Thursday, November 20, 2014

How To Create Blogger A-Z [ බ්ලොග් පාඩම - 04 කොටස පොස්ට් එකේ post setting panel එක පාවිච්චි කරන අන්දම - 2 පරිච්චේදය ]

හොඳයි යාලුවනේ ඔන්න අද මන් සිංහල බ්ලොග් පාඩම් මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. මේ පාඩම් මාලාව ගොඩක් අය කියවන නිසා මන් දිගටම බ්ලොග් කරණය පිළිබඳව සියලුම දේවල් ඔයාලට කියල දෙන්න හිතුවා . .. මේ සතිය නම් ගොඩක් කාර්යබහුල උනා. .මේ ටිකේ විභාගයක් තිබ්බා  . .එකයි හොදයි දැන් අපි යමු පාඩමට . . ගියවර කොටසින් අපි බ්ලොග් පොස්ට් එකේ තිබෙන panel පාවිච්චි කරන අවස්ථා පිලිබදව  කතා කලා. අද අපි කතා කරමු බ්ලොග් පෝස්ට් එකක් ලියන කොට දකුණු පසින් තියන Post Settings panel එක ගැන. . 

ඔයාලත් දැන් දකින්න ඇති දැන් Post Settings panel එක කියන්නෙ මොකක්ද කියල. . .  අපි දැන් මේ එකින් එක කතා කරමු. . . 

Labels
මුලින්ම ඔයාලට පේන්නෙ Labels කියන Option එක නේද?. . එය click කරාම ඔයාලට පේන්නෙ මෙන්න මේ ආකාරයට.  .ඔයාලගේ නම් ඔච්චර ඒවා පෙන්නේ නැ මොකද ඔයාලගේ බ්ලොග් එක අලුත් නේ . . .

මුලින්ම මන් කියන්නම් මේකෙන් වෙන දේ ගැන.  .Labels කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකේ පෝස්ට් වෙන් වන Category කිව්වොත් නිවැරදියි. ඔයාල ලියන්නෙ තාක්ෂණික බ්ලොග් එකක්නම් එහි අනු කොටස් තියෙන්න පුලුවන්නෙ. අන්න ඒව බෙදන්නෙ මෙතනින්. . උඩ තියන Text Area එකේ ඔයාලට මේ අනු කොටස් type කරල Enter කරන්න පුලුවන්. කලින් හදපු අනු කොටස් තමා යට නිල් පැහැ අකුරු වලින් දිස්වන්නෙ. ඔයාලගෙ පෝස්ට් එකකට කලින් හදපු label එකක් යොදන්න ඕනෙනම් මේ නිල් පැහැ වචන වලින් ඒක තෝරල click කරාම Add කරගන්න පුලුවන්. ඒ වගේම කියන්න ඕනෙ එක පෝස්ට් එකකට label එකකට වඩා යොදන්න පුලුවන්. ඒව වෙන් කරන්න ඕනෙ Coma වලින්. .
උදාහරණයක් ලෙස ගත් විට මන් බ්ලොග් පෝස්ට් එකක් ලියනව Software එකක් ගැන. එවිට මට යොදාගන්න පුලුවන් "Software" කියන Label එක. නමුත් මට තව Label එකක් හෙවත් කාණ්ඩයකට මේ පෝස්ට් එක ඇතුලත් කරගන්න ඕනෙ කියල හිතමුකො. එවිට මේ ආකාරයට මට එය යොදා ගන්න පුලුවන්.
Label එකක් යොදල පහල Done Button එක Click කරාම එය නිවැරදිව ඔයාලට පෝස්ට් එකකට Add කරගන්න පුළුවන්. 

ඔයාල Dashboard එකේ All Post වලදින් ඔයාලට පහත ආකාරයට මේ label බලා ගන්න පුළුවන්. බයවෙන්න එපා අපි Dashboard එකේ සියලු දේ ඉදිරියෙදි කතා කරමු එතකන් මේක හිතට ගන්නකෝ ..

Schedule
ඊලඟට ඔයාලට දැක ගන්න පුලුවන් Schedule කියන Option එක. මෙයින් වෙන්නෙ ඔයාල ලියන පෝස්ට් එකක් ඔයාලට අවශ්‍ය වේලාවට Publish කිරීමයි. ඒ කියන්නෙ මන් අද පෝස්ට් එකක් ලියල මට ඒක හෙට ඔයාලට කියවන්න බ්ලොග් එකේ Publish කරන්න ඕනෙනම් එය මේ Option එකෙන් පහසුවෙන්ම කරගන්න පුළුවන්. . .

අපි සාමාන්‍යයෙන් පෝස්ට් එකක් ලියන කොට තේරී ඇත්තේ මෙහි Automatic කියන Option එක. නමුත් ඔයාලට පෝස්ට් එකක් Schedule කරන්න ඕනෙනම් Set date and time කියන Option එකට Tick එක දාල Calender එකෙන් පෝස්ට් එක Publish වෙන්න ඕනෙ දිනේ තෝරල උඩ Time එකෙන් වෙලාවත් හදල Done Button එක press කරන්න විතරයි තියෙන්නෙ. . .

Permalink
ඊළඟට තියෙන්නෙ Links කියන Option එක. මෙයින් අපිට පුලුවන් පෝස්ට් වල Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න. එහෙත් එය එතරම් වැදගත් Option එකක් නෙවෙයි. අවශ්‍ය අවස්ථාවක් ආවොත් මෙයින් Direct Link අපිට ඕනෙ ආකාරයට වෙනස් කරන්න පුලුවන් කියල විතරක් මතක තියා ගන්න. .

උඩ පින්තුරෙන් පෙන්නේ අපි ලියන පොස්ට් එකේ ලින්ක් එක automatic අරගෙන තියන අවස්ථාවක් . . .
පල්ලෙහා පින්තුරේ බලන්නකො . . 

මේ පින්තුරේ තියෙන්නේ Manual ලින්ක් එක අපි දෙන්න ඕනේ . .එතකොට අපි දෙන ලින්ක් එකට අනුව තමයි පොස්ට් එක publish වෙන්නේ . . .

Location
ඊලඟට තියෙන්නෙ Location කියන Option එක. මෙයින් පුලුවන් අපිට පෝස්ට් එක ලියන Location එක ලබා දෙන්න. මෙයත් එතරම් වැදගත් නෑ.
ඊට පසුව තියෙන Option එකනම් වැදගත්. . Search Description කියන්නෙ Google වගේ Search Engine වලදි ඔයාල දැකල ඇති Search කරාම අපි link වලට යටින් පොඩි විස්තරයක්. අන්න එයට එන්න ඕනෙ Description එක අපිට මෙහි ලබා දෙන්න පුලුවන්. මෙහි වැදගත් Key word කියන දේ.  .ඒව අදාල SEO වලට නිසා මන් මෙතනදි වැඩිය විස්තර කරන් නෑ. මෙය හිස්ව තබා පෝස්ට් එක publish කරත් කිසි ගැටලුවක් නෑ. . .

Options
ඊලගට තියෙන්නෙ Options කියන එක. එය click කරාම දිස්වන්නෙ මෙන්න මේ ආකාරයට.
මෙහි අපිට දැනට වැදගත් වන්නෙ Reader comments කියන Option විතරයි. බ්ලොග් පෝස්ට් එකකට වෙනත් අයෙකුට comment දාන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. ඉතින් මෙයින් පුලුවන් අපි ලියන පෝස්ට් එකක comment දැමීම වලක්වන්න වගේම Hide කරන්න. ඔබ Comment අවශ්‍ය නැති පෝස්ට් එකක් ලියනවනම් මෙයින් එම සැකසුම් පහසුවෙන් සිදු කරගන්න පුලුවන්.

ඔන්න මන් අද ඔයාලට පොස්ට් ලියද්දි අපිට පාවිච්ච්යට ගන්න panel ගැන කියල දීලා ඉවරයි . . දැන් ඔයාලට පොස්ට් ලියන්නත් පුළුවන් . .එහෙනම් ඔයාල පොස්ට් ලියන්න පටන් ගන්නකො . .එක ඊලග පොස්ට් එකෙන් මන් ඔයාලට කියල දෙන්නම් පින්තුරයක් වීඩියෝ එකක් පොස්ට් එකට එකතු කරන්නේ කොහොමද කියලා . . ඔයාලට මන් මේ කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම් හරි අපැහැදිලි නම් මට කියන්න මන් ඔයාලට උදවූ කරන්නම් . . 

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 

Wednesday, November 19, 2014

CCNA Lesson A-Z (04 පාඩම - Network Devices Behavior)

Network Devices Behavior (Network එකට අත ගැසීම)

                                        Network එකකට විතරක් නෙමෙයි ඔය මොන දේට අත හරි ඇගිල්ල හරි ගහන්න කලින් ඒ පිළිබදව හොද දැනීමකින් වැඩේට බහිනවනම් අතපය කඩාගන්නැතුව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මේ පාඩමෙන් අපි බලන්න යන්නෙ Network එකේ තියෙන devices කිහිපයක ගති ලක්ෂණයි.
Hub
මෙන්න මේකට තමයි Hub එක කියල කියන්නෙ(මේකට විතරක් නෙමෙයි තව එකඑක විදියට Hub තියෙනව)දැන් බලමු මේ device එකේ ගති ලක්ෂණ මොනවද කියල.මුලින්ම කියන්න ඕන දේ තමයි මේ device එක හරහා data communicate කරද්දි කිසිම security එකක් නැහැ.ඒ වගේම තමයි මේක half duplex device එකක්(ඔය duplex ගැන ආයෙ කියන්න ඕනෙ නෑනෙ). මම කලින් CCNA පාඩමේ කියපු විදියට මේ device එක වැඩකරන්නෙ physical layer එකෙයි.තව එකක් තමයි මේක unmanageable deviceඑකක්,කෙටියෙන් කිවිවොත් Hub එක අපිට settings කරන්න බෑ.තවත් Hub එකේ තියෙන අවාසියක් තමයි Hub එක හරහා data transmit කරද්දි ඒ data Hub එකත් එක්ක සමිබන්ධ අනිත් device වලිනුත් බැලීමේ හැකියාව තියෙනව.                     Hub එකට ගහල(attach) සේරම device තියෙන්කන එකම collision domain එකක සහ Hub එක කියන්නෙ only one broadcast domain එකක්.ඔය collision domain එකක් කියල කිව්වෙ උදාහරණයකින් කියනවනම් මෙන්න මෙහෙම එකක්, හිතන්නකො Hub එකට data packet එකක් ආව කියල ඊට පස්සෙ Hub එක කරන්නෙ ඒ data packet එක Hub එකේ  port වලට සම්බන්ද කරල තියෙන හැම device එකකටම එක පාර යවනව එකයි(broadcast කිරීමක් තමයි මෙතනදි කරන්නෙ ඒකනෙ නිව්වෙ only onebroadcast domain එකක් කියලත්).මෙහෙම එකපාර data යවද්දි ඊට සම්බන්ධ සෑම device එකක් අතරම network Bandwidth එකත් බෙදිල යනව, අන්න ඒක හේතුවක් වෙනව network එකේ කාර්යක්ෂමතාව අඩුකරන්න.                                        collision domain එකෙයි broadcast domain එකෙයි තියෙන වෙනස තමයි collision domain එක  broadcast domain එකට වඩා කුඩා වීම.ඒ වගේම තමයි collision domain එකක් පිහිටන්නෙ broadcast domain එකක් ඇතුලෙයි. Hub එක ගැන කතාකරන්න තව දේවල් තියෙනව, Hub එක හරහා data communicate කරද්දි සමහර වෙලාවට collision (ඝට්ඨනයන්) ඇතිවෙනව.collision එකක් ඇතිවෙන්නෙ මෙන්න මෙහෙමයි.Hub එකට සම්බන්ධ device එකකට වඩා වැඩිගණනක් එකවර data send කරන්න ගියාම තමයි මේක වෙන්නෙ.   Hub එකට collision අදුනගන්න පුළුවන් හැකියාව තිබුනත් ඒක වලක්වා ගන්න හැකියාවක් නෑ.ඒකට හේතුව තමයි Hub එකට කිසිම තීරණ ගැනීමේ හැකියාවක් නැතිකම.මෙන්න මේකත් මතක තියාගන්න Hub එක කියන්නේ Repeater එකේ multi port device එකක් කියල.

  • මෙන්න මේකත් exam එකට යද්දි මතක තියාගෙන යන්න. CSMA/CD (Carrier Sense Multiple Access with Collision Detection)කියල access method එකක් තියෙනව Layer 2 එකේදි පාවිච්චි කරන Collision හදුනාගැනීමට හා වැලැක්වීමට.මෙන්න මෙතනින් ඒක ගැන පොඩ්ඩක් හොයල බලන්න. මෙන්න Hub එකේ  Symbol එක.
Switch     Switch එක ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕන දේ තමයි security එක. අපිට  Switch එක හරහා ආරක්ෂාකාරී ‍විදියට data transmit කරන්න පුළුවන්.ඒ වගේම full duplex device එකක් ඒ නිසාම Collision ඇති වෙන්නෙත් නෑ. Switch එක ඉතාමත් වේගයෙන් data transmit කරනව. එහෙම කරන්නෙ Switch එකේ තියෙන හැම port එකකටම වෙන්වුනු (dedicated) bandwidth එකක් තියෙන හින්දයි.මේකෙ තියෙන අනිත් වාසිය තමයි transmit කරන data බැලීමෙ හැකියාව තියෙන්නෙ source computer එකට හා destination computer එකට පමනයි.               අනිත් එක තමයි Switch එක unicast හා multicast කරන device එකක්(Switch සමහර අවස්තාවල broadcast කිරීමක් කරනව destination MAC address එක MAC address table එකේ තිබුනෙ නැතිනම්).ඒ වගේම manageable device (අපට configuration කරන්න පුළුවන්) එකක්.මතක‍යිනෙ Switch එක කියන්නෙ layer 2 එකේ තියෙන device එකක් කියල.Switch එක Destination MAC address දිහා බලල තමයි තීරන ගන්නෙ.දැන් බලනව ඇති  මේ MAC address table එකයි තීරණ ගන්නව කියපු කථාවයි මොකක්ද කියල.මෙන්න මේකයි සිද්ධිය, Switch එක MAC address table එක හදාගන්නෙ source MAC address එක දිහා බලල මෙන්න මේ විදියට.A computer (MAC address 0260.8c01.1111) එකට ඕන frame එකක් යවන්න C computer (MAC address 0260.8c01.2222 එකට, මුලින්ම frame එක A computer එකේ ඉදල E0 port එකෙන් Switch එකට ඇතුල් වෙනව ඊට පස්සෙ Switch එකේ buffer (මතකනේ තාවකාලික මතකයක් කියල) එකේ මේ frame එක තියාගෙන මුලින්ම කරන්‍ නේ source computer එකේ {A computer (MAC address 0260.8c01.1111) MAC address එක හා ඊට අදාල Switch එකේ port එක MAC address table එකට ඇතුල් කර ගන්න එකයි. ඊට පස්සෙ එම Switch එකේ MAC address table එකේ බලනව මේ  Destination MAC address {C computer (MAC address 0260.8c01.2222 )} එක තියෙනවද කියල, නැත්තම් Switch එකේ frame එක පැමිනි port එකෙන් හැර  අනිත් සේරම port හරහා මේ frame එක යවනව(broadcast).පහලින් තියෙන උදාහරෙනෙත් බලන්නකෝ. මේකත් බලන්නකෝ...                   අපි හිතමු D computer එකට ඕන උනා කියල C computer එකට frame එකක් යවන්න, මෙතනදිත් Switch එක  මුලින්ම කරන්නෙ ඒ frame එක buffer එකේ තියාගෙන source computer එකේ MAC address ( 0260.8c01.4444) එකයි  ඊට අදාල Switch එකේ port එකයි MAC address table එකට දාගන්න එක. ඊට පස්සේ destination MAC address එක MAC address table එකේ බලල  ඒකෙ නැත්තම් frame එක පැමිනි port එකෙන් හැර අනිත් සියළුම port හරහා frame එක යවනව.(මේ රූපෙ පොඩි වැරද්දක් තියෙනව ඒක තමයි MAC address table එකේ දෙවනි address එක හැදෙන්න ඕන මේ විදියට E3: 0260.8c01.4444)ඔන්න ඔය විදියට MAC address table එක හැදෙන්නෙ.මේ MAC address table සම්පුර්ණ උනාම ඊට පස්සෙ වෙන data transmission වෙන්නෙ Unicast transmission එකක් විදියටයි.මෙන්න Switch එකේ Symbol එක.(Bridge එකත් මේ හා සමානම ලක්ෂණ තියෙන එකක් කියල මතක තියාගන්න.)Router   පළමු දේ තමයි Router එක කිසිවිටකවත් network එක තුල broadcast කිරීමක් කරන්නෙ නෑ.Router එක network address හා interfaces යොදාගෙන Routing table හදාගෙන තියාගන්නව. ඒ වගේම තමයි Router එක network එකේ තියෙන broadcast domain ප්‍රමානය වැඩිකරනව. අනිත් එක තමයි Router එකට පුළුවන් packet යවන්න එක  broadcast domain එකක ඉදල තවත්  broadcast domain එකකට.
                                දන්නවනේ Router එක layer 3 එකේ තියෙන device එකක් කියල. අපි  CCNA වලදි වැඩියෙන්ම කතාකරන්නෙ Router එක ගැනයි.ඒක හින්ද  Router එක ගැන තවත් post එකකින් මීට වැඩිය හොදට කතා කරමු.මෙන්න  Router එකේ  Symbol එක.

ඔන්න ඔය device ගැන හරියට බලාගත්තනම් Network එක කෙසේවෙතත් CCNA exam එකනම් ගොඩ දාගන්න පුළුවන් වෙයි.

එහෙනම් යාලුවනේ මම යනවා ඔයාලට ජය වේවා!! ඉක්මනටම තුන්වෙනි පොස්ට් එකත් අරන් එන්නම් ඔයාලගේ වටිනා අදහස් අප වෙත එකතු කරන්න යාලුවනේ . . . මේ පාඩම් මාලාව ගැන අනිත් කට්ටියටත් කියලා එයාලවත් දැනුවත් කරන්න යාලුවනේ . . .

සියලු පාඩම් ඔබට ලබාදෙන්නේ www.networkdisa.blogspot.com වෙතින් බව කාරුණිකව දන්නවා සිටිමු . .

CNA Lesson A-Z (04 පාඩම - Network Devices Behavior)

Thursday, November 13, 2014

CCNA Lesson A-Z (03 පාඩම - Data Encapsulation & Data Decapsulation)

Data Encapsulation & Decapsulation                                 

      Data Encapsulation කියන්නේ OSI layers වල උඩම layer එකේ ඉදල අන්තිම layer එක දක්වා data ගලායන ක්‍රියාවලියටයි.ඒක මෙහෙමත් කියන්න පුළුවන් data එකකට එක් එක් layer එකේදි කරන එකතු කිරීම් (මොනවද කරන එකතු කිරීම් කියල මේ post එක කියවපුවාම තේරෙයි).තේරෙන්නම කියනවනම් සිද්ධිය මේකයි, අපි එක් computer එකක ඉදල තවත් computer එකකට data යවද්දි ඒ data network එක හරහා යැවීමේදි සිද්ධවෙන දේට සරලවම Data Encapsulation කියල කියන්න පුළුවන්. 

Data Decapsulation කියන්නෙ අපි ඔය උඩින් කතාකරපු එකේ අනිත් පැත්තට සිද්ධවෙන ක්‍රියාවලියටයි. ඒ කිව්වෙ OSI layers වල පල්ලැහැම layer එකේ ඉදල උඩම layer එක දක්වා network එක හරහා අපේ computer එකට ලැබෙන data  එකක් user ට view කිරීම දක්වා සිද්ධ වෙන දේටයි.

**මෙන්න මෙහමයි  OSI layers වලදි Data Encapsulation එක සිද්ධවෙන්නෙ**

7.  Application Layer: user desktop එක හරහා කරන click කිරීම් type කිරීම් (යවන data වලට අදාලව) යන ඒවයි මේ layer එකට  Data Encapsulation වලදි අදාල වෙන්නෙ.සිංහලෙන් කියනවනම් user interaction එකයි.6. Presentation Layer: මේ layer එකේදි වෙන්නෙ data compression කිරීම් encryption කිරීම් සහ එක් එක් data ඊට අදාල format (text,jpeg,mpg.......) වලට දැමීමයි.5.  Session Layer: ඔය උඩ layer දෙකේ සිද්ධවෙච්ච දේවල් අනුව එම data එක  network එක හරහා යවන්න පුළුවන් තත්වයෙන් session layer එක තුල පවතිනව.   

4.  Transport Layer: මෙන්න මෙතන ඉදල තමයි Encapsulation වල ගේම පටන් ගන්නෙ. session layer එකෙන් ආපු data එකට segment header එකක් එකතු කරල data එක segment එකක් බවට පත් කරනව. මොකද්ද මේ segment header එක.මේකෙ තමයි Source port number එකයි Destination port number එකයි තියෙන්නෙ.(මම CCNA දෙවනි පාඩම post එකේදි  port number ගැන කිව්ව මතකනෙ) ඔය port number වලින් තමයි Host to Host communication එකේදි කුමන protocol එක හරහා කුමන data එකක්ද ආවෙ කියල අදුනගන්නෙ.කෝකටත් මේ protocol ටිකයි ඒවගෙ port number ‍ටිකයි මතක තියාගන්නකෝ CCNA exam එකට ඒක ගොඩක් වැදගත් වෙයි.
3.  Network Layer: මේ  එකේදි layer එකේදි Transport layer එකෙන් ආපු segment එකට source IP address එකයි (data යවන computer එකේ IP address එක) destination  IP Address (data ලබාගන්න computer එකේ IP addressඑක) එකයි එකතු කරල segment එක Packet එකක් බවට පත් කරනව.මේ layer එකේදි හැදෙන Packet එකටම තමයි Datagram එකක් කියලත් කියන්නෙ.
Packet (Datagram)

2.  Data Link Layer: මේ layer එකේදි network layer එකෙන් ආපු  packet එකට Layer Header එකක්(source & destination MAC address  එකයි මේකෙ තියෙන්නෙ) හා Layer Trailer එකක්(මෙකෙ අඩංගු වෙනව Frame Check Sequence[FCS] කියල එකක්)  එකතු වෙලා packet එක Frame එකක් බවට පත් ‍වෙනව. මම ඔය උඩින් FCS කියල එකක් කිව්ව නේද අන්න ඒක තියෙන්නෙ ඔය Frame එක සඹ්පූරණද කියල තහවුරු කරගන්නයි. තව ටිකක් කියනවනම් මේ FCS එකේ අංකයක් තියනව, ඒක හදාගෙන තියෙන්නෙ source computer එනකන් යන Frame එකේ තියෙන data යම්කිසි ආකාරයක ගනණය කිරීමක්(calculation) කරලයි. මේක Data Decapsulation එකේදි මාර විදියට වැදගත් වෙනව.
Frame

1. Physical Layer: ඔය එක එක layer වලින් වැඩ දාල අන්තිමේටම හැදුනු Frame එක කිසිම ගතියක් නැතුව Physical layer එකෙන් ඔය computer එකට තේරෙන භාශාව කියන bit වලට convert කරල computer එකට සම්බන්ධ කරල තියෙන cable (wireless ව වෙන්නත් පුළුවන්) හරහා transmit කරනව. කෙටියෙන් නිව්වොත් Frame එක bit කරල යවනව(send......)
  • මෙන්න සිද්ධිය කෙටියෙන්,
Data.....Segment..... Packet.... Frame..... Bitඔන්න ඕකටයි Data Encapsulation කියන්නෙ....

**මෙන්න මොහමයි  OSI layers වලදි Data Decapsulation එක සිද්ධවෙන්නෙ** 
(මොනව සිද්ධ වෙන්නද උඩින් කථාකරපු එකේ අනිත් පැත්ත තමයි මෙතනදි වෙන්නෙ.)

1. Physical Layer:  ඔන්න ඉතින්  source computer එකේ Physical Layer එකෙන් ආපු bit destination computer එකේ Physical Layer එකෙන් අරගෙන අනිත් layer එකට යවනව.

2.  Data Link Layer: දැන් උඩ layer එනකන් ආපු bit මේ layer එකේදි Frame එකක් බවට පත්වෙලයි තියෙන්නෙ.source computer එකේදි Frame එකට එකතු කරපු layer header එකයි layer trailer එකයි මෙතනදි පරීක්ෂාකරගෙන (destination එක හරිද කියල check කරගනිනව.ඒ කියන්නේ ආපු Frame එක මේ computer එකටම එවපු එකක්ද කියල, ඕක ඉතින්  layer header එකේ තියෙන mac address එකෙන් කරගන්න පුළුවන්නෙ.)ඒව හලල දානව.

ඒ කිව්වෙ කපල දානව.මෙතනදි වෙන තව සිද්දියක් තියෙනව එක තමයි layer trailer එක check කර ගන්න විදිය.මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ මම කලින් කියපු විදියට layer trailer  එකේ තියෙන Frame Check Sequence[FCS] එ‍කේ ඉලක්කම destination computer එකට ලැබුනු Frame එකේ data වල FCS එක calculate කලාම එන ඉලක්කමත් එක්ක සමාන උනේ නැත්තම් මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරනව.කියල වැඩක් නෑ නේද මුංගෙ check කිරිල්ල. ලංකාවෙත් යුද්දෙ තියෙන කාලෙ අපේ පොලිස් මාමල ටික ඔහොම්මම check කෙරැවනම් කොළඹ පැත්තෙ ඔය එක බෝම්බයක්වත් පුපුරන්නෙ නෑනෙ.(හැබැයි ඉතින් පොලිස් මාමලගෙ FCS එක සමාන උනේ නැත්තම් අනිව අයෙත් ඉතින් බෝම්බයක්ම request කරනව).
3. Network Layer: data link layer එකේදි Frame එකේ L/H එකයි L/T එකයි අයින් කලාට පස්සෙ ඒක Packet එකක් බවට පත්වෙලා තමයි Network layer එකට එන්නෙ. ඊට පස්සෙ මෙතනිනුත් IP/H එක පරීක්ෂාකරගත්තට පස්සෙ ඒකත්(IP/H ) අයින් කරල දානව.
4. Transport Layer: උඩදි IP/H එක අයින් කලාට පස්‍සෙ ඒක segment එකක් වෙලා තමයි මේ layer එකට එන්නෙ.ඊට පස්සෙ S/H  (TCP / UDP Heder) එකේ port numbers බලල ඒ port හරහා data එක විතරක් අනිත් layer එකට යවනව.
5. Session Layer: මෙතනදි connection එක තියාගෙන data අනිත් layer එකට යවනව.
6.  Presentation Layer: මෙතනදි data encrypt කර තියනවනම් ඒවා decrypt කිරීමත්  compress හෝ uncompress කිරීමත් user ගෙ කැමැත්ත අනුව කරන්න පුළුවන්.7.  Application Layer: මෙන්න හොදම හරිය. user interaction එක මත data view කිරීම edit කිරීම වැනි දෑ කරන්න පුළුවන්.
  • මෙන්න සිද්ධිය කෙටියෙන්,
Bit..... Frame..... Packet.... Segment..... Data
ඔන්න ඕකටයි Data Decapsulation කියන්නෙ...           මෙන්න මරු කාටුන් එකක්..උඩ සේරම මගෙ උනාට මේකනම් මගෙ නෙමෙයි......
මේ රූප රාමුවත් බලන්න ඒකෙනුත් අපට ගත හැකි දේ බොහෙමෙයි.