Wednesday, January 14, 2015

මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?

Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (iPhone,iPad,iPod touch,Apple TV) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීම යි.හරියට ඇන්ඩ්‍රොයිඩ් Root කරනවා වගේ.මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත ඇප්ස් ගණනාවක් ලබා ගත හැකි අතර අන්ලොක් කිරීම,තේමා(Themes) ස්ථාපනය කිරීම,Ringtones ස්ථාපනය,Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.


ඇපල් Store එකේ දි වගේ ම මෙහි ඇපස් ලබා ගත හැකි Cydia නැමැති Store එකක් තිබෙනවා.දැනට තිබෙන හැම iDevice එකක් ම Jailbreak කරන්න,Unlock කරන්න බැහැ.මොකද මේ සඳහා iDevice එකේ මාදිලිය,Baseband Version එක, iOS සංස්කරණය බලපානවා.

Jailbreak කිරීම් ප්‍රධාන වශයෙන් කොටස් 2 ක් තියෙනවා

Tethered Jailbreak

මෙම Jailbreak කිරීම යටතේ iDevice එක Off කර නැවත On කරනකොට(බැටරිය වියළි ගිය අවස්ථාවක දී ද ඇතුළුව) iDevice එක පරිගණකයට සම්බන්ධ කළ යුතු වෙනවා.මොකද මෙහී දී kanel* එක patch කිරීම පරිගණකය මගින් පමණක් සිදු කළ හැකි වීම යි.සාමාන්‍යයෙන් මුලින් ම නිකුත් වන්නේ tethered jailbreak එක යි.පසුව බොහෝදුරට මෙහි Untethered සංස්කරණයක් නිකුත් කරනු ලබනවා.Tethered සිට Untethered කර ගැනීමට Cydia මඟින් ඊට අදාළ කුඩා Patch එකක් Install කරගැනීම මඟින් හෝ නැවත නව Tool එකක් මඟින් Jailbreak කර ගැනීමෙන් පුළුවන.

Untethered Jailbreak

මෙමගින් අපගේ iDevice එක ගැටලුවකින් තොරව On/Off කරන්න පුළුවන්.මෙහි දී අපගේ iDevice එක on වෙනකොට ම kanel* එක එමඟින් ම patch වෙනවා.

ඇපල් විසින් නිකුත් කරන අලුත් iOS සංස්කරණ jailbreak කිරීමට ටික කලක් ගත වෙනවා.බොහෝ විට නව iOS සංස්කරණවලට Tethered Jailbreak තමා ඉස්සෙල්ලා ම එන්නේ.අපට Unthethered Jailbreak එකක් එනකම් මෙසේ පාවිච්චි කළ හැකි අතර එය පසුව "corona" වැනි tweak මගින් Unthethered Jailbreak කර ගත හැකි ය.

Jailbreak කිරීම සඳහා අපට මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වෙනවා.මේවා නිපදවා තිබෙන්නේ ලෝකය පුරා විසිර සිටින iDevice හැකර්ලා විසිනි.මෙම මෘදුකාංග නොමිලේ Download කර ගත හැකි අතර මේවා Windows,MacOSX,Linux වැනි මෙහෙයුම් පද්ධති වල ධාවනය කළ හැකි ය.redsn0w,sn0wbreeze,Pwnagetool,Purplera1n,blackra1n,iJailBreak වැනි මෘදුකාංග මීට උදාහරණ වේ.

Jailbreak කිරීම යම් තරමක අවධානම් සහගත කාර්යයක් සහ ඔබගේ jailbreak කර තිබෙන iDevice එක තවදුරටත් ආරක්ෂාව අතින් ශක්තිමත් යැයි තහවුරු කළ නොහැකි ය.Jailbreak කිරීම මගින් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ඇපල් සමාගම වගකියන්නේ නැත.එහෙත් ඔබට ඕනෑම අවස්ථාවක ඔබගේ iDevice එක iTunes මගින් Restore කර jailbreak කිරීම ඉවත් කර ගත හැකි ය.මෙහි දී යම් Errors මතු විය හැකි අතර ඒවායින් බොහොමයක් සාර්ථකව මගහරවා ගත හැකි ය.තවද මෙසේ Restore කිරීම මඟින් ඔබගේ අයිෆෝනය නැවත ලොක් විය හැකි ය(Jailbreak කර අන්ලොක් කර ඇතිනම්).

මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?
Jailbreak කළ iPod එකක මුහුණතක්...
අපි මීළඟ ලිපියෙන් iDevice එකක් සාර්ථකව jailbreak කරන අන්දම බලමු.


මෙය ඇපල් ගැන සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලදී . . .

Sunday, January 11, 2015

Windows 7,8 හා 8.1 වලදි Virtual Wi-Fi Hotspot එකක්‍ සකසා ගන්න හැටි


Wifi Hotspot
Step 1:

මුලින්ම Click Start, type කරන්න CMD කියලා, ඉන් පසුව right-click කරලා Cmd.exe එක"Run as Administrator"ලෙස ලබා ගන්න.

Step 2: Check availability
Wi-Fi Hotspot එකක් සදා ගැනිමට හැකියාව ඇත්දැයි සොයා බැලිම සදහා පහත අකාරයට Cmd එකෙහි type කරන්න.

 netsh wlan show drivers

WiFi Hostpot_RLTechZone™ (2)

පහල රතු පාටින් ලකුණු කර ඇති තැන ඉදිරියේ Yes ලෙස ඇත්නමි පමණක්,මෙතනින් ඉදිරියට මෙම පියවර කරගෙන යා හැකිය.

 If you find Hosted network supported: Yes


Step 3: Creating Wi-Fi Hotspot
Wi-Fi hotspot එක සදා ගැනිම සදහා පහත ලබා දි ඇති command එක Cmd එකෙහි type කරන්න.

netsh wlan set hostednetwork mode=allow ssid=Hotspot key=7Tutorials

WiFi Hostpot_RLTechZone™ (3)

"Hotspot" කියන තැනට තමන් කැමති නමක්. ලබා දෙන්නමෙහිදි ලබා දෙන නම ඔබ සදා ගන්නා ජාලයේ නම වේ. පසුව "7Tutorials" යන තැනට අකුරැ 8ක password එකක් ලබා දෙන්න.
සදාගත් Wi-Fi hotspot එක Start කර ගැනිම සදහා පහත command එක භාවිතා කරන්න.

netsh wlan start hostednetwork
WiFi Hostpot_RLTechZone™ (4)


Step 4:

තවමත් ඔබ සදා ගත් ජාලය වැඩනොකරයි. වැඩ කරන තත්වයට පත් කිරිමට පහත පියවර අනුගමනය කරන්න. 
Control Panel > Network and Internet > Network and Sharing Center (search හි Network and sharing center යනුවෙන් ටයිප් කරන්න) 



Step 5: 

Mobile Broadband සම්බන්දතාවය හෝ වෙනත් සම්බන්දතාවයක් ඇත්නම් එය මත Right click
කර එහි Properties තෝරා දී, ඉන්පසුව එහිදී ලැබෙන මෙනුවේ Sharing tab එක තොරා දී ,
·         එහිදී එම සම්බන්දතාවය වෙනත් Wireless සම්බන්දයක් ඔස්සේ  බෙදා හැරීමට විදානය ලබා දෙන පළමු Radio button එක මත හරි ලකුණ දීමෙන් පසු එයට Share කිරීමට අවශ්‍ය Connection එක ලබා දීමට ඇති Home networking drop down input එකට ඔබ ඉහතදී සදා නිමකළ Wireless Hotspot එක ලබා දෙන්න.
·         Click on Internet Connection you want to share (Broadband Connection)

Properties > Sharing Tab >Check Allow other network users to connect through this computer's internet connection.And in drop down list select your virtual adapter's (WiFi Hotspot's) connection..











Step 6: මෙය Stop කිරිමට නැවත cmd වෙත ගොස්,
netsh wlan stop hostednetwork

WiFi Hostpot_RLTechZone™ (5)

පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න..



කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් මම අරගෙන ආවා.. ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්න.. මම පහල කියලා තියෙන ව්දියට වැඩ ටික කරගෙන බ්ලොග් එකට මේ ගැජට් එක දා ගන්න..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..
දැන් ඔයලා මෙතනින් ගිහින් එකේ තියෙන කොඩ් එක Copy කරගෙන අපි කලින් search කරගත්ත මේ ]]></b:skin> කොඩ් එකට පහලින් Past කරන්න...


දැන් Template එක Save කරන්න...Save Template  දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..දැන් ඔයලා මෙතනින් ගිහින් එකේ තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න. .

වැදගත්: ඉහත කොඩ් එකේ Your Twitter ID තැනට ඔයාලගේ twitter id එක දෙන්න .. දැන් HTML/JavaScript එක Save කරගන්න..

මොකක් හරි තැනක් නොතේරෙනවා නම් මට කියන්න . .මන් ඔයාලට ඒ තැන පැහැදිලි කරන්නම් . . 

Thursday, January 8, 2015

ලෙසර් ප්‍රින්ටර් භයානකයි,ඒ බව ඔබ දැනන් සිටියාද


ලෙසර් ප්‍රින්ටර් වලින් නික්මෙන කුඩා අංශු වර්ග සිගරට් දුම තරම් සිරුරට අහිත කර බව විද්‍යාඥයෝ පවසති.

නිතර ක්‍රියාත්මක කරන ලේසර් ප්‍රින්ටරයක් හරියට පට්තුවෙමින් තිමෙන සිගරට්ටුවක් වගේ වට පිටාවට නරකක් කරන බව ඔස්ට්‍රේලියාවේ පර්යෙක්ෂකයෝ පිරිසක් පවසති.

සිගරට් දුම මිනිසාට හොද නැතිවාත් මෙන් ලේසර් ප්‍රින්ටර් වලින් නික්මෙන ටොර්නර් කුඩුද මිනිසට හොද නැත.මේ ටොනර් කුඩු ඇති තැනක සිට හුස්ම ගන්න විට පෙනහළු මතු පිට නොරැදි පෙනහළු තුලට කිදා බසි.ඒවා කෙස් ගසකට වඩා සියවාරයක සිට දහස් වාරයක් තෙත් කුඩා අංශු (Ultra tiny particles) නිසාය.

මෙසේ පෙනහළු තුලට අතුළු වන ටොනර් අංශු ස්වසන පද්ධතියේ රෝග සාදයි.කැස්ස,හුස්ම ගැනිමේ අපහසුතා ඉන් මුලටම ඒයි.මේම රොගාබාධ වලට අමතරව දිර්ඝ කාලයක් ටොනර් කුඩු ආශ්වාශ කල විට හෘද රෝග හා පිලිකා සෑදීමේ අනතුරු තිබේ..

තින්ත වෙනුවට ටොනර් යොදා ගන්නා ප්‍රින්ටර් මාදිලි 60ක් ඇසුරෙන් මේ පර්යේෂණය මෙහෙය වු ඔස්ට්‍රේලියානුවන් දැන ගෙන ඇත්තේ වැඩි පුරම පරිසරයට ටොනර් කුඩු එකතු වන්නේ අකුරු වලට වඩා පින්තුර වැඩි ලියවිලි මුද්‍රණය කරන විට බවයි.

එසේම ටොනර් කාට්‍රිජය ඉවතට ගැනිමේදි හෝ එහි යම් යම් අළුත් වැඩියා කිරිමට යාමේදි පරිසරයට එක්වන ටොනර් කුඩු ප්‍රමාණය ඉතා වැඩි බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ ටොනර් කුඩු සියල්ලම වාගේ වැඩි පුර එකතු වි තිබෙන්නේ ප්‍රින්ටරය වටපිටාවේ නිසාය.එය ලග සිටින්නන්ට වැඩිපුර හානි ගෙන දේ.එහෙත් ප්‍රින්ටරය වායු සමනය කල කාමරයක තබා තියන විට නම් එම ප්‍රින්ටරයෙන් නික්මෙන අවශේෂ  හැම තැන එකසේ පැතිර යයි..

එවිට ප්‍රින්ටරය අසල සිටින්නා විතරක් නොවේ කාමරය තුල සිටින සියළු දෙනා වෙත පැමිණේ...ටොනර් කුඩු හුස්ම ගැනිමේ අනතුරෙන් යම් තරමක් වත් මිදි සිටින්නට ඒ අනතුර ඇතැයි සිතන්නෝ උපාය උපක්‍රම පාවිච්චි කල යුත්තේ මේ නිසාය.

ඒ සදහා කල යුතු හොදම දේ වන්නේ ප්‍රින්ටර් සමිපයේ වැඩ කිරිමෙන් වැල කිමය..ප්‍රින්ටරය හොදින් වතාශ්‍රය ලැබෙන තැනක එලිමහන් තැනක තැබිම අනිවාර්යෙන්ම කල යුතුය..අනෙක් සිහියේ තබා ගත යුතු කරණාව වන්නේ වසා ඇති කාමරයක් තුලදි ටොනර් කාට්‍රිජය එලියට ඇද බැලිම කිසිසේත්ම නොකල යුතු බවය ..

ඔයාලට යම් කිසි දැනුමක් මේම ලිපියෙන් එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ...අදහසක් දිලා යන්න.

SMS යවන්න කලින් මේකත් දැනන් ඉන්න . . .


ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත 

මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය..
මහපටැගිල්ලේ ඇතිවන මේ තුවාලය පිටතට මෙනෙන ලේ ගලන තුවාලයක් නොවේ..එය ඇතුලතින් ඇතිවන පටක තරලය ගලන තුවලයකි..ඒ කියන්නේ මේ තුවාල නිසා එක්කෝ මහාපටැගිලේ හුරුබුහුටි කම නැතිව යන්නට පුලුවන..නැත්නම් ඔස්ටියෝඅතරයිටිස් (Osteoaritis) තත්වය ඇතිවන්නට පුළුවන... 

මේ ගැන කතා කරමින් ලන්ඩනයේ ඉම්පිරියල් කොලිජියේ විකලාංගය ශල්‍යවෛද්‍ය විද්‍යාව පිලිබද මහචාර්ය සීන් හෆ් කියා තිබුනේ '' ජංගම දුරකතන වලින් නිතර එස් එම් එස් පණිවිඩ යවන, ඊ-මෙල් ලියන වැඩි දෙදෙනෙකුට ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවන බව මට ප්‍රනි ගොස් තිබෙන්ව කියාය. මෙසේ මහපටැගිල්ලෙන් ජංගම දුරකතන යතුරුපුවරුව හැසිරවිම සෙඛ‍ය්‍යාරක්ෂිත නොවන්නේ ඒ චලනය මහපටැගිල්ල නිර්මාණය වි තිබෙන්නේ යමක් බදා ආල්ලගැනිම සදහා එක් පසෙකට නැවිමට හා ඇගිල්ලේ මුලින්ම ඕනෑම පැත්තකට කරකවන්නට පුළුවන්විම සේය. 

එහෙත් ජංගම දුරකතන යතුරුපුවරුවක ඇති බොත්තම මහපටැගිල්ලෙන් ඔබන විට ඇගිල්ලාගන්න ඉරියව්වෙන් වුවත් එය වේගවත් වැඩිය..මන්ද යමක් අල්ලාගන්නා විට ඇගිල්ල නැවෙනවාට වඩා වැඩියෙන් දැන් එය නැවෙන නිසාය..එසේම ඒ නැවිල්ල නැවට නැවත එකම අකාරයෙන් කරන (Repetive strain injury) නිසාය.මේසේ සන්ධියක් ඕනැවට වඩා වැඩි වාර ගණනක් නැවිම නිසා එහි අභ්‍යාන්තර තුවාලයක් (Repetitive strain iniury ) ඇති වන්නේ එවිටය. 

ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවි මහපටැගිල්ල තවදුරටත් පහසුවෙන් නවන්නට දිග හරින්නට බැරිව එය ඉදිමේ වේදනාකාරි ඉමකට තල්ලුවි යාමට ජංගම දුරකතනයෙන් පණිවිඩ ලිවිම රුකුල්දෙන බව ඉදුරාම කිව හැක්කේ මේ නිසාය. 

මෙවැනිම තත්වයක් එක්දහස් නවසිය අනුව දශකයේද ඇති වු බව ඇමරිකවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හෙජ් මතක් කොට දෙයි..විඩියෝ ක්‍රිඩා වැඩිපුර ජනප්‍රිය වු ඒ කාලයයේ නිතරම ''විඩියෝ ක්‍රිඩාවල යෙදුණු සමහර අයගෙත් ඇගිලි ඔස්ටීයෝආතර්යිටිස් තත්වයට පත් වුණා'' හේ කියයි.. 

ඔයාලට යම් කිසි දැනුමක් මේම ලිපියෙන් එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ...අදහසක් දිලා යන්න.

Tuesday, January 6, 2015

ලොව ජයගත හැකි සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙකු විය හැක්කේ කෙසේද?

How can we be successful software engineer in the world to win?
දැනට වසර දෙක තුනක සිට පවතින ලෝක ආර්ථිකයේ පසුගාමී ස්වභාවය හමුවේ පවා “මෘදුකාංග ඉංජිනේරු” (Software Engineering) වෘත්තියෙහි රැකියා අවස්ථාවන් මේ ගෙවීයන දශකය (2011 – 2020) තුළදී 30% කින් වර්ධනය වනු ඇති බව එක්සත් ජනපදයේ කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි [1]. මෙය එරට සමස්ත රැකියා වර්ධනය පිළිබඳ බලාපොරොත්තු වන අගය (14%) මෙන් දෙගුණයකටත් වැඩිය. තවද Wall Street Journal පුවත්පත පළ කර ඇති සංගණනයක් මගින් එක්සත් ජනපදයේ වෘත්තීන් 200 ක් අතුරින් හොඳම වෘත්තිය ලෙස මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය නම් කර ඇත [2]. ලෝක ආර්ථිකයේ වත්මන් මන්දගාමී තත්ත්වය යටතේ පරිගණක මෘදුකාංග පද්ධති සහ සේවා සඳහා ඇති වෙළඳපොල තව තවත් වර්ධනය වනු ඇති බව ද වාර්තා වී තිබේ. වෘත්තියක් ලෙස මෘදුකාංග ඉංජිනේරු ශිල්පය සඳහා ඇති ඉල්ලුම පසුගිය දශක දෙක පමණ ඔස්සේ අඛණ්ඩ වර්ධනයක් ලැබූ අතර එය ඉදිරියටත් තව තවත් වර්ධනය වන බව ඉහත තොරතුරු මගින් මනාව සනාථ වේ. එම ශිල්පය මැනවින් අධ්‍යයනය කිරීමට සහ වෘත්තීය (professional) මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් සාර්ථකත්වයට පත්වීමට අවශ්‍ය කරන කුසලතා ගැන යම්කිසි මග පෙන්වීමක් ලබා දීම මෙම ලිපියේ අරමුණයි.
මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය යනු තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ ඇති විවිධ වූ වෘත්තීන් අතරින් එකකි.දෘඩාංග (hardware), පරිගණක ජාලකරණ (networking), දත්ත-ගබඩා (databases), පරිගණක පද්ධති (systems engineering) ආදී විවිධ අනු ක්ෂේත්‍ර රැසක විහිදී ඇති ඉංජිනේරු වෘත්තීන් රැසක් අතර මෘදුකාංග ඉංජිනේරු ශිල්පය ද එක් විශේෂිත (specialized) වෘත්තියකි. මේ එක් එක් අනු ක්ෂේත්‍රයක් සැලකුවද ඒවායේ අතිමහත් දැනුම් සම්භාරයක් දැනමටත් ගොඩ නැගී ඇත. එසේම තොරතුරු තාක්ෂණට අයත් වන ඉංජිනේරු හා තාක්ෂණ විෂයයන් අතිමහත් වේගයකින් වර්ධනය වන බැවින් නව දැනුම් හා ක්‍රමවේදයන් එක් වීමත් පවතින ක්‍රමවේදයන් භාවිතයෙන් ඉවත් වීමත් ඉතා ඉක්මනින් සිදුවේ. තත්ත්වය මෙසේ හෙයින් එක් පුද්ගලයෙකුට මේ සියළුම ක්ෂේත්‍රයන්හි පරතෙරට පැමිණීම ට නොහැකි බව ඉතා පැහැදිලිය. මේ සියළුම විෂයයන් සඳහා පොදු වන යම් දැනුම් ප්‍රමාණයක් ඇති නමුත් එක් එක් විෂයයෙහි ගැඹුරට යන විට එම විෂය සඳහාම සීමිත වන විශේෂිත දැනුම් සහ කුසලතාවන් අවශ්‍ය වේ. එසේම එක් විෂයයක විශේෂඥ වෘත්තිකයකු (expert professional) වීම සඳහා සෑම ක්ෂේත්‍රයකම ප්‍රවීණයෙකු වීම අවශ්‍ය නොවන බවත් මෙහිදී සඳහන් කල යුතුය. ඔබත් අනාගතයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වීමට බලාපොරත්තුවන අයෙකු නම් මෙහි දැක්වූ විවිධ අනු-ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් විය යුතු අතර තම වාත්තීය අධ්‍යාපනයේ යම් අවස්ථාවක (උදාහරණයක් ලෙස, තොරතුරු තාක්ෂණ උපාධියක් හදාරණ සිසුවෙකු අවසන් වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කරන කාලය වන විට) මේ එක් විශේෂිත ක්ෂේත්‍රයක් තමන් විසින් තෝරා ගැනීම යෝග්‍ය බවත් ප්‍රථමයෙන් ම ලබා දිය යුතු වෘත්තීය මාර්ගෝපදේශනය බව කිව හැකිය.
ඉහත සඳහන් විවිධ ක්ෂේත්‍ර අතරින් මෘදුකාංග ඉංජිනේරු ශිල්පය නම් විශේෂිත වූ ක්ෂේත්‍රය දෙස දැන් අපගේ අවධානය යොමු කරමු. ප්‍රථමයෙන්ම මෘදුකාංග ඉංජිනේරුවෙකුට දෘඩාංග සම්බන්ධයෙන් අවශ්‍ය වන දැනුම හා අවබෝධය කෙබඳු දැයි සලකා බලමු.
Software Engineering
රූපයේ දක්වා ඇති පරිදි පරිගණකයක් සම්බන්ධයෙන් දෘඩාංග (hardware) හා මෘදුකාංග (software) යනුවෙන් ප්‍රධාන අංග දෙකක් අපට හඳුනාගත හැකිය. මෘදුකාංගයක් යනු ගොඩනැගිල්ලක් නම්, CPU චිපය, මතකය (memory), දෘඩ තැටිය (hard disk) යනාදී උපාංග සියල්ලේ සංකලනය එම ගොඩනැගිල්ලේ අඩිතාලම (platform) ලෙස සැලකිය හැකිය. සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙකු වීම සඳහා දෘඩාංග නිර්මාණය (design) හා නිපදවීමට (construction) හැකි තරමි දැනුමක් අවශ්‍ය නොවේ. එවැනි දැනුමක් අවශ්‍ය වන්නේ දෘඩාංග ඉංජිනේරුවෙකු වීම සඳහායි. (පරිගණකයක උපාංග එකලස් කිරීම, අළුත් මතක පතක් සවිකිරීම වැනි ක්‍රියා hardware engineering නොවන බවත් ඒවා සරල නඩත්තු ක්‍රියා බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුතුය). දක්ෂ මෘදුකාංග ඉංජිනේරු‍වෙකුට අවශ්‍ය වන්නේ දෘඩාංග මගින් මෘදුකාංග වල නිවැරදි හා ඉක්මන් ක්‍රියාකාරීත්වය සඳහා සපයන සේවා හා යටිතල පහසුකම් පිළිබඳ නිරවුල් අවබෝධය යි. උදාහරණයක් ලෙස, මතක පද්ධතියේ වේගය හා විශාලත්වය අනුව ඇති වන ධූරාවලිය  (memory hierarchy) සහ ක්‍රියාත්මක වන මෘදුකාංගයක් මගින් එම ධූරාවලියේ විවිධ ස්ථර වල ඇති දත්ත කියවන/ලියන වේගයන් (read/write speeds) පිළිබඳ දැනුම දැක්විය හැක. විවිධ මතක චිපයන් හි දත්ත ගබඩා කෙරෙන තාක්ෂණය හා එක් එක් ස්ථරයේ මතක ගබඩා වල පිරිවැය (cost) පිළිබඳ දැනුවත් වීමද වැදගත් වේ. පිරිවැය පිළිබඳ දැනුවත්කම මගින් තමන් විසින් නිර්මාණය කරන මෘදුකාංගයක  ඉක්මන් හා සුමට ක්‍රියාකාරීත්වය සඳහා අධිබල CPU චිපයක් හෝ විශාල RAM චිපයක් මත පමණක්ම යැපීමේ අවධානම වැටහෙයි. බාල ගණයේ මෘදුකාංගයක් නිපදවා එහි ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා මිළ වැඩි දෘඩාංග යොදා ගන්නට යැයි සේවාදායකයන්ට පවසන්නේ නම් එවැනි අයෙක් දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙකු වශයෙන් සැලකිය නොහැකිය. පරිගණක මතකය ගැන ගත් උදාහරණයට සමාන උදාහරණ අනෙකුත් දෘඩාංග සම්බන්ධයෙනුත් අදාළ වේ. රූප සටහනේ පහතින්ම දක්වා ඇත්තේ මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය සඳහා ඉතාම වැදගත් වන දෘඩාංග කුලකයන් ය. ඒ එක එකක් ගැන විස්තර වශයෙන් සඳහන් කිරීමට මෙම ලිපියේ ඉඩ නැති නමුත් මෘදුකාංග ඉංජිනේරුවකුට දෘඩාංග ගැන අවශ්‍ය වන දැනුම ගැන යම් වැටහීමක් දැන් තිබිය යුතුය.
Software and Hardware
දෘඩාංග විසින් සැපයෙන අත්තිවාරම උඩ ක්‍රියාත්මක වන මෘදුකාංග ද විවිධ ස්ථර කිහිපයක ට වෙන් කර හඳුනාගත හැකිය. භාවිත මෘදුකාංග (application software) හා පද්ධති මෘදුකාංග (system software) යන ප්‍රධාන කුලක දෙකකට මේවා වර්ගීකරණය වේ. මෘදුකාංග ඉංජිනේරුවෙකුට මේ කාණ්ඩ දෙකටම අයත් ස්ථර වල නිර්මෘණකරණයේ යෙදිය හැකි මුත් සාමාන්‍යයෙන් මෙම ක්ෂේත්‍රයේ රැකියා ඇත්තේ ඒවායින් එක කාණ්ඩයකට සීමා වන ලෙසයි. මේ විවිධ ස්ථර මෘදුකාංග ශිල්පයේ උප විශේෂිකරණයන් (sub specialization) ලෙස හැඳින්විය හැකිය.
පරිගණකයක පරිශීලකයා (user) හට අවසන් වශයෙන් අවශ්‍ය වන්නේ විවිධ කාර්යයන් ඉටු කර දෙන මෘදුකාංග (application software) ය. සිලිකන් පරිපථ හා චුම්භක කොටස් යනාදිය එකතු කොට නිපදවා ඇති උපාංග හරහා විදුලි ධාරාවන් ගමන් කරන විට ක්‍රියාත්මක වන දෘඩාංග සමූහයක් මත ධාවනය වන මෙහෙයුම් පද්ධතියක් (operating system) සහ තවත් විශේෂිත මෘදුකාංග සැකිලි (software frameworks) මත දිවෙන මෘදුකාංගයක් තමන් භාවිතා කරන බව පරිශීලිකයා හට දෘෂ්‍යමාන නොවේ. නවීන වාහනයකට නැග බොත්තමක් ඔබා එය පණ ගන්වා, ස්වයංක්‍රීය ගියරය දමා, වාහනය අභ්‍යන්තරයේ සිදුවන දහසකුත් එකක් ක්‍රියා ගැන කිසිදු අවබෝධයක් නැතිව ‍ එය ධාවනය කරවන රියදුරෙකුත් සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නෙකුත් අතර එතරම් වෙනසක් නැත. ඒ එසේ නමුත්, මෘදුකාංග නිර්මාණකරුවෙකුට තම වෘත්තියේ විශේෂඥයකු වීම සඳහා මේ විවිධ අන්තර් ස්ථර පිළිබඳ ඉතා නිරවුල්, ගැඹුරු අවබෝධයක් තිබීම අත්‍යවශ සාධකයක් වේ. සෑම අවස්ථාවක ම බිම් මට්ටමේ සිට සියළුම මෘදුකාංග තමන් විසින් ම නිර්මාණය කර ගත යුතු බවක් මින් අදහස් නොකෙරේ. යම් යම් අය විසින් පෙර නිමවා ඇති යටිතල මෘදුකාංග හා මෘදුකාංග සැකිලි යොදා ගනිමින් භාවිත මෘදුකාංග නිර්මාණය කිරීමෙහි කිසිම වරදක් නැත. ඵලදායි මෘදුකාංග නිර්මාණකරණයක් සඳහා එසේ යොදා ගැනීමත් අත්‍යවශ්‍ය කාරණයකි. අප විසින් නොකල යුත්තේ එම පහත ස්ථරයන් ගැන අනවබෝධයෙන්, උඩින් පල්ලෙන් අතගාමින් මෘදුකාංග නිර්මාණකරනයේ යෙදීම යි. තමන් නිපදවූ මෘදුකාංගය නිසි පරිදි ක්‍රියාත්මක නොවන මොහොතක ඒ ඇයිදැයි සොයා බැලීමට බිමි මට්ටමට එබී බලා ඒ නිවැරදි කිරීමේ හැකියාව හා අවබෝධය (ability to look under the hood) ඇතිව ඒවා යොදා ගැනීම දක්ෂ මෘදුකාංග ශිල්පියෙකුගේ ලක්ෂණය යි. එසේ නොමැතිව, යම් මෙහෙයුම් පද්ධතියක් මත දුවන අතථ්‍ය යන්ත්‍රයක (virtual machine) සේවා යොදා ගනිමින් ලියා ඇති මෘදුකාංග සැකිල්ලක ආධාරයෙන් යම් භාවිත මෘදුකාංගයක් නිපදවූ පමණින් තමන් මෘදුකාංග ඉංජිනේරුකරණයේ යෙදුනු බව සිතා නොගත යුතුය. සැබැවින්ම එය සරල වූ වැඩසටහන්කරණයක් (a mere programming job) පමණි.
SW_languages
රූප සටහනේ දක්වා ඇති විවිධ ස්ථර පිළිබඳ නිවැරදි දැනුම ට අමතරව මෘදුකාංග නිර්මාණකරනය ට අදාළ වන විෂයයන් හා මෙවලම් ගැන හොඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක්ද තිබීම අත්‍යවශ වේ. Computer Architecture, Operating Systems, Data Structures and Algorithms, Object Oriented Analysis and Design, Compiler Theory, Programming Theory සහ Database Designing වැනි විෂයයන් ගැන නිවැරදි දැනුම දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවෙකුගේ දැනුම් ගබඩාවේ නිත්‍ය හා ප්‍රමුඛ අංගයන් වේ. එසේම compilers, debuggers සහ test tools වැනි මෙවලම් (මේවාද තවත් විශේෂිත මෘදුකාංගයන් ය) ගැන ප්‍රායෝගික දැනුම ද මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලිය (software development life cycle) ගැන අවබෝධය ද ඉතා වැදගත් වේ.
මේ කරුණු සලකා බලන විට විවිධ කෙටිකාලීන පරිගණක පාඨමාලා හැදෑරීම හරහා මාසිකව ලක්ෂ ගණනින් ආදායම් උපයා ගත හැකි මෘදුකාංග ඉංජිනේරුවන් විය හැකි බව පවසමින් සිසුන් නොමග යවන විවිධ දැන්වීම වර්තමානයේ දැකිය හැකි වීම කණගාටුවට කරුණකි. මෙබඳු වෙළෙන්දන් ගෙන් මුලා නොවීමට සිසුන් හා දෙමව්පියන් වග බලා ගත යුතු අතර එබඳු පාඨමාලා යම් කිසි ප්‍රමිතිකරණයකට හා නියාමනකට ලක් කිරීමට බලධාරීන් ක්‍රියා කල යුතු බව අපගේ අදහසයි.
Facebook, Twitter වැනි සමාජ ජාල වල කරක් ගසමින් හෝ පරිගණක ක්‍රීඩා වල යෙදෙමින් නිකරුණේ තම අගනා කාලය අපතේ යැවීම වත්මන් සිසු පරපුර අගාධයට යවන්නක් බව කිව යුතුය. ඊමේල් යවන්නට දැන ගැනීම, අන්තර්ජාලයේ සැරිසැරීම හෝ MS Office වැනි මෘදුකාංග පැකේජයක් අත පත ගා යමක් කර ගැනීමට හැකි වීම ඉහළ මට්ටමේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකු වන්නට සුදුසුකමක් නොවේ. එම දැනුම මගින් යම් අයෙකුට දත්ත ඇතුළත් කරන්නෙකු (Data Entry Operator) වැනි ආරම්භක ශ්‍රේණියක ලිපිකාර රැකියාවක් ලබා ගත හැකි වනු ඇත. කෙනෙකු ලබන අධ්‍යාපනය හා පුහුණුව අනුව ඕනෑම ක්ෂේත්‍රයක වැඩි හා අඩු වැටුප් තල වල ඇති රැකියාවන් තිබෙන අතර තොරතුරු තාක්ෂණයේදීත් මේ තත්ත්වය එලෙසම පවතී. CPU Chip Designer, Software Architect වැනි වැඩි වැටුප් ඇති වෘත්තීන් හි සිට Computer Assembler, Programmer වැනි ආරම්භක වැටුප් ඇති වෘත්තීන් දක්වා ඇති විශාල පරාසයක මෙම රැකියා විහිදේ.
SW_Programmer
සාරාංශ වශයෙන්, දෘඩාංග මගින් මෘදුකාංග වෙත සැපයෙන් සේවා ගැන පැහැදිලි අවබෝධය, විවිධ මෘදුකාංග ස්ථර සහ ඒවා අතර ඇති අන්තර්ක්‍රියා පිළිබඳ අවබෝධය සහ තම වෘත්තිය දැනුමෙහි අරටුව ලෙස සැලකිය හැකි විෂයයන් හා මෙවලම් ගැන නිවැරදි න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම යන කාරණා සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවෙකු වීමට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස ඉදිරිපත් කළ හැකිය. මෘදුකාංග ක්ෂේත්‍රයේ දක්ෂ වෘත්තියකුට වීමට ඔබත් බලාපොරොත්තු වන්නේ නම් මෙම කරුණු පිළිබඳ හොඳ අවධානයක් යොමු කල යුතු බව පැවසිය හැකිය. ලොව ජයගන්නා සාර්ථක මෘදුකාංග ඉංජිනේරුවන් අප රටෙන් බිහි කල හැකි බව දැනටමත් සනාථ වී ඇත. ඒ කාර්යය තව තවත් ඔප් නැංවීමට යම් කිසි අත්වැළක් මෙම ලිපියෙන් සැපයෙනු දැකීම අපගේ අවසන් ප්‍රාර්ථනය යි.
ලේඛකයා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ඉංජිනේරු උපාධියෙන් ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ඇත.  ලංකාවේ ප්‍රමුඛතම මෘදුකාංග සමාගමක සේවය කරන හෙතෙම මෘදුකාංග නිපදවිමේ ක්‍රියාවලියේ විවිධ මට්ටම් වල නිරත වෙමින් වසර දහයක පමණ අත්දැකීම් ලබා ඇත්තෙකි.