Monday, August 31, 2015

අනාගතයේ වීදුරුව : Gorilla Glass 4


පොදුවේ සිංහල භාෂාව හා පරිගණක තාක්ෂණික දේ ගැන පළවුනු මෙවැනි බ්ලොගයක වීදුරු ගැන පළවීම නරඹන ඔබට තරමක අමුත්තක් විය යුතුය. නමුත් Corning සමාගමේ විප්ලවීය නිර්මාණයෙන් පසු වීදුරු යනු තාක්ෂණ ලෝකයේ කාහටත් දැන් අමුත්තක් නොවේ. Corning සමාගම යනු ලෝකයේ ප්‍රමුඛතම තිර ආරක්ෂණ වීදුරු නිෂ්පාදන සමාගමකි. ලොව පුරා බොහෝමයක් ස්මාට් ෆෝන් හා ටැබ්ලට් පරිගණකයන් හි ස්පර්ශ-සංවේදී තිරයන් සීරීම්වැටීම් හා ඉරි තැලීම් වලින් ආරක්ෂා කර දෙන Gorilla Glass (ගෝරිල්ලා ග්ලාස්) නම් මැජික් වීදුරුව නිෂ්පාදනය කරන්නේ Corning සමාගමයි.


මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේදී පැවැත්වුනු ජංගම උපාංග තාක්ෂණ සමුළුවේදී අදහස් දැක්වූ Corning සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වන ආචාර්ය ජෙෆ්රි එවන්සන් පවසා සිටියේ ජංගම උපාංග සඳහා ගෝරිල්ලා ග්ලාස් හි ඇති වැදගත්කමයි. එසේම අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදනය වෙත බැල්මක් හෙලන්නටත් ඔහු මෙය අවස්ථාවක් කර ගන්නා ලදී. ඒ අනුව මීලඟ Gorilla Glass නිෂ්පාදනය යටතේ එළි දකින ආරක්ෂණ වීදුරුවේ නවතම ගති ලක්ෂණ එළි දක්වනු ලැබිණි.


Gorilla Glass ආරක්ෂණ වීදුරුව ඉතා ශක්තිමත් වන අතර සීරුම් වලට ඔරොත්තු දෙන දැඩි භාවයත්දිගු කාලයක් තත්ත්වය නොවෙනස්ව පැවතීමත් යන කාරණා නිසා දැනටමත් හොඳ නමක් දිනා සිටී. ඒ ගුණාංගයන් තවත් වැඩි දියුණු කරනා ගමන්මඅළුතෙන් විශේෂාංග කීපයක් හඳුන්වා දෙන්නට දැන් ගෝරිල්ලා ග්ලාස් නිපදවන Corning සමාගම අපේක්ෂාවෙන් පසුවේ. ඒ අනුව අනාගත නිෂ්පාදනය වන Gorilla Glass 4 සඳහා බැක්ටීරියා ප්‍රතිරෝධී ගුණාංග ඇතිඑළිමහනේ පවා හිරු එළියට දිලිසීමක් නොමැතිව, විනිවිද පෙනෙන ආකාරයේ ගුණාංග ඇති වීදුරුවක් නිපදවීම Corning සමාගමේ අරමුණයි.


මෙහි ඉහත දක්වා ඇති රූපය දෙස බලන්න. ඔබට සිතෙනු ඇත්තේ එහි ඇති වීදුරු තහඩුව මැදින් රවුමක් කපා ඉවත් කොට ඇති ආකාරයටයි. නමුත් සත්‍යය එය නොවේ. ඒ මුළු වීදුරු තහඩුවම කිසිදු විවරයක් නැති එකම සමතල පෘෂ්ඨයකි. එසේනම් මැදින් ඇති වෙනස කුමක්ද ?  Corning සමාගම පවසන්නේ ඒ ඔවුන්ගේ නවතම ප්‍රති-පරාවර්තක වීදුරු තාක්ෂණය බවයි. සාමාන්‍යයෙන් එළිමහනේදී  වීදුරුවක පෘෂ්ඨය මතින් එහා මෙහා බැලීම අපහසු වන්නේ එහි පෘෂ්ඨයට සූර්යාලෝකය වැටී පරාවර්තනය වීමෙන් වීදුරුව යම් තරමකින් දර්පණයක් බවට පත්වීමත් නිසා වීදුරුවට පහතින් ඇති දේ විනිවිද දැකීමේ හැකියාව අඩු වී යෑමත් නිසායි. නමුත් රූපයේ පෙනෙන ආකාරයේ මැජික්’ වීදුරුවක් ඔබේ ස්මාට් දුරකථනයේ තිරය වසා ඇති නම්කිසිදු අපහසුවකින් තොරවතද අව්වේ දී වුවත් ඔබට දුරකථන තිරය මත ඇති දේ ඉතා හොඳින් බලා ගැනීමට හැකි වනු ඇත.

අනාගත ගෝරිල්ලා ග්ලාස් නිෂ්පාදන සඳහා අඩංගු වන තවත් අපූරු ගුණාංගයක් වන්නේ ක්ෂුද්‍ර ජීවින් විනාශ කරන ආලේපයක් මෙම වීදුරුව මත ආලේප කර තිබීමයි. ඇත්තෙන්ම ගතහොත් ඔබේ දුරකථන තිරය බැක්ටීරියා ආකරයකි. ඔබ වැඩිදුර නොසිතුවාට ඔබ නිතරම භාවිතා කරන දුරකථනය නිසා ආගන්තුක ක්ෂුද්‍ර ජීවින් කීදෙනෙක් ඔබේ ශරීරයේ ගැවසෙන්නට ඇති ද මේ පිළිබඳව සලකා බැලූ Corning සමාගම දැන් ගෝරිල්ලා ග්ලාස් වීදුරු මත ක්ෂුද්‍ර ජීවීන් වැඩීම නතර කරන ආලේපයකින් සිය වීදුරු නිපදවිමට සැලසුම් කර තිබේ. පහත රූපය මගින් පෙනෙන ආකාරයට සාමාන්‍ය වීදුරුවකට වඩා බැක්ටීරියා ප්‍රතිරෝධී වීදුරුව මත ඇති බැක්ටීරියා ප්‍රමාණය 10,000,000 වාරයක් අඩුය.


Corning සමාගම පවසන්නේ මේ ලක්ෂණ රැගත් නවතම ගෝරිල්ලා ග්ලාස් තිර ආරක්ෂක වීදුරු ආවරණ ලොව පුරා ඇති ස්මාට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වල තිරය සරසන ආකාරය තවත් වසර දෙකකින් පමණ අපට දැකගන්නට ලැඛෙනු ඇති බවයි.  එවිට මේ මැජික් වීදුරුවේ අරුමය ඔබ අප සැවොටම දැක බලාගත හැකි වනු ඇත...


Read more: http://chathucn.blogspot.com/2013/08/Gorilla-glass-4.html#ixzz3kSwOmXuz 

Thursday, August 6, 2015

Incomedia Website X5 පියවර පහකින් වෙබ් අඩවියක්..

වෙබ් සයිට්, බ්ලොග්, හා ඔන්ලයින් ෂොප් එකක් ලේසියෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කරන්න ගොඩක් අය කැමතියි. හැබැයි හොඳ විසිටර්ස්ලා ප්‍රමාණයක් ඔබේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි නිතර නිතර ගෙන්න ගන්න ඕන නම් ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ප්‍රියමනාප, ලස්සන, සිත් ඇද ගන්නා සුලු ස්තානයක් වෙන්න ඕන. අද ඔයාලට ලබා දෙන සොෆ්ට්වෙයා එකේ තියෙනවා ලස්සනම ලස්සන ටෙම්ප්ලේට් තොගයක්. තමන්ට කැමති විදියකට සිත්සේ මේ සොෆ්ට්වෙයා එක හරහා ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න පුලුවන්..


Incomedia Website X5 Evolution 10 කියන සොෆ්ට්වෙයා එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මම අද ඔයාලට ලබා දෙන්නෙ. මම පහලින් පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කොහොමද මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරන්නෙ කියලා ඔයාලට දැනුමක් එන්නත් එක්ක. ඒ විඩියෝ එකත් බලලා ඉන්න. .

Create Websites, Blogs and Online stores

 

විඩියෝ එක බැලුවා නම් ඔයාලට අදහසක් එන්න ඇති මේ සොෆ්ට්වෙයා එක ගැන. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දානවා. මේක පොඩ්ඩක් බරයි... 342MB විතර තියෙනවා. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න.

Download Incomedia Website X5 Evolution 10

 

මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාන්න . .

Sunday, August 2, 2015

Windows 10 Operating System ( අපිත් දාගම්මු වින්ඩෝස් 10 )

හා හා පුරා කියල  Windows 10 රිලීස් උනාට ගොඩ දෙනෙක් සැකෙන් ඉන්නෙ මේක දාන්න. ගොඩක්ම ටෙක්නිකල් ප්‍රිවිව් එක ආපු කාලෙ ගිය කට කතා හින්ද සමහරු කැමති නෑ Windows 10 දාන්න. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන 29 වෙනිදා Windows 10 රිලීස් උනාට පස්සෙ 30 වෙනිදා උදේ වෙද්දි මම දාලා තිබ්බ Windows 8.1 එක මම Windows 10 වලට අප්ග්‍රේඩ් කලා. මටනම් කිසි අවුලක් ආබාදයක් උනේ නෑ.
ඉතින් මම කියන්න යන්නෙ කොහොමද Windows 7, 8, 8.1 කියන ඔපරේටින් සිස්ටමස් Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ගොඩ දෙනෙක් දන්නවත් ඇති. ටාස්ක් බාර් එකේ එන වින්ඩෝව්ස් අයිකන් එකෙන් අප්ග්‍රේඩ් කරන්න පුලුවන් කියල. නමුත් සමහර අයගෙ ඒ අයිකන් එක එන්නෙ නෑ. අන්න එහෙම උනාම අප්ග්‍රේඩ් කරන්නෙ කොහොමද කියලත් මම කියන්නම්.

මුලින්ම බලමු අපි කොහොමද ටාස්ක් බාර් එකේ එන Windows 10 අයිකන් එක භාවිත කරල අප්ග්‍රේඩ් කරන්නෙ කියල. ඒ එන අයිකන් එක එන්නෙ පහත තියෙන පින්තූරේ විදිහට.
ඔය අයිකන් එක පෙන්නන්නෙ නැත්නම් ඔයාලගෙ තියෙන Windows වර්ෂන් එක අප්ඩේට් කරල බලන්න. 
දැන් ඔන්න ඔය කියන අයිකන් එක ඔයාලගෙ පරිගණකයෙත් පෙන්නනවනම් කරන්න තියෙන්නෙ මේකයි. මුලින්ම හොද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හොයාගන්න. ස්පීඩ් වෙන්න ඕන, ගිගාබයිට් 3-4ක් විතර තිබ්බොත් කෝකටත් හොදයි.

මුලින්ම ඔය අයිකන් එක උඩ ක්ලික් කරල එන වින්ඩෝ එකෙන් "Reserve your free upgrade" කියන එක උඩ ක්ලික් කරන්න.
ඊට පස්සෙ එන වින්ඩෝ එකේ ඔයාලට ඕනෙනම් ඔයාලගෙ ඉ-මේල් එක දාන්න. නොදා හිටියත් කමක් නෑ කෝකටත් හොදයි කියල. මොකද අපි ඔරිජිනල් වර්ෂන් නෙමේනෙ භාවිතා කරන්නෙ.
ඊට පස්සෙ ඔයාලට පුලුවන් Windows 10 අප්ග්‍රේඩ් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඊට පස්සෙ ඉන්ස්ටෝල් වෙද්දි කිහිප වතාවක් Restart වෙයි ගනන් ගන්න එපා.

දැන් බලමු ඔය ඉහත සදහන් කලා වු අයිකන් කෑල්ල ආවේ නැත්නම් මොකෝ කරන්නෙ කියල :D
මුලින්ම යන්ඩ පහලින් දීල තියෙන ලින්ක් එකට. ඒකට ගියාම ටිකක් පහලට වෙන්ඩ තියෙනව "Download Tool Now(32-bit version)" සහ "Download Tool Now(64-bit version)" කියල. ඒකෙන් ඔයාල කැමති වර්ෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. 64-bit version එකනම් හොදයි.


මේකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ "Media Creation Tool" කියල එකක්. මේ ටූල් එකෙන් ඔයාලට පුලුවන් කෙලින්ම Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න වගේම පෙන් එකකට Windows 10 ඉන්ස්ට්‍රොලේෂන් එක දාගන්න සහ ISO ෆයිල් එක හදා ගන්නත්. 

ඔයාලට Windows 10 වලට අප්ග්‍රේඩ් කරන්න ඔනෙනම් "Upgrade this PC now" කියන තැන ටික් එක දාලා Next කරන්න. එතකොට Windows 10 ඩවුන්ලෝඩ් වෙලා අප්ග්‍රේඩ් වෙනව. කිහිප වතාවක් Restart වෙයි.

ISO ෆයිල් එකක් හදාගන්න ඕනනම් "Create installation media for another PC" කියන තැන ටික් එක දාලා Next කරන්න.
එතකොට එනව Language එකයි Edition එකයි Architecture එකයි තෝරන්න කියල.

Language එක English තෝරන්න. වෙන තේරෙන භාශාවක් තියෙනවනන් ඕනෙනම් තෝරන්න ;)
Edition එකත් ඔයාලට කැමති එකක් තෝරන්න
Architecture එකත් කැමති එකක් තෝරන්න. 64 තමයි හොද. Both කියන එක තේරුවනම් ඉන්ස්ටෝල් කරද්දි 32ද 64ද කියල තෝරන්න පුලුවන්. ඒක Both තෝරනවනම් හොදයි.
තෝරල Next කරන්න. එතකොට එනව "USB flash drive" සහ "ISO file" කියල තෝරන්න.

ඔයාලට මේක පෙන් එකකට දාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනෙනම් "USB flash drive" තෝරන්න ISO file එකක් හදා ගන්න ඕනෙනම් "ISO file" කියන එක තෝරන්න. ISO file එකක් හදාගත්තනම් ඔය වැඩ දෙකම කර ගන්න පුලවන්.
"ISO file" දීල Next කරාම සේව් කරන්න එනව අදාල තැනක් දීල Save කරන්න. එතකොට ඩවුන්ලෝඩ් වෙයි.