Thursday, January 22, 2015

Windows Live Writer 2011 Offline Setup එක දැන්ම බාගන්න..

මෙන්න මම ඔයාලට Windows Live Writer 2011 Offline Setup එක අරගෙන ආ
වා..මට ගොඩක් දෙනෙක් Windows Live Writer එකේ Offline Setup හොයලා දෙන්න කියලා තිබ්බා..

මෙන්න ඒ හමොටම බාගන්න මම එක Offline Setup එක අරගෙන අවා..ගොඩක් දෙනෙක් දැන් බ්ලොග් එකට ලිපි ලියන්නේ Windows Live Writer භාවිතා කරලා..ඉතින් මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා..කැමති හැමොම පහල ලින්ක් එකෙන් Windows Live Writer 2011 Offline Setup  එක බාගන්න..

ඔන්න එහෙනම් මෙතනින් ගිහින් බාගන්නකෝ. .

එහෙන්ම් මන් යනවා ඔයාලට ජය වේවා!

Sunday, January 18, 2015

How to Reset Forgotten Windows 8 Password? | වින්ඩෝස් 8 හා 8.1 වල ගිණුමි වලට මුරපද නැතිව ඇතුලු වෙමු.

අද මම කියා දෙන්න යන දේ පිළිබදව වැඩි විස්තරයක් කියන්නේ නෑ. මේ සදහා කිසිදු මෘදුකාංගයක් අවශ්‍ය නොවේ.
1st Step
User Acoount එකට Log විමට password එක type කිරිමට ඇති windo එකේ දි Shift Key + Restart යන්න Click කරන්න.

2nd Step
ඉන්  පසුව පහත අකාරයට ඉදිරියට කරගෙන යන්න.
clip_image001











clip_image002











3rd Step
දැන් diskpart යන්න cmd එකෙහි type කර windows install වි ඇති drive එකෙහි drive letter එක හොයා ගන්න.
clip_image003
ඉන් අනතුරැව diskpart එකෙන් ඉවත් විමට Exit යන්න type කරන්න.
4th Step
ඉන් පසුව පහත command ටික cmd prompt එකෙහි type කරන්න.
X:\Windows\System32>D:
D:\>cd windows
D:\>cd system32
D:\Windows\System32>ren Utilman.exe Utilman.exe.bak
D:\Windows\System32>copy cmd.exe Utilman.exe 
D:\Windows\System32>

clip_image005

5th Step
clip_image006

ඉන් පසුව පරිගණකය restart කර පහත රෑපයේ Mouse එක දක්වා ඇති තැන Click කර cmd prompt එක ලබා ගන්න.

6th Step
ඉන් පසුව පහත අකාරයට cmd prompt එකෙහි type කරන්න.
net user

net user [account name] [new password]

Eg-:
 net user RLTechZone.blogspot.com Pa$$w0rd

clip_image008
මෙතිනින් ඒහාට කර ගන්න තියෙන දේවල් මම කියන්න අවශ්‍ය නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැ. මතක තියා ගන්න මෙය නිවරැදි දෙයක් සදහා පමණක් භාවිතා කරන මෙන් මම ඉල්ලා සිටිනවා.

3.5 .NET Framework Offline Install | 3.5 .NET Framework ඉන්ටර්නේටි නොමැතිව ඉන්ස්ටෝල් කර ගමු

.Net Framework 3.5 offline install_RLTechZone™
අද ඔයාලට කියා දෙන්න යන්නේ වින්ඩෝස් මෙහෙයුමි පද්ධති භාවිතා කරන අයට හිසරදයක් වෙලා තියෙන .Net Framework 3.5.1 කොහමද internet නොමැතිව install කර ගන්නේ කියලා. වැඩි කතාවක් අවශ්‍ය නැ අපි වැඩේට බහිමු.
1st Step
cmd prompt එක admin අකාරයට open කර ගන්න.
.Net Framework 3.5 offline install00_RLTechZone™

2nd Step
Windows 7,8 හෝ 8.1 CD එකක් CD-ROM එකට ඇතුල් කර ගන්න. ඉන් අනතුරැව පහත ඇති coad එක cmd එකෙහි type කර Enter කරන්න.
.
   dism /online /enable-feature /featurename:NetFx3 /All /Source:F:\sources\Sxs /LimitAccess

මතක ඇතිව මෙම coad එකේ රතු පාටින් ලකුණු කරලා තියෙන drive letter එකට ඔයාගේ CD-ROM එකේ drive letter එක ලබා දෙන්න.
.Net Framework 3.5 offline install03_RLTechZone™

3rd Step
ඉන් අනතුරැව 100% ක් compleat විමක් සිදු වේ.

4th Step
ඉන් අනතුරැව පරිගණකය restart කරන්න. .Net Framework 3.5. නිවැරැදිව install වී ඇත්දැයි බැලිමට පහත පියවර අනුගමනය කරන්න.
Control Panel\Programs යන්න click කරන්න.
.Net Framework 3.5 offline install01_RLTechZone™

5th Step
\Turn Windows features on or off යන්න click කරන්න.
.Net Framework 3.5 offline install02_RLTechZone™
නිවරැදිව install වි ඇත්නමි ඉහත රැප සටහනේ අනුව දිස් වේ.

මෙය Windows 7,8 හා 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.

Thursday, January 15, 2015

සුබ ගමන් අයිෆෝන් 5C...

සුබ ගමන් අයිෆෝන් 5C...

පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C මේ වසරේ(2015) මැද භාගය වන විට නිෂ්පාදනය කිරීම සම්පූර්ණ වශයෙන් නවතා දැමීමට ඇපල් සමාගම තීරණය කර ඇති බව තායිවාන සඟරාවක් වන Industrial and Commercial Times අනාවරණය කොට තිබෙනවා.ඒ අනුව ඇපල් සමාගමේ නිළ සැපයුම්කරුවන් වන Wistron සහ Foxconn යන සමාගම් ලබන වසරේ සිට අයිෆෝන් 5C නිෂ්පාදනය කිරීම නවතා දමනු ඇත.

සමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කළ විට එම නව අයිෆෝනයේ මිළට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක පමණ මිළ අඩුවෙන් ඊට ප්‍රථම නිකුත් කරන ලද අයිෆෝනය විකුණනු ලබනවා.උදාහරණයක් ලෙස 2012 වසරේ අයිෆෝන් 5 16GB අනුවාදය ඇමෙරිකානු ඩොලර් 649 කට වෙළඳපොළට නිකුත් කරන විට 2011 වසරේ නිකුත් කළ අයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට එනම් පෙරට වඩා ඇමෙරිකානු ඩොලර් 100 ක් අඩුවෙන් වෙළඳපොළේ විකිණීම සිදු කළා.නමුදු 2013 වසරේ අයිෆෝන් 5S නිකුත් කරන විට ඇපල් සමාගම මීට වෙනස් ක්‍රමවේදයක් අනුගමනය කරමින් අයිෆෝන් 5 නිෂ්පාදනය නවතා දමා ඒ වෙනුවට අයිෆෝන් 5 හි දක්නට ලැබෙන විශේෂාංග එලෙසම යොදා ගනිමින් නව අයිෆෝන් 5C ඇමෙරිකානු ඩොලර් 549 කට වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.මෙයට හේතු ලෙස දැක්වුණේ අයිෆෝන් 5 සඳහා යොදා ගැනුණු අමුද්‍රව්‍ය වල මිළත් එය එකළස් කිරීමට ඉතා අසීරුවීමත් ය.

ප්ලාස්ටික් බදක්(polycarbonate) සහිත දැකුම්කළු වර්ණයන්ගෙන් යුක්ත අයිෆෝන් 5C වෙළඳපොළට නිකුත් කරන විට බොහෝ දෙනා සිතුවේ මෙම අයිෆෝනය මිලෙන් අඩු එනම් සමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුට ලෙහෙසියෙන් ළං වන්නට පුළුවන් මිළකට වෙළඳපොළට නිකුත් වනු ඇති බව යි.තවද විවිධ වර්ණයන්ගෙන් යුතු බැවින් පාරිභෝගිකයාට තරමක වෙනස් තේරීමක් ලැබෙන නිසාත් මෙම උපාංගය වඩා ජනප්‍රිය වනු ඇති බවට එකළ මත පළ විය.

පසුගිය අවුරුදු වල සිදු කෙරුණු සංගණනයන්ට අනුව ස්ත්‍රී පාර්ෂවය අත වැඩි වශයෙන් අයිෆෝන් 5C ගැවසුණ ද,එංගලන්තයේ වැඩියෙන් ම අළෙවි වූ ස්මාර්ට්ෆෝනය (සැම්සුන් S5 හි අළෙවියටත් වඩා) අයිෆෝන් 5C  වුව ද සමස්තයක් ලෙස එහි වෙළඳාම බලාපොරොත්තු වූ මට්ටමක තිබුණේ නැත.මෙයට ප්‍රධාන ම හේතුව ලෙස සැලකෙන්නේ අයිෆොන් 5C හි මිළෙහි සැළකිව යුතු අඩුවක් දක්නට නොමැති නිසා ත් එහි විශේෂාංග දැන් යම් දුරකට යල් පැණ ගොස් තිබීමත් ය.එම නිසා එහි වෙළදාම දැන් කෙමෙන් අඩුවෙමින් පවතී.


සුබ ගමන් අයිෆෝන් 5C...


ඇපල් සමාගමේ මෙම ක්‍රියාමාර්ගයත් සමඟ දැනට වෙළඳපොළේ දක්නට ලැබෙන අයිෆෝන්(අයිෆෝන් 5S, අයිෆෝන් 6, අයිෆෝන් 6 Plus) ඇපල් Touch ID අන්තර්ගත කළ සහ ඇපල් 64bit ප්‍රොසෙසරයක් සහිත උපාංග වේ.තව ද මේ සමඟ ම 'C' අක්ෂරය සහිත අයිෆෝන් පරම්පරාව ද අඟල් 4ක තිරයක් තිබූ තවත් අයිෆෝන් පරම්පරාවක් ද මෙයින් අවසන් වේ.


මෙය ඇපල් ගැන සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලදී . . .

iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

iOS 8.0 සිට iOS 8.2 බීටා දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු


ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහා භාවිත කළ iOS හි අනාරක්ෂිත ස්ථාන(vulnerabilities) 3 ම වසා දැමූ බවත් එම අනාරක්ෂිත ස්ථාන හඳුනාගැනීම තුළින් iOS 8.1.1 වඩාත් ආරක්ෂිත කිරීම පිළිබඳව Pangu කණ්ඩායමට ස්තුතිය ද පළ කර සිටියේ ය.ඒ අනුව Pangu කණ්ඩායමට iOS 8.1.1 Jailbreak කිරීම සඳහා tool එක යාවත්කාලීන කිරීමට නොහැකි විය.

නමුදු පසුගියදා තවත් චීන හැකර් කණ්ඩායමක් වන TaiG කණ්ඩායම විසින් iOS 8.1.1 සහ මේ වන විට ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් වෙත ලබා දී ඇති මීළඟ iOS අනුවාදය වන iOS 8.2 හි බීටා අනුවාදය ද සාර්ථකව Untethered jailbreak (jailbreak ගැන සම්පූර්ණ ලිපිය කියවීම සඳහා මෙම සබැඳියාවට පිවිසෙන්න)කළ හැකි tool එකක් නිකුත් කොට තිබෙනවා.මේ වන විට චීන භාෂාවෙන් පමණක් ඉංග්‍රීසි භාෂාවෙන් ද නිකුත් කොට ඇති මෙම tool එක Windows මෙහෙයුම් පද්ධතිය සඳහා පමණක් සහය දක්වනු ලබනවා.එම නිසා ඔබත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් dual boot කර හෝ Parallels Desktop(trial version එකක් ඇත) වැනි virtual machine එකක Windows ස්ථාපණය කරගෙන TaiG tool එක ධාවනය කළ යුතු වනවා.

TaiG tool එක සහය දක්වනු ලබන iOS අනුවාද

  • iOS 8.2 beta
  • iOS 8.1.2
  • iOS 8.1.1
  • iOS 8.1
  • iOS 8.0.1
  • iOS 8.0.2
  • iOS 8.0
  • iOS 7.1.2
  • iOS 7.1.1
  • iOS 7.1
  • iOS 7.0.1 – iOS 7.0.6

    TaiG tool එක iOS 7.0.1 සිට iOS 8.1.2 දක්වා ද සහය දැක්වුව ද එම අනුවාද jailbreak කිරීම සඳහා pangu tool එක ම භාවිත කරන්න(pangu tool එක stable නිසා සහ වාර්තා වී ඇති bugs මේ වන විට සමනය කොට ඇත).එම නිසා iOS 8.2 beta සහ iOS 8.1.2 iOS අනුවාද සඳහා පමණක් TaiG tool එක භාවිත කරන්න.

    TaiG tool එක සහය දක්වනු ලබන iOS උපාංග

    iOS 8 සහය දක්වනු ලබන සියලු ම උපාංග සඳහා සහය දක්වනු ලබයි.එනම්

    • iPhone 6, iPhone 6 Plus, iPhone 5s, iPhone 5c, iPhone 5, iPhone 4S
    • iPad Air 2, iPad Air, iPad 4, iPad 3, iPad 2
    • iPad mini 3, iPad mini 2, iPad mini
    • iPod touch 5G
      Jailbreak කිරීමට පෙර
      • ඔබ Jailbreak කිරීමට සැරසෙන iOS උපාංගය iTunes හරහා සම්පූර්ණයෙන් backup කරගන්න.මන්ද යම් කිසි ගැටලුවක් ඇති වුවහොත් නැවත restore කරගත හැකි ය.(iTunes හරහා නිවැරදිව backup කරන ආකාරය පිළිබඳ මන් ඊලග පොස්ට් එකෙන් කියලා දෙන්නම් . .
      • මීට අමතරව 50% ක පමණ බැටරි ප්‍රමාණයක්,නවත ම iTunes අනුවාදය ත් වැඩකරන අන්තර්ජාල සබඳතාවයකුත් තිබිය යුතු වේ.
      • තවද ඔබගේ ඇපල් උපාංගය iOS 8.1.1 වෙත OTA update එකක් කර ඇත්නම් iTunes හරහා iOS 8.1.1 clean install කරගන්න.(මේ ගැන ඔබට මම ඉදිරියේදී කියලා දෙන්නම් ).මන්ද සමහර විට jailbreak කිරීමේ දි මෙම නිසා බාධා ඇතිවිය හැකි ය. 
      • TaiG tool එකට ගැටලුවකින් තොරව අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා Anti-virus මෘදුකාංග සහ firewalls disable කර තබන්න.
        Jailbreak කරන ආකාරය
        • මෙම සබැඳියාවට පිවිස TaiG tool එක ඩවුන්ලෝඩ් කරගෙන එම .zip ගොනුව unzip කරගන්න.
        • USB කේබලයක් මාර්ගයෙන් jailbreak කළ යුතු උපාංගය පරිගණකයට සම්බන්ධ කරන්න.ඔබ Windows ධාවනය කිරීම සඳහා virtual machine එකක් භාවිත කරනවා නම් ඇපල් උපාංගය පරිගණකයට සම්බන්ධ කළ විට එම උපාංගය ගනුදෙනු කළ යුතු මෙහෙයුම් පද්ධතිය විමසනු ඇත.එවිට virtual machine එක එනම් Windows මෙහෙයුම් පද්ධතිය ලබා දෙන්න.
        • ඔබගේ ඇපල් උපාංගයේ Settings > iCloud > Find My iPhone වෙත පිවිස Find My iPhone disable කරන්න.
        • ඔබ ඔබගේ ඇපල් උපංගය Unlock කිරීමට Password හෝ Touch ID භාවිත කරනවා නම් settings > Touch ID & Passcode වෙත පිවිස iPhone Unlock යන්න disable කර Touch ID ද ඊට පහළින් ඇති Turn Passcode Off යන්න ද tap කොට Unlock කිරීමට යොදා ඇති passcode එක ද ඉවත් කරගන්න.
        • පසුව Settings ඇප් එක වෙත පිවිස හෝ Control Center ඔස්සේ Airplane mode on කරගන්න.එවිට දුරකතන ඇමතුම් වැනි දෑ වලින් ඇතිවන බාධාවන් ඉවත් වේ.
        • ඔබ Unzip කරගත් ගොනුවේ ඇති .exe ගොනුව Right click කර 'Run as Administrator' යන්න තෝරා ධාවනය කරගන්න.
        • ඉන් පසු මද වේලාවකින් එම tool එක මඟින් ඔබගේ ඇපල් උපාංගය හඳුනාගනු ඇත.එසේ ඔබගේ උපාංගය හඳුනාගත් පසු Cydia ‍| 1.1.16 යන්න පමණක් select කොට ඊට පහළින් ඇති option එක deselect කරන්න(මෙමඟින් TaiG App Store එක අපගේ උපාංගයේ ස්ථාපණය වීම වැලකේ.)එවිට ලැබෙන popup එක X සළකුණ click කොට ඉවත් කරගන්න.
          iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]

          • ඉන් පසු ඊට පහළ ඇති කොළ පාට බටන් එක click කරන්න.එවිට circular progress bar එකක් සමඟ Jailbreak කිරීම ආරම්භ වේ.
          • මෙසේ jailbreak වී අවසන් වූ පසු ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.එසේ reboot වූ පසු ඔබට Cydia ඇප් එක දැක ගත හැකි අතර ඔබගේ ඇපල් උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ කොට Cydia ඇප් එක Open කර ගන්න.
          • එවිට Preparing file system ලෙස සටහන්ව Cydia ධාවනය වීමට අවශ්‍ය දත්ත ලබාගෙන සකස් වී අවසන් වූ පසු නැවත ඔබගේ ඇපල් උපාංගය Reboot වේ.ඉන් පසු නැවත Cydia ඇප් එක Open කර බලන්න.
          • දැන් ඔබගේ ඇපල් උපාංගය සාර්ථකව Untethered Jailbreak වී ඇත.
          මෙම ලිපිය ලියන මෙහොත වන විට මේ වන තෙක් මෙහි කිසිම bug එකක් වාර්තා වී නැති අතර ඔබට යම් ගැටලුවක් තිබේ නම් පහළින් Comment කරන්න.


           මෙය ඇපල් ගැන සිංහලෙන් අඩවියෙන් උපුටා ගන්නා ලදී . . .