Monday, August 31, 2015

අනාගතයේ වීදුරුව : Gorilla Glass 4


පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම් වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ Corning සමාගමයි.


මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේදී පැවැත්වුනු ජංගම උපාංග තාක්ෂණ සමුළුවේදී අදහස් දැක්වූ Corning සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන ආචාර්ය ජෙෆ්රි එවන්සන් පවසා සිටියේ ජංගම උපාංග සඳහා ගෝරිල්ලා ග්ලාස් හි ඇති වැදගත්කමයි. එසේම අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදනය වෙත බැල්මක් හෙලන්නටත් ඔහු මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව මීලඟ Gorilla Glass නිෂ්පාදනය යටතේ එළි දකින ආරක්ෂණ වීදුරුවේ නවතම ගති ලක්ෂණ එළි දක්වනු ලැබිණි.


Gorilla Glass ආරක්ෂණ වීදුරුව ඉතා ශක්තිමත් වන අතර සීරුම් වලට ඔරොත්තු දෙන දැඩි භාවයත්, දිගු කාලයක් තත්ත්වය නොවෙනස්ව පැවතීමත් යන කාරණා නිසා දැනටමත් හොඳ නමක් දිනා සිටී. ඒ ගුණාංගයන් තවත් වැඩි දියුණු කරනා ගමන්ම, අළුතෙන් විශේෂාංග කීපයක් හඳුන්වා දෙන්නට දැන් ගෝරිල්ලා ග්ලාස් නිපදවන Corning සමාගම අපේක්ෂාවෙන් පසුවේ. ඒ අනුව අනාගත නිෂ්පාදනය වන Gorilla Glass 4 සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංග ඇති, එළිමහනේ පවා හිරු එළියට දිලිසීමක් නොමැතිව, විනිවිද පෙනෙන ආකාරයේ ගුණාංග ඇති වීදුරුවක් නිපදවීම Corning සමාගමේ අරමුණයි.


මෙහි ඉහත දක්වා ඇති රූපය දෙස බලන්න. ඔබට සිතෙනු ඇත්තේ එහි ඇති වීදුරු තහඩුව මැදින් රවුමක් කපා ඉවත් කොට ඇති ආකාරයටයි. නමුත් සත්‍යය එය නොවේ. ඒ මුළු වීදුරු තහඩුවම කිසිදු විවරයක් නැති එකම සමතල පෘෂ්ඨයකි. එසේනම් මැදින් ඇති වෙනස කුමක්ද ?  Corning සමාගම පවසන්නේ ඒ ඔවුන්ගේ නවතම ප්‍රති-පරාවර්තක වීදුරු තාක්ෂණය බවයි. සාමාන්‍යයෙන් එළිමහනේදී  වීදුරුවක පෘෂ්ඨය මතින් එහා මෙහා බැලීම අපහසු වන්නේ එහි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටී පරාවර්තනය වීමෙන් වීදුරුව යම් තරමකින් දර්පණයක් බවට පත්වීමත්, ඒ නිසා වීදුරුවට පහතින් ඇති දේ විනිවිද දැකීමේ හැකියාව අඩු වී යෑමත් නිසායි. නමුත් රූපයේ පෙනෙන ආකාරයේ ‘මැජික්’ වීදුරුවක් ඔබේ ස්මාට් දුරකථනයේ තිරය වසා ඇති නම්, කිසිදු අපහසුවකින් තොරව, තද අව්වේ දී වුවත් ඔබට දුරකථන තිරය මත ඇති දේ ඉතා හොඳින් බලා ගැනීමට හැකි වනු ඇත.

අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදන සඳහා අඩංගු වන තවත් අපූරු ගුණාංගයක් වන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන ආලේපයක් මෙම වීදුරුව මත ආලේප කර තිබීමයි. ඇත්තෙන්ම ගතහොත් ඔබේ දුරකථන තිරය බැක්ටීරියා ආකරයකි. ඔබ වැඩිදුර නොසිතුවාට ඔබ නිතරම භාවිතා කරන දුරකථනය නිසා ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් කීදෙනෙක් ඔබේ ශරීරයේ ගැවසෙන්නට ඇති ද ? මේ පිළිබඳව සලකා බැලූ Corning සමාගම දැන් ගෝරිල්ලා ග්ලාස් වීදුරු මත ක්ෂුද්‍ර ජීවීන් වැඩීම නතර කරන ආලේපයකින් සිය වීදුරු නිපදවිමට සැලසුම් කර තිබේ. පහත රූපය මගින් පෙනෙන ආකාරයට සාමාන්‍ය වීදුරුවකට වඩා බැක්ටීරියා ප්‍රතිරෝධී වීදුරුව මත ඇති බැක්ටීරියා ප්‍රමාණය 10,000,000 වාරයක් අඩුය.


Corning සමාගම පවසන්නේ මේ ලක්ෂණ රැගත් නවතම ගෝරිල්ලා ග්ලාස් තිර ආරක්ෂක වීදුරු ආවරණ ලොව පුරා ඇති ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වල තිරය සරසන ආකාරය තවත් වසර දෙකකින් පමණ අපට දැකගන්නට ලැඛෙනු ඇති බවයි.  එවිට මේ මැජික් වීදුරුවේ අරුමය ඔබ අප සැවොටම දැක බලාගත හැකි වනු ඇත...


Read more: http://chathucn.blogspot.com/2013/08/Gorilla-glass-4.html#ixzz3kSwOmXuz 

Thursday, August 6, 2015

Incomedia Website X5 පියවර පහකින් වෙබ් අඩවියක්..

වෙබ් සයිට්, බ්ලොග්, හා ඔන්ලයින් ෂොප් එකක් ලේසියෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කරන්න ගොඩක් අය කැමතියි. හැබැයි හොඳ විසිටර්ස්ලා ප්‍රමාණයක් ඔබේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි නිතර නිතර ගෙන්න ගන්න ඕන නම් ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ප්‍රියමනාප, ලස්සන, සිත් ඇද ගන්නා සුලු ස්තානයක් වෙන්න ඕන. අද ඔයාලට ලබා දෙන සොෆ්ට්වෙයා එකේ තියෙනවා ලස්සනම ලස්සන ටෙම්ප්ලේට් තොගයක්. තමන්ට කැමති විදියකට සිත්සේ මේ සොෆ්ට්වෙයා එක හරහා ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න පුලුවන්..


Incomedia Website X5 Evolution 10 කියන සොෆ්ට්වෙයා එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මම අද ඔයාලට ලබා දෙන්නෙ. මම පහලින් පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කොහොමද මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරන්නෙ කියලා ඔයාලට දැනුමක් එන්නත් එක්ක. ඒ විඩියෝ එකත් බලලා ඉන්න. .

Create Websites, Blogs and Online stores

 

විඩියෝ එක බැලුවා නම් ඔයාලට අදහසක් එන්න ඇති මේ සොෆ්ට්වෙයා එක ගැන. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දානවා. මේක පොඩ්ඩක් බරයි... 342MB විතර තියෙනවා. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න.

Download Incomedia Website X5 Evolution 10

 

මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න . .

Sunday, August 2, 2015

Windows 10 Operating System ( අපිත් දාගම්මු වින්ඩෝස් 10 )

හා හා පුරා කියල  Windows 10 රිලීස් උනාට ගොඩ දෙනෙක් සැකෙන් ඉන්නෙ මේක දාන්න. ගොඩක්ම ටෙක්නිකල් ප්‍රිවිව් එක ආපු කාලෙ ගිය කට කතා හින්ද සමහරු කැමති නෑ Windows 10 දාන්න. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන 29 වෙනිදා Windows 10 රිලීස් උනාට පස්සෙ 30 වෙනිදා උදේ වෙද්දි මම දාලා තිබ්බ Windows 8.1 එක මම Windows 10 වලට අප්ග්‍රේඩ් කලා. මටනම් කිසි අවුලක් ආබාදයක් උනේ නෑ.
ඉතින් මම කියන්න යන්නෙ කොහොමද Windows 7, 8, 8.1 කියන ඔපරේටින් සිස්ටමස් Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ටාස්ක් බාර් එකේ එන වින්ඩෝව්ස් අයිකන් එකෙන් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියල. නමුත් සමහර අයගෙ ඒ අයිකන් එක එන්නෙ නෑ. අන්න එහෙම උනාම අප්ග්‍රේඩ් කරන්නෙ කොහොමද කියලත් මම කියන්නම්.

මුලින්ම බලමු අපි කොහොමද ටාස්ක් බාර් එකේ එන Windows 10 අයිකන් එක භාවිත කරල අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ඒ එන අයිකන් එක එන්නෙ පහත තියෙන පින්තූරේ විදිහට.
ඔය අයිකන් එක පෙන්නන්නෙ නැත්නම් ඔයාලගෙ තියෙන Windows වර්ෂන් එක අප්ඩේට් කරල බලන්න. 
දැන් ඔන්න ඔය කියන අයිකන් එක ඔයාලගෙ පරිගණකයෙත් පෙන්නනවනම් කරන්න තියෙන්නෙ මේකයි. මුලින්ම හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හොයාගන්න. ස්පීඩ් වෙන්න ඕන, ගිගාබයිට් 3-4ක් විතර තිබ්බොත් කෝකටත් හොදයි.

මුලින්ම ඔය අයිකන් එක උඩ ක්ලික් කරල එන වින්ඩෝ එකෙන් "Reserve your free upgrade" කියන එක උඩ ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන වින්ඩෝ එකේ ඔයාලට ඕනෙනම් ඔයාලගෙ ඉ-මේල් එක දාන්න. නොදා හිටියත් කමක් නෑ කෝකටත් හොදයි කියල. මොකද අපි ඔරිජිනල් වර්ෂන් නෙමේනෙ භාවිතා කරන්නෙ.
ඊට පස්සෙ ඔයාලට පුලුවන් Windows 10 අප්ග්‍රේඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සෙ ඉන්ස්ටෝල් වෙද්දි කිහිප වතාවක් Restart වෙයි ගනන් ගන්න එපා.

දැන් බලමු ඔය ඉහත සදහන් කලා වු අයිකන් කෑල්ල ආවේ නැත්නම් මොකෝ කරන්නෙ කියල :D
මුලින්ම යන්ඩ පහලින් දීල තියෙන ලින්ක් එකට. ඒකට ගියාම ටිකක් පහලට වෙන්ඩ තියෙනව "Download Tool Now(32-bit version)" සහ "Download Tool Now(64-bit version)" කියල. ඒකෙන් ඔයාල කැමති වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. 64-bit version එකනම් හොදයි.


මේකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ "Media Creation Tool" කියල එකක්. මේ ටූල් එකෙන් ඔයාලට පුලුවන් කෙලින්ම Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න වගේම පෙන් එකකට Windows 10 ඉන්ස්ට්‍රොලේෂන් එක දාගන්න සහ ISO ෆයිල් එක හදා ගන්නත්. 

ඔයාලට Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න ඔනෙනම් "Upgrade this PC now" කියන තැන ටික් එක දාලා Next කරන්න. එතකොට Windows 10 ඩවුන්ලෝඩ් වෙලා අප්ග්‍රේඩ් වෙනව. කිහිප වතාවක් Restart වෙයි.

ISO ෆයිල් එකක් හදාගන්න ඕනනම් "Create installation media for another PC" කියන තැන ටික් එක දාලා Next කරන්න.
එතකොට එනව Language එකයි Edition එකයි Architecture එකයි තෝරන්න කියල.

Language එක English තෝරන්න. වෙන තේරෙන භාශාවක් තියෙනවනන් ඕනෙනම් තෝරන්න ;)
Edition එකත් ඔයාලට කැමති එකක් තෝරන්න
Architecture එකත් කැමති එකක් තෝරන්න. 64 තමයි හොද. Both කියන එක තේරුවනම් ඉන්ස්ටෝල් කරද්දි 32ද 64ද කියල තෝරන්න පුලුවන්. ඒක Both තෝරනවනම් හොදයි.
තෝරල Next කරන්න. එතකොට එනව "USB flash drive" සහ "ISO file" කියල තෝරන්න.

ඔයාලට මේක පෙන් එකකට දාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනෙනම් "USB flash drive" තෝරන්න ISO file එකක් හදා ගන්න ඕනෙනම් "ISO file" කියන එක තෝරන්න. ISO file එකක් හදාගත්තනම් ඔය වැඩ දෙකම කර ගන්න පුලවන්.
"ISO file" දීල Next කරාම සේව් කරන්න එනව අදාල තැනක් දීල Save කරන්න. එතකොට ඩවුන්ලෝඩ් වෙයි.

Saturday, February 14, 2015

ඔබේ පරිගණකයට පහසුවෙන් Drivers හොයාගන්න පැමිණෙන්න..


අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ පරිගණකයට Drivers හොයාගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුව තමා තමන්ගේ පරිගණකය Format කර ගැනීමෙන් පසු Drivers සොයා ගැනීමට අපහසු වීම. එයට හොදම විසදුම තමා මෙම 3DP Chip යන මෘදුකාංගය.. මෙමගින් ඕනෑම පරිගණකයකට Drivers හොයා ගැනීමට හැක.


එහෙනම් යාලුවනේ ඔගොල්ලන් Download කරගෙන බලන්නකෝ... මේක 3,10MB පමණයි. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් ඔබට ජය...!!!!



Thursday, January 22, 2015

Windows Live Writer 2011 Offline Setup එක දැන්ම බාගන්න..

මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන ආ
වා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..

මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න..

ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ. .

එහෙන්ම් මන් යනවා ඔයාලට ජය වේවා!

Sunday, January 18, 2015

How to Reset Forgotten Windows 8 Password? | වින්ඩෝස් 8 හා 8.1 වල ගිණුමි වලට මුරපද නැතිව ඇතුලු වෙමු.

අද මම කියා දෙන්න යන දේ පිළිබදව වැඩි විස්තරයක් කියන්නේ නෑ. මේ සදහා කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.
1st Step
User Acoount එකට Log විමට password එක type කිරිමට ඇති windo එකේ දි Shift Key + Restart යන්න Click කරන්න.

2nd Step
ඉන්  පසුව පහත අකාරයට ඉදිරියට කරගෙන යන්න.
clip_image001











clip_image002











3rd Step
දැන් diskpart යන්න cmd එකෙහි type කර windows install වි ඇති drive එකෙහි drive letter එක හොයා ගන්න.
clip_image003
ඉන් අනතුරැව diskpart එකෙන් ඉවත් විමට Exit යන්න type කරන්න.
4th Step
ඉන් පසුව පහත command ටික cmd prompt එකෙහි type කරන්න.
X:\Windows\System32>D:
D:\>cd windows
D:\>cd system32
D:\Windows\System32>ren Utilman.exe Utilman.exe.bak
D:\Windows\System32>copy cmd.exe Utilman.exe 
D:\Windows\System32>

clip_image005

5th Step
clip_image006

ඉන් පසුව පරිගණකය restart කර පහත රෑපයේ Mouse එක දක්වා ඇති තැන Click කර cmd prompt එක ලබා ගන්න.

6th Step
ඉන් පසුව පහත අකාරයට cmd prompt එකෙහි type කරන්න.
net user

net user [account name] [new password]

Eg-:
 net user RLTechZone.blogspot.com Pa$$w0rd

clip_image008
මෙතිනින් ඒහාට කර ගන්න තියෙන දේවල් මම කියන්න අවශ්‍ය නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැ. මතක තියා ගන්න මෙය නිවරැදි දෙයක් සදහා පමණක් භාවිතා කරන මෙන් මම ඉල්ලා සිටිනවා.

3.5 .NET Framework Offline Install | 3.5 .NET Framework ඉන්ටර්නේටි නොමැතිව ඉන්ස්ටෝල් කර ගමු

.Net Framework 3.5 offline install_RLTechZone™
අද ඔයාලට කියා දෙන්න යන්නේ වින්ඩෝස් මෙහෙයුමි පද්ධති භාවිතා කරන අයට හිසරදයක් වෙලා තියෙන .Net Framework 3.5.1 කොහමද internet නොමැතිව install කර ගන්නේ කියලා. වැඩි කතාවක් අවශ්‍ය නැ අපි වැඩේට බහිමු.
1st Step
cmd prompt එක admin අකාරයට open කර ගන්න.
.Net Framework 3.5 offline install00_RLTechZone™

2nd Step
Windows 7,8 හෝ 8.1 CD එකක් CD-ROM එකට ඇතුල් කර ගන්න. ඉන් අනතුරැව පහත ඇති coad එක cmd එකෙහි type කර Enter කරන්න.
.
   dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\Sxs /LimitAccess

මතක ඇතිව මෙම coad එකේ රතු පාටින් ලකුණු කරලා තියෙන drive letter එකට ඔයාගේ CD-ROM එකේ drive letter එක ලබා දෙන්න.
.Net Framework 3.5 offline install03_RLTechZone™

3rd Step
ඉන් අනතුරැව 100% ක් compleat විමක් සිදු වේ.

4th Step
ඉන් අනතුරැව පරිගණකය restart කරන්න. .Net Framework 3.5. නිවැරැදිව install වී ඇත්දැයි බැලිමට පහත පියවර අනුගමනය කරන්න.
Control Panel\Programs යන්න click කරන්න.
.Net Framework 3.5 offline install01_RLTechZone™

5th Step
\Turn Windows features on or off යන්න click කරන්න.
.Net Framework 3.5 offline install02_RLTechZone™
නිවරැදිව install වි ඇත්නමි ඉහත රැප සටහනේ අනුව දිස් වේ.

මෙය Windows 7,8 හා 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.

Thursday, January 15, 2015

සුබ ගමන් අයිෆෝන් 5C...

සුබ ගමන් අයිෆෝන් 5C...

පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C මේ වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.

සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.

ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.

පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C  වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.


සුබ ගමන් අයිෆෝන් 5C...


ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.


මෙය ඇපල් ගැන සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලදී . . .

iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

iOS 8.0 සිට iOS 8.2 බීටා දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු


ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහා භාවිත කළ iOS හි අනාරක්ෂිත ස්ථාන(vulnerabilities) 3 ම වසා දැමූ බවත් එම අනාරක්ෂිත ස්ථාන හඳුනාගැනීම තුළින් iOS 8.1.1 වඩාත් ආරක්ෂිත කිරීම පිළිබඳව Pangu කණ්ඩායමට ස්තුතිය ද පළ කර සිටියේ ය.ඒ අනුව Pangu කණ්ඩායමට iOS 8.1.1 Jailbreak කිරීම සඳහා tool එක යාවත්කාලීන කිරීමට නොහැකි විය.

නමුදු පසුගියදා තවත් චීන හැකර් කණ්ඩායමක් වන TaiG කණ්ඩායම විසින් iOS 8.1.1 සහ මේ වන විට ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත ලබා දී ඇති මීළඟ iOS අනුවාදය වන iOS 8.2 හි බීටා අනුවාදය ද සාර්ථකව Untethered jailbreak (jailbreak ගැන සම්පූර්ණ ලිපිය කියවීම සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න)කළ හැකි tool එකක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට චීන භාෂාවෙන් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කොට ඇති මෙම tool එක Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් සහය දක්වනු ලබනවා.එම නිසා ඔබත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් dual boot කර හෝ Parallels Desktop(trial version එකක් ඇත) වැනි virtual machine එකක Windows ස්ථාපණය කරගෙන TaiG tool එක ධාවනය කළ යුතු වනවා.

TaiG tool එක සහය දක්වනු ලබන iOS අනුවාද

  • iOS 8.2 beta
  • iOS 8.1.2
  • iOS 8.1.1
  • iOS 8.1
  • iOS 8.0.1
  • iOS 8.0.2
  • iOS 8.0
  • iOS 7.1.2
  • iOS 7.1.1
  • iOS 7.1
  • iOS 7.0.1 – iOS 7.0.6

    TaiG tool එක iOS 7.0.1 සිට iOS 8.1.2 දක්වා ද සහය දැක්වුව ද එම අනුවාද jailbreak කිරීම සඳහා pangu tool එක ම භාවිත කරන්න(pangu tool එක stable නිසා සහ වාර්තා වී ඇති bugs මේ වන විට සමනය කොට ඇත).එම නිසා iOS 8.2 beta සහ iOS 8.1.2 iOS අනුවාද සඳහා පමණක් TaiG tool එක භාවිත කරන්න.

    TaiG tool එක සහය දක්වනු ලබන iOS උපාංග

    iOS 8 සහය දක්වනු ලබන සියලු ම උපාංග සඳහා සහය දක්වනු ලබයි.එනම්

    • iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
    • iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
    • iPad mini 3, iPad mini 2, iPad mini
    • iPod touch 5G
      Jailbreak කිරීමට පෙර
      • ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.(iTunes හරහා නිවැරදිව backup කරන ආකාරය පිළිබඳ මන් ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් . .
      • මීට අමතරව 50% ක පමණ බැටරි ප්‍රමාණයක්,නවත ම iTunes අනුවාදය ත් වැඩකරන අන්තර්ජාල සබඳතාවයකුත් තිබිය යුතු වේ.
      • තවද ඔබගේ ඇපල් උපාංගය iOS 8.1.1 වෙත OTA update එකක් කර ඇත්නම් iTunes හරහා iOS 8.1.1 clean install කරගන්න.(මේ ගැන ඔබට මම ඉදිරියේදී කියලා දෙන්නම් ).මන්ද සමහර විට jailbreak කිරීමේ දි මෙම නිසා බාධා ඇතිවිය හැකි ය. 
      • TaiG tool එකට ගැටලුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා Anti-virus මෘදුකාංග සහ firewalls disable කර තබන්න.
        Jailbreak කරන ආකාරය
        • මෙම සබැඳියාවට පිවිස TaiG tool එක ඩවුන්ලෝඩ් කරගෙන එම .zip ගොනුව unzip කරගන්න.
        • USB කේබලයක් මාර්ගයෙන් jailbreak කළ යුතු උපාංගය පරිගණකයට සම්බන්ධ කරන්න.ඔබ Windows ධාවනය කිරීම සඳහා virtual machine එකක් භාවිත කරනවා නම් ඇපල් උපාංගය පරිගණකයට සම්බන්ධ කළ විට එම උපාංගය ගනුදෙනු කළ යුතු මෙහෙයුම් පද්ධතිය විමසනු ඇත.එවිට virtual machine එක එනම් Windows මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න.
        • ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.
        • ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.
        • පසුව Settings ඇප් එක වෙත පිවිස හෝ Control Center ඔස්සේ Airplane mode on කරගන්න.එවිට දුරකතන ඇමතුම් වැනි දෑ වලින් ඇතිවන බාධාවන් ඉවත් වේ.
        • ඔබ Unzip කරගත් ගොනුවේ ඇති .exe ගොනුව Right click කර 'Run as Administrator' යන්න තෝරා ධාවනය කරගන්න.
        • ඉන් පසු මද වේලාවකින් එම tool එක මඟින් ඔබගේ ඇපල් උපාංගය හඳුනාගනු ඇත.එසේ ඔබගේ උපාංගය හඳුනාගත් පසු Cydia ‍| 1.1.16 යන්න පමණක් select කොට ඊට පහළින් ඇති option එක deselect කරන්න(මෙමඟින් TaiG App Store එක අපගේ උපාංගයේ ස්ථාපණය වීම වැලකේ.)එවිට ලැබෙන popup එක X සළකුණ click කොට ඉවත් කරගන්න.
          iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

          • ඉන් පසු ඊට පහළ ඇති කොළ පාට බටන් එක click කරන්න.එවිට circular progress bar එකක් සමඟ Jailbreak කිරීම ආරම්භ වේ.
          • මෙසේ jailbreak වී අවසන් වූ පසු ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.එසේ reboot වූ පසු ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න.
          • එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න.
          • දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.
          මෙම ලිපිය ලියන මෙහොත වන විට මේ වන තෙක් මෙහි කිසිම bug එකක් වාර්තා වී නැති අතර ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහළින් Comment කරන්න.


           මෙය ඇපල් ගැන සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලදී . . .