අපි Network එකක් නිර්මානය කිරීමේදී ඒකෙ මුලික අරමුන වෙන්නේ Computer2 ක් හෝ ඊට වැඩි ගනණක් එකිනෙකට තොරතුරු (data) හුවමාරු කරගතහැකිවන පරිදි සැකසීමයි. ඒකට අපට ඕනවෙන උපාංග හා සාධකයන් තමයි අපි Basic Component of the Network කියල හදුන්වන්නෙ. දැන් අපි බලමු ඒව එකින් එක මොනවද කියල.
Transmission media
Connectors
NIC (Network Interface Card)
Protocols
Address
Hub / Switch
Modem
Router
මේ මුලික දේවල් කිහිපයක් හෝ සියල්ලම (අනිවාර්ය අංගද ඇතුලත්ව) ගෙන අපිට Network එකක් නිර්මානය කරන්න පුළුවන්. . .
Transmission media : Transmission media කියල මෙතන කියන්නෙ Network එක තුල ඇති Computerඑකින් එකට සම්බන්ධ කරන්න ගන්න ප්‍රධානම දේ කියල කියල කියන්න පුළුවන්. Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදන්න පුළුවන්.

විවිධCable වර්ග කිහිපයක්..

- 10 Base 2: මේක Coaxial Cable එකක්. Thinnetකියලත් මේකට කියනව මේ Cable එකෙන් උපරිම වශයෙන් 185m දුරට data ගෙනියන්න පුළුවන්.ඒ වගේම උපරිමdata ගෙනයාමෙ වේගය වෙන්නෙ 10Mbit/s. Coaxial Cable එක හරහා Network කිරීමේදී එමCable එක බෙදන්න ගන්න connector එකට BNC T-connector කියල කියනව. ඒ වගේම මේ Cable හරහා කරන්න පුළුවන් Half-duplex communicationඑකක් (Duplex ගැන දැනගන්න අනිත් post එක බලන්න)


- 10 Base 5: මේකත් Coaxial Cable එකක්ම තමයි. මේකට thicknet කියලත් කියනව.මේ Cable එකෙත්data ගෙනයාමෙ වේගය වෙන්නෙ 10Mbit/s.ඒ උනාට මේ Cable එක හරහා 500m දුරට data transmitකරන්න පුළුවන්.
- 10 Base T: මේ Cable (10 base T,100 Base TX,1000 Base T) තමයි සාමාන්‍යයෙන් Network වලට යොදා ගන්නෙ. Twisted Pair Ethernet කියලත් මේකට කියනව.ඒ වගේම මේ Cable එක Full-duplex Communication වලට වගේම Half-dumplex Communication වලටත් යොදාගන්න පුළුවන්.මේ Cableඑක හරහා 100m දුරට data ගෙනියන්න පුළුවන්. 10Mbit/s තමයි මේ cable එකේ Data transmission speed එක.

- 100 Base TX: මේකට Fast Ethernet කියලත් කියනව. මේ Cable එකත් 10 Base T එකත් අතර තියන වෙනස තමයි මේ Cable එකේ Data transmission speed එක 100Mbit/s වීම.
- 1000 Base T: මේකට Gigabit Ethernet කියල කියනව.මේකෙ Data transmission speed එක1000Mbit/s (1 Gigabit per second) වෙනව.
Connectors (සම්බන්ධක/ පූට්ටුව අන්න ඒ වගේ එකක්)
CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.) එක ගැන දැනගෙන හිටියනම් ඇති කියලයි මටනම් හිතෙන්නෙ.connector ගැන විතරක්ම නෙමෙයි ඒකට Cable ගහන (ගහනව කිව්වෙ wiring කරනව කියන එකට) හැටිත් දැනගන්න ඕන. RJ45 connector එකට pin 8 ක් තියෙනව.ඔන්න පින්තූරෙකුත් යට තියනව බලන්නකෝ.
RJ45 connector එකටUTP/STP cable(දන්නවනේ මේ cable එක ඇතුලෙත් පොඩි වයර් 8ක් තිවයනව කියල) එකේ තියන වයර් සම්බන්ධ (wiring) කරන්නෙ අපි අපේ Network එකේ එකිනෙකට සමිබන්ධ කරන devices අනුවයි.දැන් අපිබලමු devices ෙමානවදයි ඒවට ගන්න cable මොනවදයි කියල.Network එකක devices ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියනව.
ඔය Router, Switch, Bridge, Hub ගැන දැන්මම හිතන්න යන්න එපා.ඒව වෙන මොනවහරි ලට්ට පට්ට ටිකක් කියල හිතාගන්නකෝ.පස්සෙ ඒව මොනවද කියල අපි බලමු.දැන් තමයි වෙලාව මේ එක එක devices එකින් එක සම්බන්ධ කරන්න ගන්න UTP/STP cable එක RJ45 connector එකට කොහොමද සම්බන්ද කරන්නෙ කියල බලන්න. .
මෙන්න ක්‍රමේ :
Straight Cable: වෙනස් වෙනස් devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Non Mac devices වලට connect කරන්න.තව ට්කක් තේරෙන්න පල්ලහැ බලන්නකෝ...



Straight Cable එකක් හදාගන්න UTP cable එක RJ45 connector එකට සම්බන්ධ (wiring) කරන්නෙ මෙමහමයි. ආ තව එකක් cable එක RJ45 connector එකට plug කරන්න ගන්න උපකරණයට(භාණ්ඩෙ) කියන්නෙ crimp tool එක කියල.ඔන්න ඒකෙත් පින්තුරයක් තියෙනව පහලින්.
දැන් බලන්න RJ45 connector එකේ pinවලට UTP cable එක ඇතුලෙ තියෙන පොඩි වයර් set කරන හැටි.ඔය උඩ තියෙන පොඩි වයර් මේ රූපෙ විදියට cable එකේ කෙළවරවල් 2ට RJ45 connector දාල crimp tool එකෙන් crimp (තද කරනව වන වගේ එකක්) කරගන්නව.

2.Crossover Cable:එකම ජාතියෙ devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Mac devices වලටත් Non Mac Devices Non Mac Devices වලටත් connect කරන්න.තව ට්කක් තේරෙන්න පල්ලහැ බලන්නකෝ... 


Crossover Cable එක හදන්නේ UTP/STP Cable එකේ කෙළවරවල් 2ට රූප විදියට RJ45 connector වලට පිළිවලට කුඩා වයර් ඇතුලත් කරලයි. Crossover Cable එක හදද්දී ඒකෙ එක connector එකක 1 හා 2 pin වලට set වෙන වයර් අනිත් ළෙවරේ තියන connector එකේ 3 හා 6 pin වලටයි set වෙන්නෙ. ඒ වගේම තමයි අනිත් ළෙවරේ තියන connector එකේ 1 හා 2 pin ඉහත විදියටම විරුද්ද පැත්තෙ connector එකේ 3 6 pin වලට set වෙනව. .

No comments:
Post a Comment