දීලා එකනේ ප්‍රශ්නේ  . . .මන් ටිකක් පෙන්නන්නම් මේ company එකෙන් එලියට දාලා තියන software කිහිපයක් . . බලන්නකෝ පහල පින්තුර දාලා තියෙනවා . . මේ software කොටස් කිහිපයකට වෙන් කරලා තියෙනවා බලන්නකෝ.price එකත් ගහලා තියෙනවා . . 



දැක්කනේ ඉතින් මොකද හිතෙන්නේ මරු නේද . .හ්ම් හ්ම් දැන් මන් අද ඔයාලට දෙන්න හදන software එක අරන් ඉන්නකෝ . .පස්සේ ඉතුරුවා  .. . . මුලින්ම  GiliSoft Secure Disc Creator 6.4.0  මෘදුකාංගය බාගන්න. .                       

                             


                   වැදගත්- Supported OS: Windows 2000/2003/XP/Vista/ 7/8/8.1 (32&64)

බාගෙන ඉවරවෙලා  මෘදුකාංගය පරිගණකට Install කරගන්න.

1දැන් GiliSoft Secure Disc Creator මෘදුකාංගය Open කරගෙන ඔයාලගේ Empty    CD / DVD එක ROM එකට දාන්න.



2. දැන් Add File ක්ලික් කරන්න.3. එන Window එකේ වම් පැත්තේ තියනවා ” Disc Layout “ යටතේ  ” Secure Area “  හා” Public Area“ කියලා කොටස් දෙකක්. එතනදි Secure Area තෝරන්න. Secure  Area කියන කොටසට ඇතුලත් කරන දත්ත පමණයි Password එකෙන් ආරක්ෂා වෙන්නේ.Public Area කොටසට ඇතුලත් කරන දත්ත සාමාන්‍ය පරිදි දිස්වෙනවා.  රයිට් කරගන්න ඕන දත්ත ටික උඩ තියන Window එකෙන් තෝරලා  Secure Area  යටතේ පහල Window එකට Drag& Drop කරන්න.


4. ඔයාලාගේ ආරක්ෂා කරගන්න ඕන සියලුම දත්ත Secure Area කොටසට ඇතුලත් කරාට පස්සෙ Window එක Close කරන්න.

5. Burn Click කරන්න

6. දැන් එන පොඩි  Window එකෙදි අපේ  Disc එකට අපිට ඔනේ Password එක දීලා OKකරන්න.



7.දැන් Disc එක රයිට් වෙන්න පටන් ගන්නවා. සම්පුර් රයිට් උනාම Disc එක Auto එලියට එනවා.



8.දැන් cd හෝ dvd එකේ open උනාට පස්සේ එකේ තියන “ Agent” කියන folder එක double click කරලා burn disc කරද්දී දුන්න password එක දීලා ඔයාගේ file එක සාමාන්‍ය විදිහට open කරගන්න 



මේකේ key එකා කට හරි හම්බුනානම්  කට්ටියටම දැන ගන්න comment කරන්න යාලුවනේ  . . මන් යනවා යාලුවනේ ඔයාලට ජය වේවා!