Thursday, October 15, 2015
Processor එකට හොර උප්පැන්නයක්
ඉතිං උපන්දිනේ දවසකවත් හොදවයින් තෑගි වගේම හෘදයාංගම සුභ පැතුම් ජිලාට ලැබෙනව වගේ ජිලත් ඉතිං ඔය එක එක යහළුවන්ට කෑම බීමකින් හරි සංග්‍රහකොරල ගෙදර ඇවිදින් බුකියටත් ගොඩවදින්න කලින්ම කල්පනා කලේ දුර ඈත පළාත්වල සිටින ජිලාගෙ අනික් යහළුවන්ට දෙන්න හොද තෑග්ගක්..පාටියක් කොහොම දෙන්නද කියල.. ඕං එතකොටයි මතක් උනේ.. මේ පහුගිය දවස් කිහිපයකම ජිලාගෙ යහළුවන්ව වගේම ලංකාවේ ගොඩාක් අයව හරකුන් කරල අන්න තන කාපිය කියල පෙන්වපෙන්ව අණකරපු තවත් හරකෙකුගේ තන කැවිල්ලට තිත තියල හොදවයින් මොළේට යමක් දුන්නොත් නරකදෑ කියල.
දෙවරක් චක්කරේ දන්න එවුනුත් බ්ලොග් කලාව පටන් අරන් තියන කාලේ... උන්ගෙ එක එක නොදැනුවත්කමට දමන පෝස්ටු නිසා උඹේ විතරක් නෙවෙයි මගෙත් මනස විකෘති වෙනවා...ඒ උන්දලෑට ළගට කතාකොට හොදට ලුණු ඇඹුල් ඇතිව කණට වගේම කටටත් මොනවාහරි වක්කොරන්න ඇත්නම් ෂෝයි කියල හිතෙන්න දැන් තමා... බ්ලොගිය පුරවන්න ඕනි කමටම.. ගූගල් දෙයියාගේ වගේම youtube මල්ලිගේ සරණ පතන එවුන්ට එවුන්ගේම සරණං ගච්චාමී... මට මොකෝ උඹ්ල මමත් එක්කනේ.. උන්ට බෑ ජිල්මාට්ස්ගෙ ගෝලයින්ට තණකවන්න.. ඒක ජිලා හොදාකාරවම දන්නවා... මේ සූත්තරේ දෙක වසර සමත් නංගිලා මල්ලිලාට කිරිකජුවගේ.. ඉතිං තවත් දෙක වසර සමත් මල්ලියෙකුගේ කතාවක් නිසා අපි කෝප නොවෙමු... ජිලත් එක්ක ඉන්න උඹ ඇත්ත දන්නවා... ඉතිං අපි ඇත්ත කතාකරමු..
හ්ම්ම්ම්
ඕං ඔහොම මෙතැනට වෙනතෙක්ම ආවා ඈ... මෙතනදි මේ Pentium Pro ආරම්භය නෙවෙයි..මීට පෙරාතුරුව processor වර්ග කිහිපයක්ම නිකුත් උනා ඈ.. අනික ජිලා දැන් මෙතනදි වැඩිපුර දෙනාගෙ කටේ තියන Intel සමාගම විසින් නිකුත් කරන ලද Processor විතරයි දිගහැරියෙ ඈ... තවත් තියනවා AMD කියයි Atom කියයි.. ඒව සියල්ලක්ම ගැනම කතාකොරන්නත් මෙතන දිගහරින එකත් ජිලාටත් එක සැරින්ම මතකෙට එන්නෙ නෑ නොවැ. ඒනිසා ඒගැන සමාවෙයන් ඈ... හලි දැන් මේ Core i3, Core i5, Core i7 වලින් පසුව Core vPro කියල කෑල්ලක් මේං මේ Core i3, Core i5, Core i7 processor වලට ඈදමින් තවත් දියුණුවක් කරනවා... දන්නවනේ Core i3 කිව්වත් ඒකටත් වෙනම Model Number එකක් අනුව වර්ගීකරණය කරනවා කියල.
ජිලාගෙන් බොරුවට නෑ ඉඩ...
මේං එහෙනම්... ඇස්බැන්දුමත් හැබෑවක් කරන ජිල්මාට්ස් සූත්තරේ...
Windows Registry Editor Version 5.00
මේං දැක්කද මේ regedit /S කියන විධානෙන් පසුව "" "" ඇතුළෙයි ඔයාගෙ මේ path එක යෙදෙන්නෙ ඈ.. තේරුණාද මන්දා...
IP Address වෙනස් කිරිල්ල
නෑ මගෙ වස්තුවේ මම ඔයාට රිදවන්නෙ නැහැ. ඔයයි මගේ ජීවිතේම.. මේ වෙනකම් හැම අස්සකම අතගානකම් ඔයා මාදිහා ආදරෙන් බලන් හිටියා.. ඒ ඔයා මාව විශ්වාස කරනනිසා.. මම ඔයාගෙ හැම අස්සකටම අත දාල සොයන්නෙ අපේ ආදරේ වැඩිකරගන්න.. ඔයා මමත් එක්ක මේ විදියට ආදරෙන් බැදෙනකොට මගේ ආශාව වැඩිවෙන්නෙ තවත් ගැඹුරට අතදාල තව තව දේවල් සොයල ඒව ඇතුළෙ තියෙන දේවල් දකින්න.. වෙන්නෙ මොනවද කියල බලන්න.. සමහර වෙලාවට ඔයා ගොඩක් නපුරුවෙන වෙලාවලුත් තිබුණ.. ඒත් මම ඔයාව ටෙස්ට් කරන්න වෙනම කාමරයක් අරන් තිබුණ හින්ද ඔයා මාව අතහැරල ගියේ නෑ... ඒ මම ඔයාට ගොඩක් ආදරේ කරනව..ඔයාව හොදින් තියාගන්න ඕන හින්ද තමයි කියල ඔයා දන්න නිසා.. වෙනම වෙන්කරපු කාමරේකට රිංගල අපි දෙන්න එක එක පරීක්ෂණ කරල ඒව සාර්ථක උනාම මම ඔයාව එළියට අරන් ඔයාගෙ ඇත්ත ජීවිතේට ඒව්ව මෙව්ව කරනව.. ඒ දැන් භයක් නැතිහින්ද.. ඔයාගෙ මේ ආදර කොල්ලට පිට කොල්ලො කෙල්ලො ආදරේට කියන්නෙ ජිල්මාට්ස් කියල.. ඒ මම ඔයාගෙ හැම අස්සකටම අතදාල ඒවගෙන් වෙච්ච දේවල් රසකර කර කියලදෙන නිසා... මම ඔයාට ගොඩක් ළං වෙනව වගේ ඒ අයියල අක්කලටත් මම ඔයාට ආදරේ කරනව වගේ එයාලත් එයාලගෙ කොම්පියුටර් වලට ආදරේ කරනව.. හැබැයි සමහර අයියල අක්කල සොෆ්ට්වෙයා නැතුව කරන්න පුලුවන් දේවලුත් සොෆ්ට්වෙයා ඔබාගෙන කරන්න ගිහ්න් ඇනගන්නව.. ……මම ඔයත් එක්ක එකතුවෙලා හොරෙන් කීතැනකට ඉන්ටනෙට් එකෙන් රිංගුවද එඩ්රස් එකට බොරු එකක් දීල. මතකද එදා දවසක් අපි දෙන්න එකතුවෙලා අතිශයින්ම පොඩිහිටියන්ට තහනම් පොට් එකකට රිංගුව හරියට වැඩිහිටියො දෙන්නෙක් වගේ... මේ අයියල අක්කලත් මීට කලින් ip changer ද මොනවද නමක් කියාගෙන එක එක එව්ව ඩවුන්ලෝඩ් කරගෙන අහුමුලුවල රිංගල කොම්පියුටර් එකත් ස්ලෝ කරගෙනලු.. ඒ හින්ද මම මේ කස්ටියටත් කියල දීල එන්නම් අපි දෙන්න කොහොමද ip address එක වෙනස් කරගෙන අහුමුලුවලට රිංගුවෙ කියල..
ශරි මගේ යාලුවනේ... එහෙනම් අපි සොෆ්ට්වෙයා දාගෙන ඇනගන්නවට වඩා... පුංචිම පුංචි සෙල්ලමක් දාල ip address එක වෙනස් කරමු...
1. Windowskey + R >දැන් "cmd" කියල ටයිප් කරන්නකෝ...
2. ඊළගට එන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ මෙහෙම ටයිප් කරන්න netsh interface ip show config දැන්(එහෙමත් නැත්නම් ipconfig /all ) පෙනෙයි ඔයාගෙ IP Address එක
DHCP enabled: NoIP Address: 192.168.1.148 SubnetMask: 255.255.255.0Default Gateway: 192.168.1.1 (මේක මගේ... මම දැන් මේක වෙනස් කරන්නයි යන්නෙ... බලන්න ඔයාගෙ එක මොකක්ද කියල )
3. හරි එහෙනම් දැන් වෙනස් කරමු කොටන්න මෙන්න මෙහෙම netsh interface ip set address name="Local Area Connection" static 192.168.1.193 255.255.255.0 192.168.1.1 1 මේක කරගන්නත් සොෆ්ට්වෙයා ඕනද...? අනේමන්දා... මම නම් ඕං වෙනස් කළා... ඕං ඔහොමයි අපි දෙන්න අනං මනං සයිට්ස් වලට ip change කරල රිංගුවෙ..
.
Tuesday, September 1, 2015
ඇඟිලි සෙලවීමෙන් පරිගණකය හසුරුවන LEAP
පරිගණකය සහ පරිගණක තාක්ෂණය කොතරම් දියුණුවට පත්වූවත්, මිනිසා පරිගණකය සමග සම්බන්ධ වන මූලික ආකෘතිය තවමත් වැඩි වෙනසකට ලක්වී නැත. පරිගණකය තරම්ම පැරණි යතුරු පුවරුවත් (Key Board), අවුරුදු 40 ක් පැරණි මවුසයත්, මෑතකදී කළ එළි පැමිණි ස්පර්ශ-සංවේදී තිර (Touch Screen) තාක්ෂණයත් පරිගණකය වෙත විධාන ලබාදීම සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රමවේදයි. මේ සෑම උපාංගයක් හා ක්‍රමවේදයක් සමගම මිනිසා හා පරිගණකය අතර භෞතික මැදිහත් වීමක් අනිවාර්යය වී තිබිණි. නමුත් දැන්, ඒ සියළු සීමා මායිම් බිඳ දමමින්, නිදහසේ - වඩාත් ස්වභාවික හා තාත්වික ආකාරයෙන් පරිගණකය වෙත විධාන දෙන්නටත්, ඩිජිටල් ලෝකය හා එක් වන්නටත් නවතම ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
ඔබ Minority Report සිනමා පටය නරඹා ඇත්නම් ඉහත රූපයේ දැක්වෙන ආකාරයට අති විශාල පරිගණක තිර ඉදිරියේ දෑතින් යම් යම් විධාන දෙමින් පරිගණක පද්ධතිය හසුරුවනු දකින්නට ඇත. LEAP හි ආවරණ ප්‍රදේශය Minority Report තරම් විශාල නොවූවත් ක්‍රියාකාරීත්වය එයට සමාන වේ. මෙහි චලන සංවේදී උපාංග ලෙස Infrared LED කීපයක් සහ මෙගා පික්සල 1.3 ක (1.3 MP) කැමරා සංවේදකයක් අඩංගු කර තිබේ. මෙමගින් ඝන අඩි 8 ක ප්‍රදේශයක් පුරා (සාමාන්‍ය ශීතකරණයක් තරම්) ත්‍රිමාන අවකාශයක සිදුවන චලනයන් ග්‍රහණය කරගනී. පරිශීලකයාගේ දෑත් සහ ඇඟිලි හසුරුවන රටාවන්ට අනුකූල සුවිශේෂී ඇල්ගොරිදම රටාවන් රැසක් හඳුනාගැනීමට LEAP මෘදුකාංගයට හැකියාව ඇත. සරලව පැවසුවහොත්, LEAP උපාංගය ඉදිරියේ හිස් අවකාශය මත, පෑනක් මගින් ඔබේ අත්සන "ලිවීමෙන්" ඉතා නිවැරදිව ඔබේ ඩිජිටල් අත්සන තිරය මතට ලබා දීමට මෙයට හැකිය. පරිශීලකයාගේ දෑතේ ත්‍රිමාන අවකාශී සිතියමක් මැවීමට එයට හැකිවන අතර දැන් මෙම දත්ත ආධාරයෙන් චලනයන් හඳුනා ගැනීමට එය සමත්වේ.
චලන සංවේදී උපාංග ලෙස මෑත කාලයේ තරමකට හෝ මතුවී ආවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ කයිනෙක්ට් (Kinect) උපාංගයයි. කෙසේ වුවත් එය ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩි පරාසයක මෙහෙයුම් ප්‍රමාණයක් හැසිරවීමට එයට නොහැකි විය. තවමත් පරිගණකයක් පාලනයට තරම් දියුණුවක් එය ලබා නොමැති අතර XBox පද්ධති හා වෙනත් පරිගණක ක්‍රීඩාවන් හැසිරවීම සඳහා එය බහුලව භාවිතා කෙරේ. LEAP හි චලන සංවේදීතාවය Kinect මෙන් 200 ගුණයක් ඉහළ අතර මිලිමීටරයකින් සියයෙන් එකක් දක්වා වූ අති සියුම් චලනයන් පවා එයට හසුකරගත හැකියි. කයිනෙක්ට් මෙන් නොව LEAP උපාංගය ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් තරම් කුඩා නිසා පහසුවෙන් හැසිරවිය හැකියි. තවමත් මුල් අදියරේ පවතින තාක්ෂණයක් වුවත් LEAP හි ඇති අතිසියුම් නිවරද්‍යභාවය විස්මය දනවන සුළුයි. LEAP හි අනාගත සංස්කරණ වලදී මෙහි සංවේදී උපාංග තවත් කුඩා කර ස්මාට් දුරකථන, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක පද්ධති තුලම LEAP පද්ධතිය ඇතුලත් වන ආකාරයෙන් තැනීමට දැනටමත් කටයුතු සිදුවෙමින් පවතී.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiIaFDw3TGhL8O3NdkT3ERbf5JEATjLo7y6aTNmEdW9Ulo_6k3szXubC5_ri4BbbrxX0BJHdiYaUxiMqN449gJoQM0TqfVgQ5xwqHo_qMufqLgpqPpxMXOcsRAb3P_cG6WM9qQ-yh67g4g/s1600/inline-7-the-codesign-50-part-2.jpg)
LEAP උපාංගයෙන් ඔබේ පරිගණකය හැසිරවීම ඉතා පහසුයි. USB සබඳතාවය හරහා LEAP උපාංගය පරිගණකයට සම්බන්ධ කර Leap Motion මෘදුකාංගය ධාවනය කළ පසු LEAP උපාංගය මත ඔබේ අත එක්වරක් වැනීම මගින් එය සක්‍රීය වේ. වෙනත් කිසිදු පුහුණු කිරීමක් හෝ ඉගෙනීමක් අවශ්‍ය වන්නේ නැත. ඔබේ සිතට එන ඕනෑම විධානයක් ඔබට හුරු පුරුදු හස්ත සංඥාවක් මගින් දැන් ක්‍රියාත්මක කරවිය හැකියි. එපමණක් නොව, ඔබට ඔබේ දෑතේ ඇඟිලි වලට අමතරව පෑනක් හෝ පැන්සලක් වැනි දෙයක් පවා භාවිතා කළ හැකියි. LEAP හි අධි-සංවේදීතාව හා නිවැරදි බවත්, LEAP මෘදුකාංග 'මොළයේ' බුද්ධිමත් භාවයත් නිසා විද්‍යා ප්‍රබන්ධ ගණයේ අත්දැකීමක් ඔබේ දෑස් ඉදිරිපිට මැවීමට LEAP උපාංගයට හැකියාව ලැබී තිබේ. ඔබට අවශ්‍ය ආකාරයේ විධානයන් LEAP මෘදුකාංගය වෙත program කිරීමටද හැකියාව ලබාදී ඇත. මෙමගින් ඔබටම ආවේනික වූ චලන විධානයක් පහසුවෙන් භාවිතා කළ හැකියි. LEAP උපාංගයක් කීපයක් පරිගණකයට සම්බන්ධ කිරීමෙන් ඔබේ සංවේදී ප්‍රදේශය වැඩි කරගන්නටත් පුළුවන්.
LEAP Morion සමාගම විසින් මේ වන විටත් LEAP උපාංගයේ අත්හදා බැලීමේ සංස්කරණයන් ලොව පුරා වෙසෙන මෘදුකාංග සංවර්ධකයින් හට ලබාදී තිබේ. එමගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ LEAP උපාංගයේ විවිධ භාවිතාවයන් ඉස්මතු කරගැනීමටයි. මෙහිදී LEAP උපාංගය භාවිතයෙන් සිදුකළ හැකි විවිධ වැඩකටයුතු රාශියක් පිළිබඳ අදහස් මතුවී තිබේ. ත්‍රිමාන නිර්මාණ කරුවන්හට මවුසයෙන් වැඩ කරනවාට වඩා දස ගුණයක වේගයෙන් ත්‍රිමාන ආකෘති (3D Modeling) නිර්මාණය කරගත හැකියි. වින්ඩෝස් 7 / 8 පද්ධති හා Mac OS පාදක පරිගණක පද්ධති හැසිරවීම සඳහා වෙනත් කිසිදු වෙහෙසකින් තොරව LEAP යොදා ගැනීමට පුළුවන. පෙර සඳහන් කළ ආකාරයට ඩිජිටල් අයදුම්පතක් සඳහා ඔබේ අත්සන යෙදීමට ඔබ කළ යුත්තේ අවකාශය තුළ පෑනෙන් අත්සන් කිරීම පමණි. එසේම කිසිදු සැකයකින් තොරව පරිගණක ක්‍රීඩා ලෝලීන්ට තමන්ට රිසි අයුරින් ක්‍රීඩා කිරීමේ පහසුකම LEAP මගින් ලැබෙනු ඇත.
LEAP උපාංගය නිර්මාණය කිරීමේ අදහස එහි නිර්මාණකරුවන් වන ඩේවිඩ් හෝල්ස් සහ මයිකල් බක්වඩ් හට පැමිණ ඇත්තේ ත්‍රිමාන මොඩලයන් නිර්මාණය කිරීම සඳහා පරිගණකය භාවිතා කිරීමේදී යතුරු පුවරුවත්, මවුසයත් භාවිතයෙන් එය කිරීමට ඇති අපහසුතාවය තේරුම් යෑම නිසායි. පරිගණක තිරය මත අතත්‍ය (virtual) මැටි ගොඩක් ඇතැයි සැලකුව හොත්, අප සාමාන්‍ය ලෝකයේ එම මැටි පිඬ හැඩගස්වා අපට අවශ්‍ය රූපය නිර්මාණය කරන ලෙසටම පරිගණක තිරය තුල ඇති මැටි පිඬ ද හැඩගැස්වීමට හැකි විය යුතු යැයි ඔවුන් කල්පනා කලහ. මෙසේ ස්වභාවික හස්ත චලනයන් භාවිතයෙන් ත්‍රිමාණ රූ මැවීම සඳහා නිපදවුනු චලන තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් LEAP උපාංගය නිර්මාණය කර තිබේ.
LEAP හි අනාගතය සිතාගත නොහැකි තරම් චමත්කාරජනක වනු ඇත. අනාගත LEAP උපාංගයන් වඩාත් කුඩා වනු ඇති අතරම, වඩාත් පුළුල් පරාසයක ක්‍රියාත්මක වනු ඇත. එවිට කාමරය මැද ක්‍රිකට් පිත්ත වනමින් පරිගණකයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන දරුවන් ද, හිස් අවකාශයේ පැන්සල මෙහෙයවමින් චිත්‍ර අඳින කලාකරුවන් ද, හස්ත සංඥා මගින් පරිගණකයෙන් චැට් කරන ආබාධිතයන් ද අමුතු දසුනක් නොවනු ඇත.
LEAP උපාංගය ඩොලර් 70 කට මිළ කර ඇති අතර, 2013 වසරේ මුල් භාගයේදී මෙය වෙළඳපොලට නිකුත් කිරීමට LEAP Motion සමාගම බලාපොරොත්තු වේ.
මෙම වීඩියෝව නැරඹීමෙන් LEAP හි ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින්
වටහා ගැනීමට ඔබට හැකිවනු ඇත...
Read more: http://chathucn.blogspot.com/2012/11/leap.html#ixzz3kTVjCFEU
ස්මාට් ලෝකයේ ස්මාට් ඔරලෝසුව : Sony Smart Watch 2
Smart (ස්මාට්) යන ඉංග්‍රීසි වචනයේ අරුත වන්නේ “දක්ෂ” යන්නයි. අප වටා ඇති සෑම සියළු උපාංගයක්ම “ස්මාට්”කරණය වන මේ යුගයේ අතේ බඳින ඔරලෝසුවටත් ඒ ආකාරයෙන් දක්ෂ නොවී සිටිය නොහැකියි. සාම්ප්‍රදායික අත් ඔරලෝසුව සම්පූර්ණ වෙනසකට ලක් කරමින් එන ස්මාට් ඔරලෝසු නූතන ලෝකයට අමුත්තක් නොවේ. සරලවම කිවහොත් ස්මාට් ඔරලෝසු යනු හුදෙක් වේලාව බැලීමට පමණක් සීමා නොවී, වෙනත් පරිගණක හා සන්නිවේදන උපාංග සමග තොරතුරු හුවමාරු කරගත හැකි අතේ බඳින පරිගණකයකි.
ස්මාට් ඔරලෝසු පිළිබඳව තාක්ෂණ ලෝකයේ කලබලයක් ඇති කලේ Sony සමාගම විසිනි. ඒ Sony Smart Watch හඳුන්වා දීමෙනි. ඒ පිළිබඳව ඔබට අසන්නට ලැබී ඇතුවාට සැක නැත. එයින් පසුව ඇපල් සමාගම හා ගූගල් සමාගම ද, මෑතකදී සැම්සුන් සමාගම ද ස්මාට් ඔරලෝසු පිළිබඳ සිය අවධානය යොමු කර ඇතැයි අසන්නට ලැබුණත්, තවමත් එවැන්නක් නිළ වශයෙන් දියත් කර නොමැත. දැන් Sony සමාගම විසින් සිය Smart Watchඋපාංගයේ දෙවැනි පියවරත් තබමින් Sony Smart Watch 2 නමින් වැඩිදියුණු කරන ලද නව ස්මාට් ඔරලෝසුවක් නිකුත් කර ඇති අතර මේ සමගින් Smart Watch යුද්ධය වඩාත් උග්‍ර වනු ඇතැයි අදහස් පළවෙමින් තිබේ.
සෝනි සමාගම ඉදිරිපත් කළ පළමු ස්මාට් ඔරලෝසුව අකලට පැමිණි නිෂ්පාදනයකි. එය පාරිභෝගික ආකර්ශණය දිනාගත් නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ කළ නිපැයුමකි. එය මිළ අධික වූ අතර, ජලයට ඔරොත්තු දෙන ලක්ෂණ ද නොතිබිණි. එසේම එම Smart Watch එකට Apps වෙනමම install කරන්නට සිදුවීමද කරදරයකි. කෙසේ වුවත්සමගින් සෝනි සමාගම දැන් සිය අඩුපාඩු සියල්ලම පාහේ මකා ගනිමින් විශිෂ්ඨ ස්මාට් ඔරලෝසුවක් ඉදිරිපත් කර තිබේ.
තිරය පිළිබඳව ගතහොත්, පෙරදී ආ Smart Watch එක මෙන්ම Smart Watch 2 හිදී ද භාවිතා වන්නේ අඟල් 1.6 ක ස්පර්ශ-සංවේදී LCD තිරයකි. පෙරදී භාවිතා කලේ OLED තිරයක් වන අතර නව සංස්කරණයේ ඇති LCD තිරය මගින් එළිමහනේදී පවා හොඳින් තිරය දර්ශණය වේ. මේ කුඩා තිරයේ විභේදනය පික්සල 220 x 176 ක් ලෙස සඳහන් වේ.
භෞතික ප්‍රමාණය අනුව, Smart Watch 2 උපාංගය සිය පළමුවැන්නාට වඩා මඳක් විශාල වන අතර, බරින් ද ග්‍රෑම් 08 ක් පමණ වැඩිය. කෙසේ නමුත් එය පරිශීලකයාට නොදැනෙන වෙනසකි. පළමු Smart Watch එකට වඩා Smart Watch 2 හි ඇති ලොකුම භෞතික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ මෙය ජල-ප්‍රතිරෝධී (water-resistant) ගුණාංගයෙන් යුතු වීමයි. එමගින් හදිසි ඉහිරීම් හා වතුර ගැලීම් වලින් Smart Watch 2 උපාංගය රැකදෙයි. කෙසේ වුවත් මෙය පැළඳගෙන පිහිණීම හෝ ස්නානය හා සේදීම් කටයුතු කිරීම නම් ආරක්ෂිත නොවන බව පැවසිය යුතුයි.
Smart Watch 2 උපාංගය ඉතා පහසුවෙන් ඔබේ ස්මාට් දුරකථනය සමගින් ඈඳිය හැකි වේ. ඒ සඳහා දැන් NFC සම්බන්ධතාවය ද එක් කොට තිබේ. ඔබේ දුරකථනයට ස්මාට් ඔරලෝසුවෙන් තට්ටුවක් දැමීමෙන් NFC සම්බන්ධතාවය ඇරඹෙන අතර දැන් දුරකථනයට Smart Watch app එක ස්වයංක්‍රීයවම download වනු ඇත. ඔබට Smart Watch 2 සඳහා අවශ්‍ය Apps පහසුවෙන් තෝරා ගත හැකි අතරම පෙර පැමිණි Smart Watch එකෙහි අඩංගු වූ Apps මෙම නව Smart Watch 2සඳහා ද භාවිතා කළ හැකිවීම පහසුවකි.
Smart Watch 2 සඳහා භාවිතා වන්නේ Bluetooth 3.0 තාක්ෂණයයි. මෙමගින් සැලකිය යුතු තරමේ විදුලි බලයක් ඉතිරි කරදෙයි. Bluetooth 4.0 තාක්ෂණය මගින් විදුලි පිරිමැසුම උපරිම කර ඇති නමුත් සෝනි සමාගම විසින් එය නොසලකා හැර ඇත්තේ දැනටමත් Smart Watch 2 උපාංගය එක ආරෝපණයකින් දින 3-4 ක් ධාවනය වන නිසා විය යුතුයි. මෙම උපාංගය වැනි කුඩා හා සංකීර්ණ ගැජට්ටුවක් සඳහා මේ බැටරි කාලය ඉතා විශිෂ්ඨ වන බව කිව යුතුව තිබේ.
දිනෙන් දින උණුසුම් වන ස්මාට් ඔරලෝසු වෙළඳපොල වෙත කලින්ම පැමිණීමේ වාසිය සෝනි ස්මාට් ඔරලෝසුවට හිමිවන නමුත්, බොහෝ දෙනා තවමත් ස්මාට් ඔරලෝසුවකින් සිදුවන දේ පිළිබඳව හරි වැටහීමක ඉන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් Smart Watch ක්ෂේත්රයේ පුරෝගාමියෙක් ලෙසින් සෝනි සමාගම හැඳින්වීමට ඇති අයිතිය එයින් අවහිර නොවේ. ලබන සැප්තැම්බරයේ දී Smart Watch 2 වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මිළ ගණන් පිළිබඳව තවමත් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් මෙය ලංකාවේ මුදලින් රුපියල් 25,000 කට ආසන්න අගයක් ගනු ඇති බවට මත පළවේ. ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් සමගින් භාවිතා කළ හැකි මේ Sony Smart Watch 2 උපාංගය ස්මාට් ඔරලෝසු ලෝකයේ පෙරළියක් කරනු ඇති බව පැවසිය හැකියි...
Read more: http://chathucn.blogspot.com/2013/08/sony-smart-watch-2.html#ixzz3kT5h0Lu0
Monday, August 31, 2015
අනාගතයේ වීදුරුව : Gorilla Glass 4
පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්, වැටීම් හා ඉරි තැලීම් වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ Corning සමාගමයි.
මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේදී පැවැත්වුනු ජංගම උපාංග තාක්ෂණ සමුළුවේදී අදහස් දැක්වූ Corning සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන ආචාර්ය ජෙෆ්රි එවන්සන් පවසා සිටියේ ජංගම උපාංග සඳහා ගෝරිල්ලා ග්ලාස් හි ඇති වැදගත්කමයි. එසේම අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදනය වෙත බැල්මක් හෙලන්නටත් ඔහු මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව මීලඟ Gorilla Glass නිෂ්පාදනය යටතේ එළි දකින ආරක්ෂණ වීදුරුවේ නවතම ගති ලක්ෂණ එළි දක්වනු ලැබිණි.
Gorilla Glass ආරක්ෂණ වීදුරුව ඉතා ශක්තිමත් වන අතර සීරුම් වලට ඔරොත්තු දෙන දැඩි භාවයත්, දිගු කාලයක් තත්ත්වය නොවෙනස්ව පැවතීමත් යන කාරණා නිසා දැනටමත් හොඳ නමක් දිනා සිටී. ඒ ගුණාංගයන් තවත් වැඩි දියුණු කරනා ගමන්ම, අළුතෙන් විශේෂාංග කීපයක් හඳුන්වා දෙන්නට දැන් ගෝරිල්ලා ග්ලාස් නිපදවන Corning සමාගම අපේක්ෂාවෙන් පසුවේ. ඒ අනුව අනාගත නිෂ්පාදනය වන Gorilla Glass 4 සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංග ඇති, එළිමහනේ පවා හිරු එළියට දිලිසීමක් නොමැතිව, විනිවිද පෙනෙන ආකාරයේ ගුණාංග ඇති වීදුරුවක් නිපදවීම Corning සමාගමේ අරමුණයි.
මෙහි ඉහත දක්වා ඇති රූපය දෙස බලන්න. ඔබට සිතෙනු ඇත්තේ එහි ඇති වීදුරු තහඩුව මැදින් රවුමක් කපා ඉවත් කොට ඇති ආකාරයටයි. නමුත් සත්‍යය එය නොවේ. ඒ මුළු වීදුරු තහඩුවම කිසිදු විවරයක් නැති එකම සමතල පෘෂ්ඨයකි. එසේනම් මැදින් ඇති වෙනස කුමක්ද ? Corning සමාගම පවසන්නේ ඒ ඔවුන්ගේ නවතම ප්‍රති-පරාවර්තක වීදුරු තාක්ෂණය බවයි. සාමාන්‍යයෙන් එළිමහනේදී වීදුරුවක පෘෂ්ඨය මතින් එහා මෙහා බැලීම අපහසු වන්නේ එහි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටී පරාවර්තනය වීමෙන් වීදුරුව යම් තරමකින් දර්පණයක් බවට පත්වීමත්, ඒ නිසා වීදුරුවට පහතින් ඇති දේ විනිවිද දැකීමේ හැකියාව අඩු වී යෑමත් නිසායි. නමුත් රූපයේ පෙනෙන ආකාරයේ ‘මැජික්’ වීදුරුවක් ඔබේ ස්මාට් දුරකථනයේ තිරය වසා ඇති නම්, කිසිදු අපහසුවකින් තොරව, තද අව්වේ දී වුවත් ඔබට දුරකථන තිරය මත ඇති දේ ඉතා හොඳින් බලා ගැනීමට හැකි වනු ඇත.
අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදන සඳහා අඩංගු වන තවත් අපූරු ගුණාංගයක් වන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන ආලේපයක් මෙම වීදුරුව මත ආලේප කර තිබීමයි. ඇත්තෙන්ම ගතහොත් ඔබේ දුරකථන තිරය බැක්ටීරියා ආකරයකි. ඔබ වැඩිදුර නොසිතුවාට ඔබ නිතරම භාවිතා කරන දුරකථනය නිසා ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් කීදෙනෙක් ඔබේ ශරීරයේ ගැවසෙන්නට ඇති ද ? මේ පිළිබඳව සලකා බැලූ Corning සමාගම දැන් ගෝරිල්ලා ග්ලාස් වීදුරු මත ක්ෂුද්‍ර ජීවීන් වැඩීම නතර කරන ආලේපයකින් සිය වීදුරු නිපදවිමට සැලසුම් කර තිබේ. පහත රූපය මගින් පෙනෙන ආකාරයට සාමාන්‍ය වීදුරුවකට වඩා බැක්ටීරියා ප්‍රතිරෝධී වීදුරුව මත ඇති බැක්ටීරියා ප්‍රමාණය 10,000,000 වාරයක් අඩුය.
Corning සමාගම පවසන්නේ මේ ලක්ෂණ රැගත් නවතම ගෝරිල්ලා ග්ලාස් තිර ආරක්ෂක වීදුරු ආවරණ ලොව පුරා ඇති ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වල තිරය සරසන ආකාරය තවත් වසර දෙකකින් පමණ අපට දැකගන්නට ලැඛෙනු ඇති බවයි. එවිට මේ මැජික් වීදුරුවේ අරුමය ඔබ අප සැවොටම දැක බලාගත හැකි වනු ඇත...
Read more: http://chathucn.blogspot.com/2013/08/Gorilla-glass-4.html#ixzz3kSwOmXuz
Thursday, August 6, 2015
Incomedia Website X5 පියවර පහකින් වෙබ් අඩවියක්..
වෙබ් සයිට්, බ්ලොග්, හා ඔන්ලයින් ෂොප් එකක් ලේසියෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කරන්න ගොඩක් අය කැමතියි. හැබැයි හොඳ විසිටර්ස්ලා ප්‍රමාණයක් ඔබේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි නිතර නිතර ගෙන්න ගන්න ඕන නම් ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ප්‍රියමනාප, ලස්සන, සිත් ඇද ගන්නා සුලු ස්තානයක් වෙන්න ඕන. අද ඔයාලට ලබා දෙන සොෆ්ට්වෙයා එකේ තියෙනවා ලස්සනම ලස්සන ටෙම්ප්ලේට් තොගයක්. තමන්ට කැමති විදියකට සිත්සේ මේ සොෆ්ට්වෙයා එක හරහා ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න පුලුවන්..
Incomedia Website X5 Evolution 10 කියන සොෆ්ට්වෙයා එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මම අද ඔයාලට ලබා දෙන්නෙ. මම පහලින් පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කොහොමද මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරන්නෙ කියලා ඔයාලට දැනුමක් එන්නත් එක්ක. ඒ විඩියෝ එකත් බලලා ඉන්න. .
Create Websites, Blogs and Online stores
විඩියෝ එක බැලුවා නම් ඔයාලට අදහසක් එන්න ඇති මේ සොෆ්ට්වෙයා එක ගැන. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දානවා. මේක පොඩ්ඩක් බරයි... 342MB විතර තියෙනවා. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න.
Download Incomedia Website X5 Evolution 10
මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න . .
Sunday, August 2, 2015
Windows 10 Operating System ( අපිත් දාගම්මු වින්ඩෝස් 10 )
හා හා පුරා කියල Windows 10 රිලීස් උනාට ගොඩ දෙනෙක් සැකෙන් ඉන්නෙ මේක දාන්න. ගොඩක්ම ටෙක්නිකල් ප්‍රිවිව් එක ආපු කාලෙ ගිය කට කතා හින්ද සමහරු කැමති නෑ Windows 10 දාන්න. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන 29 වෙනිදා Windows 10 රිලීස් උනාට පස්සෙ 30 වෙනිදා උදේ වෙද්දි මම දාලා තිබ්බ Windows 8.1 එක මම Windows 10 වලට අප්ග්‍රේඩ් කලා. මටනම් කිසි අවුලක් ආබාදයක් උනේ නෑ.
ඉතින් මම කියන්න යන්නෙ කොහොමද Windows 7, 8, 8.1 කියන ඔපරේටින් සිස්ටමස් Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ටාස්ක් බාර් එකේ එන වින්ඩෝව්ස් අයිකන් එකෙන් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියල. නමුත් සමහර අයගෙ ඒ අයිකන් එක එන්නෙ නෑ. අන්න එහෙම උනාම අප්ග්‍රේඩ් කරන්නෙ කොහොමද කියලත් මම කියන්නම්.
මුලින්ම බලමු අපි කොහොමද ටාස්ක් බාර් එකේ එන Windows 10 අයිකන් එක භාවිත කරල අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ඒ එන අයිකන් එක එන්නෙ පහත තියෙන පින්තූරේ විදිහට.
"ISO file" දීල Next කරාම සේව් කරන්න එනව අදාල තැනක් දීල Save කරන්න. එතකොට ඩවුන්ලෝඩ් වෙයි.ඔය අයිකන් එක පෙන්නන්නෙ නැත්නම් ඔයාලගෙ තියෙන Windows වර්ෂන් එක අප්ඩේට් කරල බලන්න.
දැන් ඔන්න ඔය කියන අයිකන් එක ඔයාලගෙ පරිගණකයෙත් පෙන්නනවනම් කරන්න තියෙන්නෙ මේකයි. මුලින්ම හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හොයාගන්න. ස්පීඩ් වෙන්න ඕන, ගිගාබයිට් 3-4ක් විතර තිබ්බොත් කෝකටත් හොදයි.
මුලින්ම ඔය අයිකන් එක උඩ ක්ලික් කරල එන වින්ඩෝ එකෙන් "Reserve your free upgrade" කියන එක උඩ ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන වින්ඩෝ එකේ ඔයාලට ඕනෙනම් ඔයාලගෙ ඉ-මේල් එක දාන්න. නොදා හිටියත් කමක් නෑ කෝකටත් හොදයි කියල. මොකද අපි ඔරිජිනල් වර්ෂන් නෙමේනෙ භාවිතා කරන්නෙ.
ඊට පස්සෙ ඔයාලට පුලුවන් Windows 10 අප්ග්‍රේඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සෙ ඉන්ස්ටෝල් වෙද්දි කිහිප වතාවක් Restart වෙයි ගනන් ගන්න එපා.
දැන් බලමු ඔය ඉහත සදහන් කලා වු අයිකන් කෑල්ල ආවේ නැත්නම් මොකෝ කරන්නෙ කියල :D
මුලින්ම යන්ඩ පහලින් දීල තියෙන ලින්ක් එකට. ඒකට ගියාම ටිකක් පහලට වෙන්ඩ තියෙනව "Download Tool Now(32-bit version)" සහ "Download Tool Now(64-bit version)" කියල. ඒකෙන් ඔයාල කැමති වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. 64-bit version එකනම් හොදයි.
මේකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ "Media Creation Tool" කියල එකක්. මේ ටූල් එකෙන් ඔයාලට පුලුවන් කෙලින්ම Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න වගේම පෙන් එකකට Windows 10 ඉන්ස්ට්‍රොලේෂන් එක දාගන්න සහ ISO ෆයිල් එක හදා ගන්නත්.
ඔයාලට Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න ඔනෙනම් "Upgrade this PC now" කියන තැන ටික් එක දාලා Next කරන්න. එතකොට Windows 10 ඩවුන්ලෝඩ් වෙලා අප්ග්‍රේඩ් වෙනව. කිහිප වතාවක් Restart වෙයි.
ISO ෆයිල් එකක් හදාගන්න ඕනනම් "Create installation media for another PC" කියන තැන ටික් එක දාලා Next කරන්න.
එතකොට එනව Language එකයි Edition එකයි Architecture එකයි තෝරන්න කියල.
Language එක English තෝරන්න. වෙන තේරෙන භාශාවක් තියෙනවනන් ඕනෙනම් තෝරන්න ;)
Edition එකත් ඔයාලට කැමති එකක් තෝරන්න
Architecture එකත් කැමති එකක් තෝරන්න. 64 තමයි හොද. Both කියන එක තේරුවනම් ඉන්ස්ටෝල් කරද්දි 32ද 64ද කියල තෝරන්න පුලුවන්. ඒක Both තෝරනවනම් හොදයි.
තෝරල Next කරන්න. එතකොට එනව "USB flash drive" සහ "ISO file" කියල තෝරන්න.
ඔයාලට මේක පෙන් එකකට දාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනෙනම් "USB flash drive" තෝරන්න ISO file එකක් හදා ගන්න ඕනෙනම් "ISO file" කියන එක තෝරන්න. ISO file එකක් හදාගත්තනම් ඔය වැඩ දෙකම කර ගන්න පුලවන්.
Saturday, February 14, 2015
ඔබේ පරිගණකයට පහසුවෙන් Drivers හොයාගන්න පැමිණෙන්න..
අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ගේ පරිගණකයට Drivers හොයාගන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුව තමා තමන්ගේ පරිගණකය Format කර ගැනීමෙන් පසු Drivers සොයා ගැනීමට අපහසු වීම. එයට හොදම විසදුම තමා මෙම 3DP Chip යන මෘදුකාංගය.. මෙමගින් ඕනෑම පරිගණකයකට Drivers හොයා ගැනීමට හැක.
එහෙනම් යාලුවනේ ඔගොල්ලන් Download කරගෙන බලන්නකෝ... මේක 3,10MB පමණයි. එහෙනම් යාලුවනේ මම ගිහින් එන්නම් ඔබට ජය...!!!!
Thursday, January 22, 2015
Windows Live Writer 2011 Offline Setup එක දැන්ම බාගන්න..
මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන ආ
වා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..
මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup එක බාගන්න..
ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ. .
එහෙන්ම් මන් යනවා ඔයාලට ජය වේවා!
Sunday, January 18, 2015
How to Reset Forgotten Windows 8 Password? | වින්ඩෝස් 8 හා 8.1 වල ගිණුමි වලට මුරපද නැතිව ඇතුලු වෙමු.
අද මම කියා දෙන්න යන දේ පිළිබදව වැඩි විස්තරයක් කියන්නේ නෑ. මේ සදහා කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.
1st Step
User Acoount එකට Log විමට password එක type කිරිමට ඇති windo එකේ දි Shift Key + Restart යන්න Click කරන්න.
2nd Step
ඉන් පසුව පහත අකාරයට ඉදිරියට කරගෙන යන්න.
3rd Step
දැන් diskpart යන්න cmd එකෙහි type කර windows install වි ඇති drive එකෙහි drive letter එක හොයා ගන්න.
ඉන් අනතුරැව diskpart එකෙන් ඉවත් විමට Exit යන්න type කරන්න.
4th Step
ඉන් පසුව පහත command ටික cmd prompt එකෙහි type කරන්න.
X:\Windows\System32>D:
D:\>cd windows
D:\>cd system32
D:\Windows\System32>ren Utilman.exe Utilman.exe.bak
D:\Windows\System32>copy cmd.exe Utilman.exe
D:\Windows\System32>
5th Step
6th Step
ඉන් පසුව පහත අකාරයට cmd prompt එකෙහි type කරන්න.
net user
net user [account name] [new password]
Eg-:
net user RLTechZone.blogspot.com Pa$$w0rd
මෙතිනින් ඒහාට කර ගන්න තියෙන දේවල් මම කියන්න අවශ්‍ය නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැ. මතක තියා ගන්න මෙය නිවරැදි දෙයක් සදහා පමණක් භාවිතා කරන මෙන් මම ඉල්ලා සිටිනවා.
Subscribe to:
Posts (Atom)